Powered by Blogger.

දියණිය සමඟ ලබාදීමට පොරොන්දු වූ දෑවැද්ද ඉල්ලා සිය මාමණ්ඩියට පිහියෙන් ඇන ඔහුව මරා දැමූ බදුරලිය කපුගෙදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි බෑනා කෙනකු අත්අඩංගුවට ගැනීමට බුලත්සිංහල පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

බුලත්සිංහල දීයකඩුව පදිංචිව සිටි සුනිල් රණවක නමැති 49 හැවිරිදි තිදරු පියකු මෙසේ මරණයට පත්ව ඇත. මියගිය අයගේ වැඩිමහල් දියණිය සමඟ විවාහ වූ පුද්ගලයා දෑවැදි ඉල්ලා ආරවුලක් ඇති කරගෙන මාමණ්ඩියට නෑනාට සහ මස්සිනාට පසුගිය 19දා පිහියෙන් ඇන ඇති අතර බරපතළ තුවාල ලැබූ මොවුන් තිදෙනා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (20දා) රාත්‍රි සුනිල් රණසිංහ (49) නමැත්තා මරණයට පත්ව ඇත.

තුවාල ලත් තවත් දෙදෙනකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති. මතුගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා මේ පිළිබඳ
පරීක්ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය