Powered by Blogger.

කඩුවෙල - වදුරන්මුල්ල - නවගමුව මාර්ගයේ සමූපකාර මාවතේ පිහිටි වෙළඳසැලක හිමිකාරියගේ රන් මාලයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් සිදුකළ වෙඩි තැබීමකින් ඇයගේ දියණිය අද (26) තුවාල ලබා තිබෙනවා. දුම්වැටි මිලදී ගන්නා මුවාවෙන් පැමිණි සැකකරුවන් වෙළඳසැල් හිමිකාරියගේ රන්මාලය කඩාගෙන ඇති අතර එය දුටු ඇයගේ සැමියා සහ දියණිය අසළ පිහිටි නිවසේ සිට ඉදිරියට පැමිණ ඇති බව සදහන්. එම අවස්ථාවේදී කොල්ලකරුවන් ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර ඉන් දියණියගේ පාදයට තුවාල සිදුවුණා. ඇය මේ වනවිට හෝමාගම රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.  සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය