Powered by Blogger.

පිළියන්දල නිවුන්දම රජයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුගේ නිවසේ, සේවිකාවක (50) හාම්පුතාගේ ඇඳුම් ඇඳ පිරිමි වෙස්ගෙන නිවසක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. ගෙහිමියා බැහැරට ගිය අවස්ථාවේ මෙහෙකාරිය මිනිස්වෙස්ගෙන මුහුණද ආවරණය කරගෙන රුපියල් 15,000ක්ද රන් වළල්ලක් ද කොල්ලකා ඇතැයි ද සි.සී.ටීවී කැමරා ඇය අත්අඩංගුවට ගැනීමට ද උදවු බව පිළියන්දල පොලිසිය කියයි. අනුරාධපුරයේ පදිංචි මෙම මෙහෙකාරිය මෙම නිවසට පැමිණ මාස හත අටක් බව ද පොලිසිය කියයි. 

පුංචි දුව තාත්තාට රස්සාවක් හොයා දෙයි
දරු දැරියන් පිරිසක් සමග ඇමරිකානු ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට පැමිණි අවුරුදු 10 ක් වයසැති කුඩා දැරියක් රැකියාවක් නොමැති තම පියාට රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලමින් මිෂෙල් ඔබාමා ඉදිරියේ දුක කිවු පුවතක් ඇමරිකානු මාධ්‍ය වාර්තාකරයි. 
චර්ලොට් බෙල් නම්  එම දැරියගේ  පියා වන බෙන් බෙල්ට වසර තුනක සිට රැකියාවක් නොමැති බවත් බොහෝ අගහිගකම් මද දිවි ගෙවන තම පවුලේ උදවියට එයින් ගොඩ ආ හැක්කේ පියාට රැකියාවක් ලැබුනොතින් යැයි කුඩා දැරිය කියනා විට ඇයව ඉතා සෙනෙහසින් වැලදගත් මිෂෙල් ඔබාමා අගේ පියාට රැකියාවක් සොයා දීමට පොරොන්දු වූ බවත් දැරිය විසින් ගෙනැවිත් තිබු පියාගේ සුදුසුකම් ඇතුලත් රැකියා ඉල්ලුම් පත්‍රය එහිදී මිෂෙල් ඔබාමාට ලබා දුන් බවද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වෙස්ටන්, නවලෝක, හේමාස් සහ ලංකා හොස්පිට්ල් වකුගඩු ජාවාරමේ – ඉන්දීය පොලීසිය
වෙස්ටන්, නවලෝක, හේමාස් සහ ලංකා හොස්පිට්ල් වකුගඩු ජාවාරමේ – ඉන්දීය පොලීසිය වකුගඩු ජාවාරම් කරුවන්ට සහ වකුගඩු ලබා දෙන පුද්ගලයන්ට සෘජුවම මුදල් ගෙවන කොළඹ රෝහල් කිහිපයක ලැයිස්තුවක් ඉන්දීය හයිද්‍රාබාද් පොලිසිය විසින්  නිකුත් කර ඇත.
කොළඹ වෙස්ටන් රෝහල, නවලෝක රොහල, හේමාස් රෝහල සහ ලංකා හොස්පිට්ල් එම රෝහල් ලයිස්තුවට ඇතුලත්ව ඇති අතර එක් වකුගඩුවක් සඳහා ඩොලර් දෙදහස් පන්සියයක් ගෙවා ඇතැයිද එම වාර්තා පවසයි.
කෙසේ වෙතත් මෙම චෝදනා බැහැර කරන කොළඹ නවලෝක රොහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් සමරසිංහ මහතා පවසන්නේ ඉන්දීය පුවත් පත්වල වාර්තා වූ වකුගඩු ජාවාරමට නවලෝක රෝහලේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එසේ වුවද ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන් පරිත්‍යාග කරන වකුගඩු තම රෝහලේදී රෝගීන්ට බද්ධ කෙරෙන බව පිළිගන්නා ඔහු ඒවා නීත්‍යනුකූල සිදු කෙරෙන බවද සඳහන් කරයි.

අනවසරයෙන් ගොඩනැගිලි අල්ලා ගැනීම නරක වැඩක්
අනවසරයෙන් ගොඩනැගිලි අල්ලා ගැනීම නරක වැඩක් නැගෙනහිර යුක්රේනයේ විරෝධතාකරුවන් විසින් පරිපාලන ගොඩනැගිලි අත්පත් කරගෙන ඇත්තේ රජයේ, රාඩාවේ හෝ ගොඩනැගිලි අයිතිකරුවන්ගේ කිසිදු අවසයකින් නොමැතිව හෙයින් කියෙව්හි සිදුවූ සිදුවීම් සමග එය සංසන්දනය කළ නොහැකි බව ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ් පවසා තිබේ.
ඇයගේ තර්කයට අනුව අවසරයක් සහිතව ගොඩනැගිලි අල්ලා ගැනීම නිවැරදි වන අතර අවසරයක් නොමැතිව එසේ කිරීම වරදක් වේ.
කෙසේවෙතත් විචාරකයන් පවසන්නේ කියෙව්හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැති සමයේදීද මේ ආකාරයෙන්ම ගොඩනැගිලි අත්පත් කරගත්තේ කිසිදු අවසරයකින් තොරව බවයි.
මේ අතර මුහුණු ආවරණ පැළඳ, බර අවි රැගත් නැගෙනහිර යුක්රේන විරෝධතාකරුවන් මෙම රජයේ ගොඩනැගිලි වලට ඇතුළු වීමට කිසිදු නිරීක්ෂකයකුට හෝ මාධ්‍යවේදියකුට අවසර නොදෙන බවද සහකාර රාජ්‍ය ලේකම්වරිය විසින් පවසා තිබේ.
කෙසේවෙතත් කියෙව්හි සිදුවීම් ගලාගියේද මේ හා සමානවම බවත් පැවති පාලනය පෙරළා දැමීමට මැදිහත්වූ ලෙසම ජනතාව වත්මන් පාලනයට එරෙහිව සටන් වදිමින් ඇති බවත් දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.
වික්ටෝරියා නූලන්ඞ් චෝදනා කර ඇත්තේ රුසියාව විසින් ගිනි නිවා දමන්නකු සේ වෙස් වළාගනිමින් ගිනි දල්වන්නාගේ භූමිකාව ර`ගමින් ඇති බවයි.
එවැනි චෝදනාවක් කරන ඇය කියෙව්හි විරෝධතාකරුවන්ට රසකැවිලි බෙදා දෙමින් සිදුකළ රංගනය කුමක්දැයි ඇතැම් විචාරකයන් විමසා තිබේ.

කැසිනෝ ඕනෑමයි.. නැතොත් මම එන්නේ නෑ – ජෙම්ස් පැකර්
කැසිනෝ  ඕනෑමයි.. නැතොත් මම එන්නේ නෑ – ජෙම්ස් පැකර් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට කැසිනෝ පිහිටුවීම යන්න පැහැදිලිව ඇතුළත් නොකරන්නේ නම් තමන් ශ‍්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට ගත් තීරණය අවලංගු කරන බව  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන කැසිනෝ රජු ලෙස හදුන්වන ජේම්ස් පැකර් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ජේම්ස් පැකර් මෙරට ආයෝජන ප‍්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 400කට අධික දැවැන්ත ආයෝජනයක් ඒ වෙනුවෙන් මෙරට සිදු කිරීමට ගිවිසුමක් අස්සන් කර ඇත.
යෝජිත සුපිරි හෝටල් සංකීර්ණයේ කැසිනෝ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට 25දා සම්මත කරන ලද පනතෙහි කැසිනෝ යන්න සදහන් නොවේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම ජේම්ස් පැකර් තමන්ගේ නියෝජිතයෙකු හරහා ආණ්ඩුවට දැනුම්දී ඇත්තේ කැසිනෝ යන්න නිශ්චිතව සදහන් නොකරන්නේ නම් තමන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනය මෙරට ඇති නොකරන බවයි.

ඔළු බක්කන් හොල්මන් ගුහා තහනම්
ඔළු බක්කන් හොල්මන් ගුහා තහනම් එළැඹෙන වෙසක් උත්සව සමය තුල තුළදී ඔලූබක්කන් නැටීම,හොල්මන් ගුහා පවත්වාගෙන යෑමට සහ ශබ්ද විකාශන යන්ත‍්‍ර බලපත‍්‍ර නිකුත් නොකරන ලෙස සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
එසේම බුදුරුවට නිග‍්‍රහ වන අන්දමට හා බෞද්ධ කොඩිය විකෘති කිරීම් වලට ඉඩකඩ නොතබන ලෙසත් එවැනි දේ සිදු කරන්නන්ට එරෙහි නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
අනෙකුත් ආගම් වලට හානිවන අයුරින් කටයුතු කිරීම් වල ඉඩකඩ නොතබන්නේ යැයිද එවැනි දේ පිළිබදව දැඩි අවධානයෙන් සිටින ලෙසද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කීය.

කොළයක් රුපියල් අටක් වෙලා… බුලත් ගණන් ගිහින්
කොළයක් රුපියල් අටක් වෙලා… බුලත් ගණන් ගිහින් මේ දිනවල වෙළඳපලේ අසාමාන්‍ය ලෙස බුලත් මිල ඉහළ ගොස් ඇති අතර බුලත් වෙළඳුන් පවසන්නේ අපනයනය කරන බුලත් කොළ දහසක මිලද රුපියල් 6000 සිට 1200 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
බුලත් කොළ කුඩා ප‍්‍රමාණයේ සිට ලොකු කොළය දක්වා රුපියල් 2.00ක් රුපියල් 8.00 දක්වා අතර මිලකට ඉහළ ගොස් ඇත.
වියළි කාලගුණික තත්ත්වයත් සමග බුලත් නිෂ්පාදනය පහළ වැටීම නිසා බුලත් ගොවීන්ගේ අතමිට මේ දිනවල සරු වෙමින් පවතී.

ජාවාරමක පුරුකක් අල්ලයි....!

http://sinhala.adaderana.lk/news_images/484237966LL.jpg

ත්‍රීකුණාමලය ප්‍රදේශය මුල්කර ගනිමින් කලක් තිස්සේ ක්‍රියාත්මක වු කිඹුල් හූනන් විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. ඔවුන් විසින් ඊයේ රාත්‍රී චීන වරාය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ක්ෂණික මාර්ග බාධකයකදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කිඹුල් හූනන් 12ක් හා එම කිඹුල් හූනන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ත්‍රීකුණාමලය වනජීවි නිලධාරීන්ට බාරදී ඇත.

එහිදී අදාළ ත්‍රීරෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. සොයා ගත් කිඹුල් හූනන් අතර හුඹස් හූනන් 8 දෙනකු හා පුල්ලි හූනන් 4දෙනකු සිටින බවත්,මෙම හූනන් දෙවර්ගයම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික හූනන් බවත් වනජීවි නිලධාරීන් කියා සිටි. මෙම එක් කිඹුල් හූනෙකු සඳහා රුපියල් විසි දහසක පමණ මුදලක් කොළඹ සිටින ජාවාරම්කරු විසින් තමන්ට ගෙවන බව අත්අඩංගුවට පත් සැකකරුවන් කියා සිටි. කෙසේ වෙතත්,අදාළ ජාවාරම්කරු එක් හූනෙකු රුපියල් ලක්ෂ හතරත් හයත් අතර මුදලකට වෙනත් පාර්ශවයකට විකුණන බව වනජීවි නිලධාරීන්ගේ අදහසයි.සැකකරුවන් තිදෙනා අද දිනයේ ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව වනජීවි නිලධාරීන් කියා සිටියේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය