Powered by Blogger.

බුදුන් වහන්සේගේ රුව මුද්‍රණය කිරීම තහනම් කරන්න – අස්ගිරි නාහිමි බුදුන් වහන්සේගේ රුව මුද්‍රිත මාධ්‍යන්හි පල කිරිීම නරත කිරීමට පියවර ගන්නා ලෙස උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානාහිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
මහානායක හිමියන් එසේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳු පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දැකීමේදීය.
බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඇතැම් මුද්‍රිත මාධ්‍ය පුවත්පත්වල පත්තර පිටුවල මුද්‍රණය කර පළ කරන බවත්,එවැනි පත්තර පිටුවල මස් මාළු එතීම සහ ආපන ශාලාවල අතපිස දැමීම ආදී කටයුතු මෙන්ම මහමගද දැකිය හැකි බැවින් එම කටයුත්ත වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙෂ උන් වහන්සේ එහිදී කියා සිටියහ.
ඒ සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට සලකා බලන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ නාහිමියන්ට ප‍්‍රතිඥ දුන්නේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය