Powered by Blogger.

ජනපති සැමට ම සුබ පතයි
සංහිඳියාව ගොඩ නංවමින් ආසියාවේ ආශ්චර්යයේ කිරුළු පැළඳීම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දේ සැමගේ අධිෂ්ඨානය විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ,  බත බුලතින් පිරි නිල්ල පිරුණු ස්වයං පෝෂිත රටක් ගොඩනැගෙන අවධියක සිංහල හා දෙමළ අවුරුද්ද අප මහත් සතුටින් පිළිගන්නා බව ය.
මේ සිංහල අවුරුද්ද පිළිගන්නේ කෘෂිකර්මාන්තය මෙන් ම සෑම අංශයකම නිෂ්පාදනය ද සංවර්ධනයද දියුණු තියුණු කරන්නා වූ අවධියක ය.
රටක වේගවත් සංවර්ධනයක් සඳහා ජාතික සමගිය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
අවුරුදු සිරිත් විරිත් තුළ දිදුලන ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ සහජීවනය හා සංහිඳියාව යි.
පවුලක සංහිඳියාව, පවුලේ සීමාවෙන් බැහැරට ගෙන ගොස් ගම හා නගරය ඔස්සේ මුළු ‍දේශයේ ම වැපිරීම අවුරුදු උළලේ  ප්‍රමුඛතම ගුණාංගයක් බව ජනාධිපතිතුමා නිකුත් කල අවුරුදු පණිවුඩයේ සඳහන් ය.
මේ අතර යළි අපේ රට යහපත් ‍දේශයක් බවට පත්කරලීම සඳහා අප, අපගේ ම පුද්ගල මනස යහපත් හා නිවැරදි සිතුවිල්ලෙන් පුරවාලීමට මේ අලුත් අවුරුද්දේ අදිටන් කරගත යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ලැබූ අලුත් අවුරුද්ද වඩාත් අර්ථවත් කරගත හැක්කේ,  එවිට බව ය.
අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලේම පොදු අරමුණ යහගුණය පැතිරීම බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ,  පුද්ගල මනසින් අරඹා නිවස හා සමාජය හරහා මුලුමහත් දේශය ම යහගුණයෙන් සන්නද්ධ කරලී ම, එමගින් සිදුවන  බව ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය