Powered by Blogger.

මිටියාගොඩ, ගල්දුව පොත්තාවල පාර, පොදු ළිඳක් අසල තිබී ගෙල කපා ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් හමුවී ඇත.

ඝාතනයට ලක්වී ඇත්තේ 32 හැවිරිදි මිටියාගොඩ ප්‍රදේශයේම කාන්තාවකි.

ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය එකක්කය සඳහන් කෙළේය.

අනියම් සම්බන්දතාවයක් පිලිබඳ සැකයක් හේතුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසය වැඩි දුරටත් පවසයි.

සැකකාර සැමියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

වන අලි පහරින් තවත් ජිවිතයක් අහිමිවේ
 හෙට්ටිපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලියෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන් ජිවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ රාත්‍රී 7ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

සිරසෙ තුනම ගොඩ 
සිරස මාධ්‍ය ජාලයේ සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදීන් තිදෙනකු වූ සුසිල් කිඳෙල්පිටිය, එස්.එම්. මරික්කාර් හා සුසාර දිනාල් යන මහත්වරුන් තිදෙනාම බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කර බස්නාහිර පළාත් සභාවට තේරී පත්වී තිබේ.

බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ සුසිල් කිඳෙල්පිටිය මහතා මනාප 32,918ක් ලබාගනිමින් එම පක්‍ෂ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබිණි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ එස්.එම්. මරික්කාර් මහතාද 67,243ක මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්විය. මෙහි ඇති විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ ජේ‍යෂ්ඨ අපේක්‍ෂකයන් අභිභවමින් අපේක්‍ෂකයකු ලෙස ප්‍රථම වරට ඉදිරිපත්වූ මැතිවරණයේදීම ඒ මහතා දිස්ත්‍රික්කයේම ප්‍රථම ස්ථානයට පත්වීමය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ සුසාර දිනාල් මහතාද මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම ඡන්ද 37,598ක් ලබා මනාප ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ රැඳී සිටිමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්ව තිබේ.

පොලිස් පුටු 99ක් උසස් වෙයි - තවත් 24ක් පොරොත්තු ලේඛනයේ

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 2014.01.13 වන දින සිට කි‍්‍රයාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. එම උසස්වීම් පහත දක්වා ඇත.
පහත දැකවෙන නම් සඳහන් නිලධාරීන්ට අමතරව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 24 දෙනකු සහකාර පොලිස් අධිකාරි  තනතුරට උසස් කර ඇතත්, ඔවුන්ට විරුද්ධව ඇති විවිධ පරීක්‍ෂණ අවසන් වන තෙක් පොරොත්තු ලේඛනයට ඇතුලත් කර ඇති බව ද පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය