Powered by Blogger.

Robber1ගාල්ල නගරයේ වෙළෙඳ සැලකින් බඩු ගෙන මුදුල් නොදී පැන යන්නට තැත්කළ බැව් කියන තරුණයෙක් ගස් බැඳ සිටිය දී ගාල්ල පොලීසිය මගින් අඟහරුවාදා(29) දින සැන්දෑවේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ගාල්ල නගරයේ දංගෙදර සුපිරි වෙළෙඳ සැලකට පැමිණ තිබේ. ඉන් පසුව, මුදල් නොදී පැනයෑමට තැත්කරත් දී වෙළෙඳ සැල් හිමියා ඇතුළු ගෝලයෝ විසින් එම සැකකරු අල්ලා වෙළෙඳ සැලේ ගේට්ටුවේ බැඳ අදාල භාණ්ඩ තොගයද සමඟ එම ස්ථානයේ සිටිය දීම ගාල්ල පොලීසියට භාර දී ඇතැයි ගාල්ල පොලීසිය පවසයි.
ගාල්ල පොලීසිය මැදිහත්ව ඔහුගේ අත්පා බැඳ තිබු ලණු ඉවත් කර පොලීසියට රැගෙන ආ බව පොලීසිය පවසයි
. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වේ.Robber2සටහන හා ජායාරූප කමල් විජේහේවා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය