Powered by Blogger.

පි‍්‍රියතම කෑම පොල් සම්බෝල, කරවල හොදි සමඟ බත්.. උයන්නේ බිරිඳයි තමන්ගේ පි‍්‍රයතම කෑම පොල් සම්බෝල, කරවල හොදි සමඟ බත් යයි ඇමති විමල් වීවරංශ මහතා පවසයි.
සති අන්ත පුවත් පතක් හා අදහස් පලකරමින් ඔහු පවසන්නේ තම බිරිඳ විසින් සකසා දුන් මේ ප‍්‍රනීත ආහාර වේල තරම් රස ආහාරයක් කිසිදු තරු පහේ හෝටලයකින්වත් කෑමට ලැබී නැති බවයි.
මුලින්ම රට ගිහින් දවස් 10ක් විතර එක දිගට යුරෝපයේ කෑම කාලා ලංකාවට ආව දවසේ කරවල හොද්දකුයි, පොල් සම්බෝලයකුයි එක්ක බත් කෑවා. ඒක තමයි මට මතක ඇති කාලෙක කාපු රසම කෑම.
අපිට එක එක රටවලට යන්න වුණාම කැමති කෑම කන්න ලැබෙන්නෙ නැහැනේ. එහෙම ගියාම තමයි අපේ රටේ කෑමවල අගය දැනෙන්නේ.
මගේ බිරිඳ තමයි මේ ප‍්‍රනීත ආහාර වේල මට හදලා දුනනේ. තවමත් ඒ තරම් රස ආහාර වේලක් තරු පහේ හෝටලයකින්වත් කන්න ලැබිලා නෑ’ යයිද ඔහු එහිදී සඳහන් කර ඇත.
ඇමති වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ වන අතර ඔවුනට දරු දෙදෙනෙකි. පුත් විභූති වීරවංශ කොළඹ ආනන්ද විදුහලේ උසස් පෙල හදාරන අතර දියණිය විමාෂා කොළඹ විශාකා විදුහලේ 10 වන වසරේ ඉගෙනුම ලබයි.
 
 
චන්ද්‍රිකාට රාජයෝගයක්…
චන්ද්‍රිකාට රාජයෝගයක්… හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බලවත් රාජයෝගයක් උදා වී ඇතැයි ඇයගේ ජ්‍යෙතිෂවේදීන් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.
මෙම අනාවැකිය ඇය විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුටම පවසා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින්නේ නම් ඔවුන්ගේ සහාය ලබා දීමටද සාකච්චා වී තිබේ.
ආරංචා මාර්ග පවසන්නේ ලබන නොවැම්බරයේ ඇය යළිත් ප‍්‍රසිද්ධ දේශපාලනයට අවතීරණ වීමට තීරණය කර ඇති බවයි.
 

අලියාවැටුණු වැවෙන් ගව ඝාතකාගාරයක් වටලයි

අනුරාධපුර, අලියාවැටුණු වැව රක්ෂිතයේ නිති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වැටලීමට අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

එම ස්ථානයේ තිබි ඝාතනය කරන ලද ගවයින් හය දෙනෙකුගේ මස් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු ලොරි රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම ගවමස් තොගය කොළඹට ප්‍රවාහනය කිරිම සඳහා සූදනම් කර තිබු බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත.

අදාළ ගව ඝාතකාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයින් සහ ලොරි රථයේ රියදුරු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ
 

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සතියක්

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරිමේ සතියක් ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

මේ වන විට විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන අතර එමගින් පරිසරයට මෙන්ම මිනිසාගේ සෞඛ්‍යට ද බලපෑම් එල්ල වී ඇති බව එම අධිකාරිය පවසයි.

මෙම හේතූන් මත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරිමේ සතියක් ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහ පිළිසරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අජිත් විතානගේ මහතා සඳහන් කළේය
 
ඇපල් අයිෆෝන් අලෙවිය ඉහළට – අයිපෑඞ් පහළට
ඇපල් අයිෆෝන් අලෙවිය ඉහළට – අයිපෑඞ් පහළට මේ වසරේ පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 10.2ක ආදායමක් වාර්තා කිරීමට ඇපල් සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ.  මෙම කාලසීමාව තුළදී අයි ෆෝන් අලෙවිය පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂව මිලියන 43.7කින් ඉහළ ගොස් ඇති අතර එය 17%ක වර්ධනයකි.
මේ වසරේදී සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා බවට පත්වීමට නියමිතව ඇති ලූකා මෙස්ත‍්‍රි පවසා ඇත්තේ චීනය, ඇමරිකාව, බටහිර යුරෝපය සහ ජපානයේ ඇති ඉහළ ඉල්ලූම නිසා මෙම වර්ධනය අත්පත් කරගැනීමට සමත්වූ බවයි.  මේ අතරවාරයේදී ඇපල් අයි පෑඞ් ටැබ්ලට් පරිඝනකයේ අලෙවිය 16%කින් අඩුවී තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් සමාගමේ ආදායම් ඉහළ යාම සමග කොටස් හිමියන්ගෙන් කොටස් යළි මිලදී ගැනීම සඳහා අමතර ඩොලර් බිලියන 30 මුදලක් ආයෝජනය කිරීමට ඇපල් විසින් තීරණය කර ඇති අතර කාර්තුවක් සඳහා ලාභාංශයද 8%කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පැවසේ.
ලබන ජුනි මසදී කොටස් 7ට එකක් ලෙස අලෙවි කිරීමටද තීන්දු කර ඇතැයි වාර්තා වේ.  2011 ඔක්තෝබර් මසදී ඇපල්හි නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් මියගිය පසු සමාගමේ ඇති ආකර්ෂණීය භාවය බිඳ වැටෙනු ඇතැයි ඇතැමුන් විසින් මත පළ කළද ඇපල් හි ආදායම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 45.6 දක්වා 5%කින් ඉහළ යාම සමග එවැනි සැක සංකා පහව ගොස් ඇතැයිද සැලකේ.
මේ වසරේදී අයි වොච් සහ ඇපල් ටීවීහි නව මාදිලියක් වෙළඳපොළට එනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර වත්මන් ප‍්‍රධාන විධායක ටිම් කුක් පවසා ඇත්තේ නව නිර්මාණයන් හඳුන්වා දිය හැක්කේද ඇපල් හට පමණක් බවයි.
 
ඇමරිකාවේ ක්‍රෙඩිට් කාඞ් පොළිය ඉහලට
ඇමරිකාවේ ක්‍රෙඩිට් කාඞ් පොළිය ඉහලට ඇමරිකාවේ ක්‍රෙඩිට් කාඞ් සමාගම් විසින් අය කරන පොළි අනුපාතිකය වසරක් තුළ 2.12%කින් වර්ධනය වී ඇතැයි වාර්තා වේ.  මේ බව හෙළි කර ඇත්තේ ක්‍රෙඩිට් කාඞ් සේවා සංසන්දනය කරන කාඞ් හබ් නම් වෙබ් අඩවියක් විසිනි.
මේ අනුව ක්‍රෙඩිට් කාඞ් සමාගම් විසින් අය කරන සාමාන්‍ය පොළි අනුපාතිකය 21%ක අගයක් බවට පත්ව තිබේ.  මේ අතර කාඞ් පත් වලින් මුදල් ලබාගැනීම් සඳහා ගාස්තුවද ඩොලර් 12.31 දක්වා 10%කින් ඉහළ නංවා ඇතැයි පැවසේ.
පොළි අනුපාතිකය ඉහළ යන අතරවාරයේදී පොළි රහිත ආරම්භක කාලසීමාව 2013 වසර තුළ 10%කින් ඉහළ නැග ඇති අතර ප‍්‍රසාද දීමනා ලබාදීම්ද 15%කින් වැඩිවී ඇත.  මේ අනුව ක්‍රෙඩිට් කාඞ් සමාගම් විසින් ලබාදෙන ආකර්ෂණීය දීමනා ආදිය වැඩි කරමින් පාරිභෝගිකයාගෙන් අයකරන පොළිය වැඩිකර ඇති බව විචාරකයන් පවසති.
කාඞ් හබ්හි ප‍්‍රධාන විධායක නිලධාරී ඔඩිසියස් පැපඩිමිටි‍්‍රයු පවසා ඇත්තේ පාරිභෝගිකයන් වැඩි අවධානයක් දක්වන්නේ ආරම්භක ගාස්තු පිළිබඳව බව ක්‍රෙඩිට් කාඞ් සමාගම් විසින් හඳුනාගෙන ඇති බවයි.
ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පාරිභෝගිකයන්ගේ සැලකීමක් නොමැති බවද ඔහු පවසා තිබේ.  මේ අතර ඇතැමෙක් පවසා ඇත්තේ 2008 ආර්ථික අර්බුදය පැමිණෙන අවස්ථවට සමාන තත්වයක් හටගෙන ඇති බවයි.
ඒ අවස්ථාවේදී සමාගම් විසින් ලබාදෙමින් තිබූ සහන දීමනා කප්පාදු කරන විටද පාරිභෝගිකයා ඉහළ පොළි සහිත දැවැන්ත ණය ප‍්‍රමාණයක උරුමකරුවෙකු වී සිටි බව පැවසේ.
 
මීගමුව චිකාගෝවක් කිරීමට ඉඩ දෙන්න බෑ – ඇමති නිමල් ලන්සා
මීගමුව චිකාගෝවක් කිරීමට ඉඩ දෙන්න බෑ – ඇමති නිමල් ලන්සා මීගමුව නගරය චිකාගෝවක් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඉදිරියට මෙහෙමු වණොත් ගෙදරවත් ඉන්න බැරිවනු ඇති බවත් බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිලන් ලාන්සා මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ මීගමුව නගරයේ වරින්වර කොල්ල කෑම් සිදුවීම හේතුවෙන් ඒ සදහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සැලසුම් කිරීමට මීගමුව පොලිස් ස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවති සාකච්ජාවේදීය.
එහිදී නිමල් ලාන්සා මහතා මෙසේ පැවසීය.
‘දෙනෝදහක් බලා සිටියදී යතුරුපැදිවලින් මුහුණු ආවරණය කරගෙන ආපු හයදෙනෙක් මෙහෙම කොල්ලකෑවේ කොහොමදැයි පුදුමයක්. මේකට අනිවාර්යයෙන්ම මීගමුවේ කෙනෙකු සිටිය යුතුයි.  නැතිනම් මෙය කරන්න බැහැ.  අද පොල් හොරකම් කරපු පොඩි හොරෙකුගේ නඩු දිගට යනවා. එහෙත් විදේශ මුදල් සොරකම් කරපු  කෙනෙක්ගේ නඩු කෙටි කාලයකින් ඉවර වෙලා. මේකයි තත්ත්වය. ජුවෙල් ලංකා සිද්ධියේදී මමත් අපහසුතාවයට පත්වුණා. හොරු අපේ පැත්තට ඇගිල්ල දිගු කරන්න පටන් ගත්තා.  හොරකම් කරලා අත්අඩංගුවට පත්වුණාට පස්සේ දේශපාලන වුවමනාවකට අත්අඩංගුවට  පත් වුණා කියාලා.  මීගමුව චිකාගෝවක් කිරීමට ඉඩ දෙන්න බෑ. මෙහෙම ගියොත් අපිට ගෙදරක ඉන්න බැරිවෙයි. ගෙවල්වලට පැනලා කොල්ල කයි’
 
දඹුල්ලේ එළවළු තොග පිටින් විසි කරති
දඹුල්ලේ එළවළු තොග පිටින් විසි කරති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී නිසි මිලකට අලෙවිකර ගත නොහැකි වන එළවළු තොග පිටින් මේ දිනවල ඉවත දමමින් තිබේ.
එසේ ඉවත දමන එළවළු ඇතැම් පුද්ගලයන් විසින් තොග රැගෙන ගොස් යළි පිරිසිදු කර පදික වේදිකාවේ හා සති පොළ වල විකිණීමටද පුරුදුව සිටිති.
උත්සව සමයෙන් පසු දඹුල්ල වෙළද පොළට පැමිණෙන පිට පළාත් වල වෙළදුන් සංඛ්‍යාව අඩු වී ඇති බවත් ඒ නිසා එළවළු වලට පවතින ඉල්ලූම පහත වැටී ඇති බවත් බොහෝ එළවළු වර්ගයන් කිලෝවක තොගමිල රුපියල් 5-50ත් අතර පවතින බවත් ආර්ථික මධ්‍යස්ථාන ආරංචා මාර්ග කියයි.
 
ප්‍රාථමික අධ්‍යාපනයෙන් අපි ලංකාවෙන්ම පළමු තැන
ප්‍රාථමික අධ්‍යාපනයෙන් අපි ලංකාවෙන්ම පළමු තැන පළාත් නමයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා ප්‍රාථමික අධ්‍යාපනය තුලින් අප වයඹ පළා‍ත ලංකාවෙන්ම පළමු තැන ඉන්නවා. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය හා සැසදීමේදී අපි කොළඹ, බස්නාහිර අධ්‍යාපන කළාපයට වඩා දශම 4 කින් දෙවන තැන පසුවෙනවා.
කියන්න කණගාටු අපේ උසස් පෙළ අධ්‍යාපන මට්ටම ගැනයි. අපේ උසස් පෙළ අධ්‍යපන මට්ටම ගත්තාම අපි නවවන ස්ථානයේ පසුවෙන්නේ.
ඉදිරියේදී මේ දුර්වලතා සියල්ල උපරිමයෙන් මගහැරගෙන සියළු අධ්‍යාපන මට්ටම් වලින් වයඹ පළාත ලංකාවේ පළමු තැනට ගේනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
වයඹ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකු ආධාර මත හා පළාත් සභා අරමුදල් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ ඉදිවූ ලුණුවිල, කටුකෙන්ද, වෑකඩ යන ප්‍රදේශවල පාසල් 03 ක ගොඩනැගිලි සිසු අයිතියට පැවරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය