Powered by Blogger.

මඩකළපුව, ඉරිදියපුරම් ප්‍රදේශයේ දි තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

නිවසේ කැපුම් තුවාල සහිතව ඇඳ වැටි සිටි අදාළ කාන්තාව මඩකලපුව රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටිය දි මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය කාන්තාව මඩකලපුව, ඉරිදියපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ දියණියගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාවගේ දියණියට අනියම් සබඳතාවක් සඳහා උදව් කළ බවට ඇති වු සැකයක් මත ඇයගේ බෑණා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලිසිය පැවසුවේය

20-20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවටයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගන්නා ලදී.

ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය

පන්දු වාර 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව යළි ත් පෙරමුණට
පන්දු වාර 20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය යළි ත් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ඉන්දියාව පළමු ස්ථානයට පැමිණි අතර ඊයේ ලෝක කුසලානය දිනා ගැනීම ත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ස්ථානය හිමිව ඇත.
ශ්‍රී ලංකාවට හිමිව ඇති මුළු ලකුණු සංඛ්‍යාව 133කි.
අනෙක් කණ්ඩායම්වල ස්ථානයන්හි වෙනසක් සිදුව නොමැත.
සියලුම කණ්ඩායම්වල ශ්‍රේණිගත කිරීම් පහත දැක්වේ.
WT20 Ranking 



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය