Powered by Blogger.

Mathara2
මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට බ්‍රහස්පතින්දා (24) උදේ විසි කරන ලද දැරියන් දෙදෙනා මේ වනවිට සුවය ලබමින් මාතර රෝහලේ හෙදියන්ගේ සහ සා
Mathara3ත්තු සේවිකාවන්ගේ අතින් අතට හුරතල් වෙමින් සිටිති. දැරියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා දිනූෂිට වයස අවුරුදු තුනකි.ඇගේ නැගණිය වන විහන්දිකා කාවින්දි දියණියගේ වයස අවුරුදු එකහමාරකි.
මෙම දැරියන් දෙදෙනා රැගෙන පැමිණි පුද්ගලයා මහානාම පාලම මත සිට අඩි තිස් පහක් පමණ පහළින් ගලා යන නිල්වලා ගඟට දැරියන් දෙදෙනා විසිකර තිබේ. නිල්වලා ගඟ මිනිමරු කිඹුලන්ගේ රජදහනකි. මෙම අපරාධය නිල්වලා ගඟ අසලම පිහිටි 3 වැනි ගැමුණු හේවා බලකායේ නිලධාරීන්ට දැන ගන්නට ලැබුණ ඇසිල්ලේ හමුදා සෙබලුන් කීප දෙනෙක් ගඟට පැන පිහිනා ගොස් දැරියන් දෙදෙනාගේ ජීවිත ගලවා ගෙන තිබේ. මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වහා ප්‍රතිකාර ලබා දී ඔවුන්ගේ ජීවිත බේරා ගන්නට රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමත් විය.
මාතර පොලිස් නිලධාරින් පවසන්නේ මෙම දරුවන් දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ කරන බවත්ය. ඔවුන්ගේ පියා බාබර් සාප්පුවක් පවත්වා ගෙන ගිය බවට තොර
Mathara4තුරු ලැබී ඇත. එහෙත් දරුවන්ගේ පවුල පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය කියයි.
“ අම්මා සමග රණ්ඩු වී තාත්තා තමන් හා නංගී රැගෙන පැමිණි බව” චතුරිකා දිනූෂි දැරිය පොලිසියට පව
සා ඇත.
මෙම පුද්ගලයා දරු දෙදෙනා ගඟට විසි කළ අවස්ථාවේ එතැන සිදු වූ සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් සොයා ගැනීමට මාතර පොලි
සිය පරීක්ෂණ පවත්වයි.











බුදුරුව පච්ච කෙටුවාට පිටුවහල් කිරීම හොඳ මදි

- ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක

Piyananda-Himiආගමික සංකේත සිය ශරීරයේ පච්ච කොටාගෙන පැමිණි විදේශිකයන් පිටුවහල් කිරීමට වඩා ඔවුන්ට බුදුදහම පිළිබඳ තව තවත් අවබෝධකර දීමේ වැඩ පිළිවලක් ඇරඹීම වටින්නේ යැයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ධර්ම විජය විහාරාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ කියති.
එසේ බුදුරුව පමණක් නොව වෙනත් වෙනත් ආගමික සංකේත, පාවහන්, හා වෙනත් නුසුදුසු ස්ථානයන්හි සටහන් කර ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ නමුත් බෞද්ධ දර්ශනයට දිනෙන් දින නැඹුරුවන විදේශිකයන් ඊට අදාළ පින්තූර ආදිය සිරුරේ වැදගත් ස්ථානවල පච්ච කොටා ගැනීමෙන් අදහස් කරන්නේ දහම කෙරෙහි ඇති ගෞරවය ප්‍රකාශ කිරීමක් යැයි උන්වහන්සේ පවසති.
ඒ නිසා දහමට අගෞරවවන ස්ථානයන්හි නොවන ආකාරයට පච්ච කොටා ගෙන පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීමට වඩා ඔවුන්ට දහම ගැන තව තවත් අවබෝධ කරලීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. එසේම තායිලන්තයේ බහුතර භික්ෂූන් වහන්සේලා සිය ශරීර මත බුද්ධරූපය පච්ච කොටාගෙන ඇත්තේ ගෞරවයට මිස ‍අගෞරවයට නොවේ යැයිද පියනන්ද නාහිමියෝ අවධාරණය කරති.

සන්සිල්ක් හැඩකාරී වෙතින් මනාලියකට සුවිශේෂී තිළිණයක්

Suncilkයුනිලීවර් සමාගමේ ප්‍රමුඛතම හිසකේ සත්කාරක නිෂ්පාදන සන්නාමය වන සන්සිල්ක් නිල ක්ෙෂලාවණ්‍ය සත්කාරක සහකරු ලෙසින් “විවාහ 250” මනාලියන් දැක්ම සමගින් එක් විය.  එහි එක් අදියරක් ලෙසින් ප්‍රදර්ශනය සමගින් එක් වූ වාසනාවන්ත තරුණියකට සිය මංගල දිනයේ දී නොමිලයේ රමණී ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයෙන් මනාලියක් ලෙසන් සැරසීමේ අවස්ථාව උදාකර දීමට සන්සිල්ක් කටයුතු කළේය. ලබන දෙසැම්බර් මාසයේ දී විවාහ දිවියට එළැඹීමට පෙරුම් පුරමින් සිටින ජා-ඇල ප්‍රදේශයේ පදිංචි ශාන්තිනි ප්‍රනාන්දු එම සුවිශේෂි ත්‍යාගයේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය තමන් වෙත ලැබුණු මෙම සුවිශේෂි  අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළාය.
 “තරගයෙන් මා ජයග්‍රහණය කර ඇති බව අසන්නට ලැබුණු අවස්ථාවේ සැබවින්ම මා පුදුමයට පත් වුණා. සුප්‍රකට රූපලාවණ්‍යගරයකින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියන් අතින් මගේ මංගල දිනයේ මනාලියක් ලෙසින් හැඩ වැඩ වීමේ අවස්ථාව දැන් මට උදා වී තිබෙනවා. එය මට සැබවින්ම අදහා ගැනීමට නොහැකි තරම්. මට මෙම අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් මා සන්සිල්ක් වෙත මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා.”

මාතලේ කඩ දෙකක් පිපිරි පිපිරී ගිනි ගනී
මාතලේ නගරයේ ගොන්ගාවෙල වෙලදසැල් දෙකක් බ්‍රහස්පතින්දා (24) උදැසන 8.20 ට පමණ  ගිනි ගෙන විනාශවූ  බව   මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. වෙළදසැලක තිබු  රතිඤ්ඥා ගබඩාවක් දක්වා ගින්න පැතිර යාම නිසා විශාල පිපිරුම් හඩක් සමග වෙළදසැල මුලුමනින්ම දැවි විනාශ විය. මාතලේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසින්ගේ සහ  මාතලේ මුලස්ථන පොලීසියේ සහාය ඇතිව  ගින්න මැඩ පවත්වා පැතිර පාලනය කිරීමට කටයුතු කලේය. ගිනි ගැනීමට හේතුව හෝ  සිදුව ඇති අලාභය පිළිබදව මෙතෙක් ගනනය කර නොමැති  බව පොලිස් ප්‍රකාශකයෙකු පැවසීය.
Mathale-fire1Mathale-fire2

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය