Powered by Blogger.


අංකටුස්සා (Horned Lizard)

 
බේකස් ඇල්ල
 
බේකර්ස් ඇල්ල පහළට ගලායාම:
මේ තැන්න හරහා ගලායන බෙලිහුල් ඔය තැන්නේ දකුණු දෙසින් පිහිටා ඇති විශාල ගල්පර්වතයක් මතින් ගලායමින් මීටර් 20ක් පමණ පහළට ඇදහැලෙමින් නිර්මාණය වී ඇති බේකර්ස් ඇල්ල තවතවත් ඉදිරියට ලංකාවේ දකුණු වෙරළ තීරය දෙසට ගලායයි. ඒ වලවේ ගඟයි. කි.මී. 137 දිගැති වලවේ ගංගාව අම්බලන්තොටදී ඉන්දියන් සාගරයට එක්වෙයි. වලවේ ගඟ හරහා ‘උඩවලව’ නම් ස්ථානයේ දිග (සැ.2 1/2) වේල්ලක් බැඳීමෙන් නිර්මාණය වී ඇති උඩවලව වාරිමාර්ග ජලාශයේ ආසන්න ජලාධාර ප‍්‍රදේශය 1972 වසරේ සිට ජාතික වනෝද්‍යානයක් බවට පත්විය.
 


කුඩා ලෝකාන්තය සහ මහලෝකාන්තය (World's End)

මේ වූ කලී හෝටන් තැන්නේ දකුණු සීමාවේ පිහිටා ඇති දැඩි අගාධ සහිත මුදුන් ස්ථාන දෙකකි. කුඩා ලෝකාන්තය මුදුනේ සිට පහත ප‍්‍රපාතය මීටර් 274 වන අතර මහ ලෝකාන්තය මුදුනේ සිට ප‍්‍රපාතය මීටර් 884කි. හෝටන්තැන්නට යන බොහෝ සංචාරකයෝ ලෝකාන්ත දෙක නැරඹීමට අමතක නොකරති. අහස පැහැදිලි දිනවලදී මහලෝකාන්තයේ සිට ලංකාවේ දකුණු දිග වෙරළ තීරය දෙසට නෙත් යොමු කිරීමේදී ඈත මුහුදුකරය, උඩවලව ජලාශය චන්‍ද්‍රිකා වැව, සමනළ වැව ව්‍යාපාරය දර්ශනය වෙයි.
යාල, විල්පත්තු, උඩවලව වස්ගමුව ජාතික උද්‍යානවල ආකර්ෂණය අලි, කොටි, වලසුන්, මුවන්, කිඹුලන් ආදී සතුන්ය. හෝටන්තැන්න උද්‍යානයේ පවතිනුයේ ඊට හාත්පසින් වෙනස්වූ ශීතල දේශගුණයකින් යුත් දර්ශණීය වන ආවරණයක් සහිත භූමියකි. මෙම නිසල පරිසරයට පිවිසෙන සංචාරකයින්ගේ සිත්සතන් වලට ලබාදෙන සතුට හා විවේකී භාවය වචනයෙන් විස්තර කළ නොහැක.
 


 


ලෝකාන්ත සහ බේකර්ස්ඇල්ල ගමන්මග දෙපස පරිසරය

හෝටන්තැන්න නැරඹීමට පැමිණෙන සංචාරකයන් තම වාහන උද්‍යාන කාර්යාලයට නුදුරින් ඇති රථගාලේ නතර කළ යුතු අතර ඉන් ඔබ්බට යායුත්තේ පාගමනිනි. පා ගමන ආරම්භ කිරීමට වඩා සුදුසු උදේ පාන්දරය. එබැවින් උදය ආහාරය, බීමට උණු තේ පැන් සහ ජලය රැගෙන යාම නුවණට හුරුය. උද්‍යාන කාර්යාලයේ සිට ප‍්‍රධාන ස්ථානයන්ට දුර: කුඩා ලෝකාන්තයට x කි. මීටර් (2 1/2) දෙකහමාරක එතැන් සිට මහා ලෝකාන්තයට කි.මීටර් (4 1/2) හතරහමාරකි.
මහලෝකාන්තය සිට බේකර්ස්ඇල්ලට කි.මීටර් (01) එකක් වන අතර, බේකර්ස් ඇල්ල සිට උද්‍යාන කාර්යාලයට කි.මී. (02) දෙකකි. සම්පූර්ණ දුර කි.මී. (10) පමණ වන අතර වැඩි කලබලයකින් තොරව යන්නේ නම් ගතවනුයේ සම්පූර්ණ ගමනට පැය තුනක් හෝ 3 1/2 පමණ කාලයකි.
ගමන ආරම්භයේදීම දක්නට ලැබෙන රතුපාලම යටින් ගලායනුයේ බෙලිහුල් ඔයයි. ඒ වලවේ ගඟ ආරම්භයයි. මෝසම් වැසි කාලයේදී එම පාලම උඩින්ද ජල කඳ ගලායයි. මුල් යුගයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් පවත්වාගෙන යන ලද සිලොන් ෆිෂිං ක්ලබ් විසින් ආනයන කොට හෝටන්තැන්නේ සහ නුවරඑළිය දිය පහර වලට මුදාහරින ට‍්‍රවුඞ් මාළු විශේෂ 02න් දේදුනු ට‍්‍රවුට් මාළු විශේෂය (=salmo gairdneri) බෙලිහුල්ඔය වාසභූමි කරගෙන සිටිති. මාළු බිලී බෑම සහ දඩයම විනෝදාංශය කරගෙන සිටි බි‍්‍රතාන්‍ය සුදු ජාතිකයන් ඉහත කී මාළු විශේෂයට අමතරව දුඹුරු ට‍්‍රව්ට් මාළු විශේෂය හෝටන්තැන්න සහ නුවරඑළිය ආශ‍්‍රිත ජල පහර  (Streams)  වලට මුදාහැර බෝකරන ලදි. එම වකවානුවේදී ට‍්‍රව්ට් මාළු බිලීබෑම සඳහා ෆිෂිං ක්ලබ් විසින් බලපත‍්‍ර දෙන ලදි. මෑතක් වනතුරු ‘බෙලිහුල්’ ඔයේ (හෝටන් තැන්නේ) මාළු බෑමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවද බලපත‍්‍ර නිකුත් කළ නමුත් අතිරික්ත පරිහරණය නිසා දැනට අත්හිටුවා තිබේ.
ගමන් මගේ ඉදිරියට යනවිටදී මග ඉදිරියෙන් කිරිගල්පොත්ත තොටුපොළ කන්ද සහ අග‍්‍රාබෝපත් කඳුමුදුන් දිස්වෙයි. කිරිගල්පොත්තට යන අඩිපාර අග‍්‍රා බෝපත් කඳු යායපාමුලින් වැටී ඇත. ඉදිරියට
ගොස් ගල් පොත්තක් මත වාඩිවී අවට සිරිනරඹන ඔබට වන ආවරණයේ විවිධ ගස් විශේෂ සහ ස්ථිර (Canopy of the forest)  දැකිය හැකිය. උසැතිම ගස්වන කීන හඳුනාගැනීමට අපහසු නැත. වියලි උස්බිමෙහි එක් ස්ථරයක්ද, දියපහර ඇලමාර්ග දෙපසද තවත් ස්ථරයක් නිරීක්‍ෂණය කළ හැකිය.
තවත් ඉදිරියට යාමේදී කුඩා ලෝකාන්තය හමුවෙයි. බොහෝ සංචාරක මෙහිදී ගමන් විඩාව නිසා ගල්උඩ වාඩිවී උදය ආහාරය ගනිති. මොහොතින් මොහොත වෙනස්වන කාලගුණයේ රසය විඳිති. ඇතැම් විට පහතින් හමායන වලාකුළු සෙනඟ අතරින් යයි. රන්ටැඹේ (රන්දෙනිගල) මගේ කාර්යාලයේ රාජකාරි දින 2ට අමතක කොට මසකට වරක් කාර්ය මණ්ඩල අධීක්‍ෂණය සඳහා එහි යාම මගේ රාජකාරියේ අංගයක්ව පැවතින. දිනක් මගේ චිත‍්‍ර පාසල් ගුරුමහතෙකු සමග කුඩා ලෝකාන්තයට ගොස් පරිසරය ගැන ඔහු දැනුවත් කරමින් සිටියෙමි. සංරක්‍ෂණ අධ්‍යාපනය ක‍්‍රියාවට නැංවීම සෑම වන ජීවී නිලධාරියෙකුගේම වගකීමකි. එබැවින් මට නුදුරින් බිම වාඩි වී සිටි පාසල් දරු දැරියන් කණ්ඩායම අසලට ගොස් ඔවුනට මම කතා කලෙමි. මගේ දකුණු අත දඹරැුගිල්ල කුඩා ලෝකාන්තය සිට ඈතට දිගු කරමින් ඔවුන් දැනුම්වත් කරමින් ‘‘දරුවනේ අර ඈතින් පෙනෙන්නේ උඩවලව ජලාශයේ කොටසක් ඊට පෙර දකින්ට තිබෙන්නෙ ‘‘ගොම්මොලි’’ කන්ද චන්ද්‍රිකා වැව පෙනෙන්නෙ මහලෝකාන්තයට ගියාම’’
‘‘සර්.. අර පෙනෙන මල් සහ ගස් මොනවද’’ දරුවෙක් මගෙන් විමසීය. ‘‘ඔය දම්පාට මල් ‘‘හීන්බෝවිටියා’’, රෝසපාට මල් කූඩලූ ඈතින් පෙනෙන රතු මල් ‘‘මහරත්මල්, ඇල දිගේ ඔබලා දුටුවා කුරු උණ ගස් (Dwarf Bamboo) ඔයාලා පසුකරපු පාර දෙපැත්තේ දකින්න ඇති ‘‘ගිනිහොට’’ සහ විශාල මීමන ශාඛ..’’
මේ අතර පෙමින් වෙලෙන තරුණ ජෝඩු මා කියන දේවල් ගණනකට නොගෙන ඔවුනොවුන් පෙම්බස් දොඩති. මෙය දුටු මම මගේ දේශනය නතර කළෙමි. ‘‘මේ අයට මොන
ගිනිහොටද? මීමන ශාඛද?’’ මම සිතින් සිතා ගතිමි. ‘‘ඇයි සර් කථාව නතර කළේ’’ එක්වරම දරුවෝ දෙදෙනෙක් මගෙන් විමසූහ.
‘‘මම මොනව කියන්නද? දරුවනේ මම පත‍්‍රිකා මිටියක් ගෙනැවිත් තිබෙනවා. මුලූ හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ජෛව විවිධත්වය සාරාංශ ගතකොට එම පත‍්‍රිකාවේ මා පෙන්වා දී තිබෙනවා. අවශ්‍ය අය ඇවිත් මගෙන් ඉල්ලාගන්න. ඔයාලට මහලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල නැරඹීමට යන්න තිබෙන නිසා ප‍්‍රමාද නොවී ඉන්න තැන්වලින් නැගිටලා ඇවිත් මේවා ගන්න. පුදුමය නම් පෙරකී පෙමින් වෙළී සිටි ජෝඩු පැනගෙන ඇවිත් මුලින්ම එම පත‍්‍රිකා මගෙන් ඉල්ලා ගැනීමය.
 
‘චිමිනි’ පොකුණ

 

හෝටන්තැන්නේ අනාගතය
අතිශය පාරිසරික හා විනෝදාත්මක වටිනාකමකින් යුත් හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අනාගත ආරක්‍ෂාව රඳා පවතින්නේ අද දවසේ ජීවත්වන අප අතේය. උද්‍යානයට එරෙහිව පවතින තර්ජන රැුසකි. හෝටන්තැන්න යාබද පවතින තේවතුවල කම්කරුවෝ කම්බි - මරඋගුල් යොදා ගෝනුන් මරාගෙන මස් කති. මායිමට යාබද ස්ථානවල නීතිවිරෝධී මැණික් ගරන්නන් අප විසින් වටලා අත්අඩංගුවට ගෙන තිබේ. එක් අවස්ථාවක හෝටන්තැන්න පහළ අලගොවිපළට පැමිණි ධනවත් පිරිසක් ගෝනකු මරා මස් කොළඹට ප‍්‍රවාහනය කළ පසුද වනජීවි නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදහ.
උද්‍යාන මායිමට පිටතින් ඇත්තේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරය බැවින් අනවසර ඉඩම් අල්ලාගැනීම වාර්තා වී නැත.
මේ අතර උද්‍යානයේ ගෝනුන් ගහනය සීඝ‍්‍රයෙන් වැඩිවන බව සහ තැන තැනින් තැන විශාල ගස් මිය යමින් :ත්‍දරුිඑ ෘසැ ඊ්ජන* පවතින බවද නිරීක්‍ෂණය කොට තිබේ. මේ සියලූ කරුණු වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව ඇත. අවුරුදු පතා නැතත් ඇතැම් මාස වලදී (ජනවාරි සිට අප‍්‍රියෙල්* හෝටන් තැන්නේ මුළු තණ බිස්සම ගිනිගනී. සමහර අසංවර තරුණයන් හිතාමතාම ගිනිකූරු දල්වා ගිනිතබන අතර දුම්පානය කරන දුෂ්ටයින් විසින් ඉවතලන දැල්වී අවසන් නොවූ ‘සිගරට්’ කොට මගින්ද එම විනාශය සිදුවෙයි.
 


අමතර තොරතුරු:-
වැඩිමනන් තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන ඇමතීමෙන් ලබාගත හැකිය.
052 3539042 - හෝටන්තැන්න උද්‍යාන කාර්යාලය.
011 2888585 - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.
මෙම ලිපිය සැකසීමේදී නන් අයුරින් මා හට උපකාර කළ හෝටන්තැන්නේ හිටපු උද්‍යාන භාරකරු වත්මන් යාල උද්‍යාන භාරකරු යූ. සාරාංග සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වනසත්ව අඩවි ආරක්‍ෂක (දැනට විශ‍්‍රාමික) S.P.G. ලයනල් මහතුන් වෙත මගේ හදබැඳි ස්තූතිය ප‍්‍රකාශ කර සිටිමි.
ඡායාරූප අනුග‍්‍රහය:-
රංජිත් ද සිල්වා - අධිපති, ඔල්ගා ස්ටුඩියෝ කිරිබත්ගොඩ.
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය