Powered by Blogger.

රාවනා ඇල්ල දිය ඇල්ලෙහි දිය නෑමට ගිය පුද්ගලයෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇත.දියේ ගසා ගෙන ගොස් ඇත්තේ කිනලන්වත්ත ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙකු වන අතර මෘත ශරීරය මෙතෙක් හමුවී නැත.සිද්ධිය සම්බන්දයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

බස්රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මරුට 
බදුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස්රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය වම්පසින් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලිගොස් ඇත.අනතුරින් බස්රථයේ ගමන් කල කාන්තාවක් මියගොස් ඇත.මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 27ක් වූ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරීනියක් වන අතර මෘත ශරීරය සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණය අද දින බදුල්ල රෝහලේ සිදුකිරීමට නියමිතය.

අනතුරින් තුවාල ලැබූ බස්රථයේ රියදුරු සහ සහයක බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

සල්මන් ඛාන් ඉන්දියාවේ නීරෝගීම නළුවා
 ඉන්දියාවේ ඉහළම කායික යෝග්‍යතාවක් සහිත රංගන ශිල්පියා ලෙස සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් පසුගියදා තේරි පත් වී ඇත. The Heatlh Site .com නැමැති වෙබ් අඩවිය විසින් පවත්වා ඇති සමීක්ෂණයකින් සල්මන් ඛාන් මෙලෙස පිදුම් ලබා ඇත.

30,000 ට අධික පිරිසක් තම ප්‍රියතම නළුවා හට ඡන්දය ලබා ඇති ඇති අතර ඡන්ද විමසීමේදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් 43.36%ක් සල්මන්ට හිමිවිය. ඡන්ද විමසීමේ දෙවන ස්ථානය ලබා ගත්තේ රිතික් රොෂාන් වන අතර ඔහුට හිමිවූ ඡන්ද ප්‍රතිශතය 42.78%ක් වේ. විද්‍යුත් ජම්වාල්, අර්ජුන් රාම්පාල් සහ ෂාහිඩ් කපූර් පිළිවෙළින් තුන්වැනි, සිව්වැනි, සහ පස්වැනි ස්ථාන ලබාගෙන තිඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය