Powered by Blogger.

හාලිඇල, අඹවක ප‍්‍රදේශයේදී සඳුදා (07)රාත‍්‍රී 10.30ට පමණ ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප‍්‍රපාතයකට පෙරළී ගොස් නිවසක් මතට වැටි ඇතැයි පොලිසිය පවසයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත‍්‍රිරෝද රථ රියදුරු වන  එම්. නවුෆර් (36)නමැත්තා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර  ඇත.
අනතුරින් නිවසෙහි කොටසක් කඩාවැටි නිවසට අලාභ හානි සිද වුවද අනතුර සිදුවන අවස්ථාවේ නිවසෙහි තුල නිදා සිටි නිවැසියන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය