Powered by Blogger.


Wassa1පඬුවස්නුවර දිවුල්ලැව ගමට ඉරිදා (27) රාත්‍රී 08.00ට පමණ ටොනාඩෝ තත්ත්වයක් ඇතිවී තිබේ. මේ ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් නිවෙස් 10කට පමණ බරපතල හානි සිදුවී තිබෙන බව ලක්බිම වාර්තාකරු පවසයි. ප්‍රේෂකර්ම ගොඩනැඟිල්ලක් ව්‍යාපාරික ස්ථාන තුනක්ද ඒ අතර වන බව පැවැසේ. මේ දිනවල
පඬුවස්නුවර ප්‍රදේශයට පස්වරු කාලයේ වර්ෂාව ඇදහැලෙන බව පැවසේ.




ශ්‍රි පාදය නගිද්දී ඇද වැටී මියයයි

ශ්‍රී පාදය වන්දනා කරන්නට කඳු මුදුන කරා ගමන් කරමින් සිටි පුද්ගලයෙක් සඳුදා (28) උදේ 7.30 ට පමණ ගල්පඩි මත ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ. මියගිය පුද්ගලයා බී.ඩී.එන්. උපනේරිස් නැමැති අම්බලන්ගොඩ පදිංචි අයෙකි. 82 හැවිරිදි වියේ පසු වූ ඔහු ඥාති පිරිසක් සමඟ ශ්‍රී පාදය චාරිකාවට එක් වී සිටියදීමෙම අනතුරට මුහුණ පා තිබේ.
sri-pada-accident1

උතුරේ ඉඳි වාරය ඇවිත්
උතුරේ ද දකුණේ ද නියං සමයේ හටගන්නා ඉඳි කෑමට වලසුන් ඇතුළු සතුන් මෙන්ම මිනිස්සු ද කැලෑවලට යති.
ඉඳිකටු වැනි කටු ඇති ඉඳි ගස්වලින් ඉඳ කපා ගැනීම අමාරු කාර්යයකි.
ඉඳිගෙඩිය කොළ පැහැ වෙන විට වන්නි ජනතාව එය බත් ඉඳි ලෙස හඳුන්වා ආහාරයට ගනී.
ඉන් පසු රතු පැහැයට ද, ඉදුණු පසු කළු පැහැයද ගන්නා ඉඳි ගෙඩිය පළතුරක් සේ කෑමට ගනියි.
ඉඳි ගසේ කටු ඇති නිසා වළසුන් ඉඳිවලින් බඩ පුරවා අවසන් වනතුරුම ඇස් වසාගෙන සිටිතියි ගැමියෝ කියති. ඉඳි කොළය ද අත්කම් සඳහා යොදා ගැනේ.




‘මළ පසුත් නම රැකගන්න ’
‘මේ ලෝකේ යහපත් දේවලින් කරන්නට අපහසුම දේ තමන්ගේ දේවල් අනුන් වෙනුවෙන් පරිත්‍යාගය කිරීමයි . පෞද්ගලික වාසි ගැන බලාපොරොත්තු නොවී අනෙකා , සමාජය හා රටේ  යහපත වෙනුවෙන්  සිදු කරන පරිත්‍යාගය තරම් තවත් උතුම් දෙයක් නෑ. තමන් කරන වැඩ කටයුතු වලින් තමන්ට වගේම අනුන්ට අයහපතක් වෙනවානම් එය අතහැර දැමිය යුතුයි. කිසි විටකත් උපන් බිමට ජනතාවට හානික් සිදු කරන්න එපා .එය කවදා හෝ ශාපයක් වෙනවා’
යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට දස වසරක් හා මොහාන් ලාල් ග්‍රේරු පදනමට දස වසරක් පිරීම නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැති ‘සියවසක් ඉක්ම වු දශයකයක්’ සංවත්සර උළෙල අමතමින්  උන්වහන්සේ මේ බව පැවසුහ.
මොහාන් ලාල් ග්‍රේරු පදනම පිළිබඳ සියළු තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් හා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් විවෘත කිරීම ද එහිදී සිදු කෙරිණී.
එහිදී සෝභිත හිමියෝ මෙසේද කීහ.
‘බොහෝ දෙනා තමන් පිළිබදව පමණක් සිතන යුගයක මොහාන් ලාල් ග්‍රේරු මහතා දුප්පත් දරුවන් වෙනුවෙන් ඇරැඹු ග්‍රේරු පදනම සහ ලයිසියම් පාසල් සමුහයෙන් විශාල සේවයක් සිදු වනවා.
ඔහු ගිහි පැවිදි දෙපිරිසේම ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු  සදහා නොමිලේ  අවස්ථාවක් ලබා දී දීබෙනවා.ඇති හැකි අය තම දරුවන්ට  අධ්‍යාපනය ලබා දෙද්දී දුප්පත් දරුවන් එය සිහිනයක් වී ඇති යුගයක ග්‍රේරු පදනම කරන මෙහෙවර අගය කළ යුතුයි.’
‘කවදා හරි අපි මළත් අපේ නම ජීවත් විය යුතුයි. තමන් මහන්සියෙන් උපයා ගත් දැනුම හා ලාබය තවත් කෙනකුගේ යහපත උදෙසා භාවිතා කිරිමෙන්  ග්‍රේරු මහතා උතුම් ගුණාංග මුළු රටට පෙන්නුම් කර තිබෙනවා .’
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන, යෞවන කටයුතු නිපුනතා හා  සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය ,එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්  , නව වාමාශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ.
සර්ව ආගමික පුජකවරුන් සහ දේශපාලනඥයින් ,කලාකරුවන් ඇතුලු ප්‍රභූන්  රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය