Powered by Blogger.


දියර කිරිවලට සීනී ලුණු හා වතුර දමා  වැඩිපුර මුදල් ගැනීමේ සිද්ධියක් ගැන මිල්කෝ සමාගමට වෘත්තීය සමිති අනතුරු අගවයි.
මෙවැනි ලුණු මිශ්‍ර කිරිපිටි කිලෝ 1600 ක් සීනී මිශ්‍ර කිරිපිටි 2050 ක්ද අඹේවෙල කම්හලේ ඇතැයි සමස්ථ ලංකා කිරි කර්මාන්ත සංගමයේ සභාපති  රොහාන්  ගුණසේකර මහතා කියයි.
මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ  ශිතාගාරවල වැඩ කරන පිරිසක් කිරිවලට සීනි හා ලුණු දමා ඇති බවයි.
‘කවුරුන් හරි අල්ලාගෙන සීනීයි ලුණු යි ද ලා කිරි වලට වතුර ලීටර් දෙසීයක් වතුර දාලා මාසේ අන්තිමට සල්ලි ගන්නවා . ඒවා සොයා ගත්තා.සමාගමේ සාමන්‍යාධිකාරී පී අයි ඕ ප්‍රනාන්දු මහතා මෙසේ කියයි.මේ පාඩුව ඒ අයගෙන් අය කරගන්නයි හදන්නේ .අඹේවෙල කර්මාන්තශාලාවේ විශාල වශයෙන් ලුණු හා සීනී මිශ්‍ර පිටිකිරි නෑ.ටිකක් තියෙනවා.අපි ජනතාවට ඒවා දෙන්නේ නෑ.
වෘත්තිය සමිති කියනුයේ ශිත කිරීමේ මධ්‍යස්ථානවල පළපුරුදු සේවකයින් ඉවත් කිරීම නිසා මේ තත්ත්වය උදා වු බවයි.
කිරි ලීටරයක මිල රුපියල් පනහ ඉක්මවයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය