Powered by Blogger.

1. ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
ගීතිකා රාජපක්ෂ
2.ගෙදර අය ඔබට අමතන්නේ මොකක් කියලද?
ගංගා එ්කට හේතුව අපේ අක්ක මාව ලැබෙන්න ඉද්දී එ් නම කියලා තියෙන්නේ. එ් නිසා මට ගංගා කියලා තමයි ගෙදර අය ආදරේට කතා කරන්නේ.

3.ඔබ කැමැති නිළියක් කියනවටද? නිවේදිකාවක් කියනවටද?
මම කැමැති නිරූපණ ශිල්පිනියක් කියනවට

4.ඇයි එ් ?
කලා ක්‍ෂේත‍්‍රයට එන්න මගේ අඩිතාලම වැටුණේ මම නිරූපණ ශිල්පිනියක් නිසා. එ් නිසා මම කැමැතියි නිළියක් කියනවට වඩා නිරූපණ ශිල්පිනියක් කියනවට.

5.මෙතක් පැමිණි ගමන ගැන සතුටු වෙනවද?
ගොඩක් ලොකු සතුටක් තියෙනවා. මට කාලයක් ගියා මේ ක්‍ෂේත‍්‍රයේ මට කියලා තැනක් හදාගන්න. මම මේ ක්‍ෂේත‍්‍රය තෝරාගත්තේ විනෝදාංශයක් විදියට ඉතින් එ් ගැන සතුටුයි.

6.මේ රැකියාව නොකළා නම් ඔබ කරන්නේ මොන විදියේ රැකියාවක්ද?
ඇත්තටම මම කලා ක්‍ෂේත‍්‍රයට යොමුවුණේ වෘත්තීමය වශයෙන් නෙමේ ආසාවට. මම විද්‍යාවේදී උපාධිධාරිනියක්. මම රැකියාව කළේ පෞද්ගලික රෝහලක. ඉතිං මම කලා ක්‍ෂේත‍්‍රයට යොමු නොවුණා නම් අද දිගටම එ් පැත්තෙන් රැුකියාව කරනවා.

7.ඔබ ජීවිතේ කියා හිතන්නේ ?(මුදල්ද, ප‍්‍රසිද්ධියද, රැුකියාවද, මව්පියන්ද, සැමියාද, දරුවන්ද?
මම කියන්නේ මුදල් තියෙන්නත්  ඕන. අද කාලේ හැටියට ජීවත් වෙන්න ආදරෙත් තියෙන්න  ඕන. එතකොට තමයි ජීවිතේ සම්පූර්ණ වෙන්නේ. ජීවිතය සම්පූර්ණ වෙන්න මුදල්වත් ප‍්‍රසිද්ධියවත් බලපාන්නේ නෑ.

8.ජීවිතේ අරමුණ කුමක්ද?
මටත් ජීවිතේ අරමුණු ගොඩක් තියෙනවා. වෘත්තීය ගරුත්වයට හානි කරගන්නේ නැතුව  හොඳ නම රැුකගෙන ඉස්සරහට යන්න. එ් වගේම කලා ක්‍ෂේත‍්‍රයෙන් මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරන්න.

9.හිතට දුකක් දැනුණාම මොනවද කරන්නේ?
තනියම කාමරේට වෙලා දොරවහගෙන කල්පනා කරන එක.

10.ඔබ වැඩියෙන්ම සතුටු වුණු දවස?
මගේ ජීවිතේ එහෙම වැඩියෙන්ම සතුටුවුණු දවසක් මතක නෑ.

11.ඔබ වැඩියෙන්ම දුක් වුණු දවස?
මම හිතන්නේ මම සතුටු වුණාට වඩා මම දුක්වුණු දවස් වැඩි ඇති.

12.ඔබ කලකිරුණු දවස?
කලකිරුණු දවස්  ඕනකෙනෙක්ට  තියෙනවා. එ්ත් එහෙම ලොකුවට කලකිරුණු දවසක් මට මතක නෑ.

13.ආදරේ ගැන ඔබ හිතන්නේ කොහොමද?
ආදරේ කියන්නේ නිදහසේ විඳින්න  ඕන දෙයක්. ආදරේ හිරගෙයක් වුණොත් හරිම අසුන්දර තැනක්.

14.පළමු පෙම්වතා කවුද?
ඉස්කොලේ යන කාලේ ඉඳන් තිබුණ පේ‍්‍රමයක් එ්ක. පළමු පෙම්වතා තරම් මට කවුරුවත් හිතට වැදිලා නෑ.

15.පේ‍්‍රමය බිඳී වැටුණොත් ?
ගොඩක් දුක්වෙයි. මොකද මම  ඕනෑම කෙනෙක්ට අවංකව ආදරය කරන නිසා.

16.ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන විදියේ තෑග්ගක්ද?
ගිටාර් එකක් දෙන්න කැමැතියි. මොකද මට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ලොකු හීනයක් තිබුණා. මගේ පෙම්වතාට ගිටාර් එකක් දෙන්න. එ්කට හේතුව මම කැමැති සිංදු කියන කෙනෙක්ට.

17.ඔබගේ උපන් දිනයට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන විදියේ තෑග්ගක්ද?
එහෙම ලොකුවට බලාපොරොත්තුවක් නෑ. ලැබෙන  ඕනෑම තෑග්ගක් සතුටෙන් භාරගන්නවා.

18.ඔබගේ ජීවිතයේ ලැබුණු හොඳම තෑග්ග මොකක්ද?
එහෙම විශේෂයෙන් ලොකු තෑග්ගක් ලැබිලා නෑ මට.

19.අත්හැර ගන්න කැමැති පුරුද්දක් තියෙනවාද?
ඔව්.  පොඩි දේකටත් වැටෙන එක. එ් වගේම  ඕනෑම කෙනකුට  ඕනෑවට වඩා හිතවත් වෙන එක.

20.ඔබ කැමැති පෙම්වතා මොන විදියේ කෙනෙක්ද?
මම කැමැති සිංදු කියන්න පුළුවන් සරලව හිතන්න පුළුවන්. පටු විදියට හිතන්නැති උසට සරිලන මහතක් තියෙන කඩවසම් කෙනෙක්ට මම ගොඩක්ම කැමැතියි.
ලිපිනය
ගීතිකා රාජපක්ෂ, දිල්කුඹුර පාර, බණ්ඩාර, පොල්ගහවෙල
තිළිණි මධුවන්ති
ඡායාරූපය- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/20/2.jpg
http://www.rivira.lk/edition/images/2014/04/20/p-1enhancer.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය