Powered by Blogger.

පුන්සිරි සොයිසාගෙන් රංජිත් රීටන් ට පිළිතුරු

පසුගිය දිනෙක “රසඳුන” පළ කළ “පුන්සිරි සොයිසා මගේ සින්දු දෙකක් කොල්ල කාලා” ලිපියෙන් අපි ගායන ශිල්පි රංජිත් රීටන්ගේ අදහස් වලට ඉඩ සලසා දුන් සේම රංජිත්ට පිළිතුරු ලෙස ගායන ශිල්පි පුන්සිරි සොයිසා අප සමඟ ප්රාකාශ කළ අදහස් වලට මෙවර ඉඩ දෙමු. සිය ගායක දිවියේ කිසිඳු දවසක මෙවැනි චෝදනාවක් කිසිවෙකුගෙන් එල්ල වී නොමැති බව සිහිපත් කරමින් දැඩි වේදනාවකින් මෙන් “මම කවදාවත් කාගෙවත්ම ගීතයක් හෝ වෙන යම් කිසිවක් හෝ කොල්ල කාලා ජීවත් වෙන මිනිහෙක් නෙමේ” යයි සහතික වෙමින් පුන්සිරි අප සමඟ කතාබහ ඇරඹුවේ මෙසේ ය.
“මම ඔය රංජිත්ගේ ‘දිනපතාම ඔබ පතාම’ ගීතයයි ‘සෙල්ලම් ගෙයක් හදා’ ගීතයයි මගේ ‘සමනල තටු’ ගීත එකතුවට ගැයුවේ මේ ගීත දෙකේම බුද්ධිමය දේපළ හිමිකරුවන් වන ගී පද රචක හෙක්ටර් විජේසිරි සහ සංගීතඥ ජිනදාස ප්රධනාන්දු (පොඩි මල්ලී) ගේ ඉල්ලීම නිසාමයි. ඔවුන් මට නිතර නිතර ආරාධනා කළා මේ ගීත දෙක ගයන්න කියලා. ඇත්තටම ලස්සන ගීත දෙකක් හින්දා මටත් හිතුණා ගායනා කරන්න.”
මෙම ගීත රංජිත් රීටන් මුලින් ගායනා කර තිබුණු බව ඔබ දැනගෙන සිටියේ නැද්ද?
“දැනගෙන උන්නා. ඉස්සර ගුවන් විදුලියෙනුත් ඔය ගීත ඉඳහිට ප්රැචාරය වුණානේ. ඒත් පසුව මේ ගීත දෙක නෑසී ගියා වගේම රංජිත් ගැනත් කිසිම ආරංචියක් නැතුව ගියා. මේ ගීත දෙකේ බුද්ධිමය දේපළ හිමිකරුවන් මට මේ ගයන්න ආරාධනා කරද්දී මං රංජිත් ගැන සොයා බැලුවා. ඔහුට මා මේ ගීත ගයන බව පවසන්න. ඒ වුණත් කිසිම තොරතුරක් දැනගන්න නොහැකි වුණාම මම හිතුවේ රංජිත් ජීවතුන් අතර නැතුව ඇති කියලයි.”
ජීවතුන් අතර නොමැති ගායන ශිල්පියෙකුගේ වුවද ගීත ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් හෝ අවසර නොමැතිව ගායනා කිරීම සදාචාරාත්මක ද...?
“නැහැ. ඒ නිසාමනේ මම මේ ගීත ගයන්න පෙර රංජිත්ව හෙව්වේ. රංජිත් ගැනවත් පවුලේ කිසිවෙකු ගැනවත් තොරතුරක් අපට සොයා ගන්න බැරි වුණා. අඩුම වශයෙන් මේ ගීත රංජිත්ට නිර්මාණය කර දුන් ගී පද රචකයින් හා සංගීතඥයින්වත් රංජිත්ට මොකද වුණේ කියලා දැනගෙන උන්නේ නැහැ. රංජිත් ගායන ක්ෂේත්ර්යේ තියා ජීවතුන් අතරේ වත් නැතුව ඇති කියලා අපිට හිතුණේ ඒ නිසයි. තමන්ට ගීත නිර්මාණයෙන් දායක වූ ගී පද රචකයින් හා සංගීතඥයින් සමඟ වත් රංජිත් කිසිම සම්බන්ධකමක් පවත්වා ගෙන ගොස් නැහැ. ඒ නිසා තමයි මෙවැනි තත්වයකට අපි හැමෝටම මුහුණ දෙන්න සිදු වුණේ.”
රංජිත් පවසන්නේ ඔබ කර ඇත්තේ ගීත කොල්ලයක් එනම් අපරාධයක් බවයි...?
“ඔහුට එලෙස පවසන්න පුළුවන්. ඒ වුණාට එය ඔප්පු කරන්න බැහැ. බුද්ධිමය දේපළ නීතියට අනුව මම ගීත කොල්ලයක් හෝ අපරාධයක් කරලා නැහැ. ‘දිනපතාම ඔබ පතාම’ ගීතයට එහි තනු නිර්මාපක ලෙස ජිනදාස (පොඩි මල්ලී) සහ ‘සෙල්ලම් ගෙයක් හදා’ ගීතයට එහි පද රචකයා හා තනු නිර්මාපක ලෙස හෙක්ටර් විජේසිරි මට ඔවුන් දෙදෙනාගේ අවසරය ලබා දී තියෙනවා මේ ගීත ගයන්න. එය නීත්යා නුකූලයි. හැබැයි රංජිත් නම් මේ ගීත දෙක අවුරුදු ගණනාවක් සමාජගත නොකර සඟවා තබාගෙන සිටීම නිසා මේ ගී නිර්මාණයෙන් දායක වූ ගී පද රචකයින්ට සහ සංගීතඥයින් හට කළේ අපරාධයක් බවයි ඔවුන්ගේ අදහස. ඒ හින්දානේ ඔවුන් මට මේ ගීත දෙක ගයන්න දුන්නේ.”
තවදුරටත් රංජිත් ඔබට ‍චෝදනා කරනවා - ඔබ “සමනල තටු” ගීත තැටියට ගායනා කිරීමෙන් පසු ඔබේ ඒක පුද්ගල ගීත ප්රාසංගය සහ අනිකුත් ගීත ප්රසසංග වලදී මෙම ගීත දෙක ඔබේම ගීත ලෙස ගායනය කරන බවටත්...?
“ඇත්තම කියනවා නම් ඔය ‘සමනල තටු’ ගීත ඇල්බමය කරලත් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. මට ගයන්න ලැබෙන ඕනෑම ගීතයක් කවදත් මම රසට ගායනා කරනවා. ඒ වගේ මේ ගීත දෙකත් මං රසට ගායනා කළා. ඒ නිසා මේ ගීත දෙක ප්රරසංග වේදිකාවේ ගයන්න කියලා ඉල්ලීම් ආවා. ඒත් තාම කිසිම ප්ර සංග වේදිකාවක මේ ගීත දෙක ගායනා කරලා නැහැ. මං රංජිත්ට අභියෝග කරනවා, මං මේ ගීත ප්රීසංග වේදිකාවක ගයලා තියෙනවා නම් එය ඔප්පු කරන්න කියලා. මොකද මට මම මැරුණත් ගායනා කර ඉවර කරන්න බැරි තරම් ප්රපවීණ ගී පද රචකයින් සහ සංගීතඥයින් නිර්මාණයෙන් දායක වූ ගීත ගණනාවක් තියෙනවා. ප්රයසංග වේදිකාවේ වෙන කාගේවත් ගීත ගායනා කරන්න නිර්මාණ හිඟකමක් මට නැහැ.”
මගේ ගීත පුන්සිරි කොල්ල කාලා ගයනවා” යයි රංජිත් රීටන් කරන චෝදනාව පිළිබඳ අවසාන වශයෙන් ඔබ පවසන්න කැමැති කුමන අදහසක් ද...?
“මෙච්චරයි. තමන් වියදම් කළා හෝ ගායනා කළා යයි කියා ගී පද රචකයින්ගේ සහ සංගීතඥයින්ගේ බුද්ධිමය දේපළ ගී (ගී නිර්මාණ) ගායක ගායිකාවන් තමන්ගේ පෞද්ගලික දේපළ ලෙස සලකා ගීතලෝලීන්ගෙන් වසන් කර හමස් පෙට්ටි වල සඟවා තබා ගැනීම එම නිර්මාණකරුවන්ට මෙන්ම නිර්මාණයන්ටත් කරන අසාධාරණයක්, අපරාධයක්. ගී නර්මාණ කරන්නේ රසට ගයන්නයි, අහලා රස විඳින්නයි. එහෙම නැතුව ගායනා කර කාටවත් අහන්න නොදී සඟවා නිධන් කර තබන්න නොවේ. ඉතින් රංජිත්ගේ චෝදනාව මං එකහෙළාම ප්රනතික්ෂේප කරනවා. මොකද මම රංජිත්ගේ ගීත කොල්ල කාලා ගායනා කළේ නැති නිසා. මට මේ ගීත දෙක ගයන්න අවසර ලබා දුන්නේ මේ ගීත දෙකේ අයිතිකාරයින් ලෙස හෙක්ටර් විජේසිරි සහ ජිනදාස ප්ර්නාන්දු (පොඩි මල්ලී) විසිනුයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය