Powered by Blogger.

බැසිල්ගේ සාස්තරේ හරි.. ප‍්‍රසන්නට බස්නාහිර.. ශාන්ට දකුණ හිටපු මහ ඇමතිවරුන් දෙදෙනාම යළිත් දකුණු සහ බස්නාහිර පළාත් සභාවල මහ ඇමතිවරුන් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව දෙපළාත්වලින් වැඩිම මනාප ලබා ගත් ප‍්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතට සහ ශාන් විජේලාල් මහතා දකුණු පළාත් සභාවටත් මහ ඇමතිවරුන් ලෙස පත් වීමට නියමිතය.
  
රංගන විජ්ජාකරුවෙක්.. මෑත කාලයේ විශිෂ්ඨතම පන්දු යැවීම එයයි – ෂේන් වෝන්
රංගන විජ්ජාකරුවෙක්.. මෑත කාලයේ විශිෂ්ඨතම පන්දු යැවීම එයයි – ෂේන් වෝන් ඊයේ පැවති නවසීලන්තය සමඟ තරඟයේදී ශ‍්‍රී  ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් හැසිරුණේ විජ්ජාකරුවෙකු ලෙස යයි ඕස්ටේ‍්‍රලියානු හිටපු සුපිරි දඟ පන්දු ක‍්‍රීඩක ෂේන් වෝන් පවසයි.
රංගනගේ ඊයේ දිනයේ එම පන්දු යැවීම මෑත කාලයේ කි‍්‍රකට් පිටියේ තමන් දුටු විශ්මයජනක පන්දු යැවීමක් බවද ඔහු කියා සිටී.
ඊයේ දිනයේ පැවති තරඟයේදී රංගන හේරත් ලකුණු 03කට නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙකු දවාගත්තේය.
http://www.youtube.com/watch?v=sC5uVUyDNrM&feature=player_embedded

කොලඹ මහ හෝටලයක ඉඳි ආප්ප, තෝසේ සමඟ පණුවෝ.. හෝටලය සීල්
කොලඹ මහ හෝටලයක ඉඳි ආප්ප, තෝසේ සමඟ පණුවෝ.. හෝටලය සීල් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිළධාරීන් විසින් කොල්ලූපිටිය පිහිටි සුප‍්‍රසිද්ධ හෝටලයක ඉඳි ආප්ප සහ තෝසේ පිඟානක පණුවෙක් සිටීමේ සිද්ධියක් මත එම හෝටලය සීල් තබා නඩු පවරා ඇත.
එහි හිමිකරුවාට එරෙහිව මාළිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා පැවසීය.
නගර සභාවේ ආහාර පාලන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බවත් පසුව හෝටලය වසා තබා වහාම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර හෝටල් හිමිකරුට තරයේ අවවාද කර අධිකරණමය ක‍්‍රියා මාර්ග ගත් බවද හෙතෙමකීය.

රනිල් වාර්තා පොත් අලුත් කරයි.. නොනැවතී මැතිවරණ පරාජ 29යි
රනිල් වාර්තා පොත් අලුත් කරයි.. නොනැවතී මැතිවරණ පරාජ 29යි 1994 වසරේ සිට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ 29 වැනි මැතිවරණය ලෙස මෙවර පැවැත්වූ දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය පත්ව තිබේ.
2004 වසරේ හා 2010 වසරේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවති මහ මැතිවරණ දෙකක් ද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව ඇත. එමෙන්ම 1999 වසරේ දී හා 2005 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන් ද ඒ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් විය.
1994 වසරේ සිට පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා ඇතුළු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය මේ දක්වා පැවති සියලූම මැතිවරණ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව ඇත.

කොටි සහ NGO 16ක් තහනම්
කොටි සහ NGO 16ක් තහනම් ශ‍්‍රී ලංකාව තුල කොටි සංවිධානය සහ ඊට සහය ලබාදෙන සංවිධාන 16ක් තහනම් කිරීමට රජය කටයුතු කර ඇත.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු එම සංවිධාන ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට හැකියාවක් ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කර ඇති සංවිධාන මෙසේය.
1 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය
2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය නොහොත් ටී.ආර්.ඕ
3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව නොහොත් ටී.සී.සී
4 ලෝක දෙමළ ව්‍යාපාරය
5 කැනේඩියානු දෙමළ කොංග්‍රසය
6 ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
7 ගෝලීය දෙමළ සම්මේලනය
8 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය නොහොත් මක්කල් අවෙයි
9 දෙමළ ජාතික කවුන්සිලය
10 දෙමළ තරුණ සංවිධානය
11 ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව
12 කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය
13 දෙමළ ඊළාම් ජනතා එකතුව
14 ලෝක දෙමළ සහනාධාර අරමුදල
15 මූලස්ථාන සංවිධානය
16 බ්‍රිතාන්‍ය දෙමළ සමුළුව

අනර්කලී කරපු වැඩක් නෑ.. ගීතා මට අභියෝගයක් නෙමෙයි කියා නදීෂා කිවුවා.. දැන් කොහොමද


අනර්කලී කරපු වැඩක් නෑ.. ගීතා මට අභියෝගයක් නෙමෙයි කියා නදීෂා කිවුවා.. දැන් කොහොමද මෙලොව ඡන්දයක් නිසා තමන් තරම් අපහාස විඳි ගැහැණියෙකු තවත් නැති බවත් ජනතාව යථාර්තය තේරුම් ගෙන වටිනා ඡුන්දය තමන්ට ලබා දිම ගැන ස්තූති වන බවත් බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී.ල.නි.ප. සංවිධායිකා මන්ත‍්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසයි.
‘බෙන්තර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ කට්ටියක් ගෙන් ගෙට ගිහිල්ලා මට ඡන්දේ දෙන්න එපා කිව්වා. ඒ වුණාට මම ජයග‍්‍රහණය කළා. අනෙක් අය අන්ත පරාජයක් ලැබුවා.
සහෘද කලාකාරිණියක් විදියට අනර්කලී සහ නදීෂා ගැන මම කණගාටු වෙනවා. මොකද මමත් කාන්තාවක් නිසා. ඇත්තටම අනර්කලී වැඩක් කළේ නැහැ. මම සම්පූර්ණයෙන්ම සිනමාවෙන් ඉවත් වෙලා ජනතාවට සේවය කළා. ඉස්සර වගේ රූපෙටවත්, රඟපෑමටවත් මිනිස්සු ඡන්දය දීපු යුගය දැන් ඉවරයි. අනර්කලීට තිබුණා පළාත් සභාවේ කාන්තාව පිළිබඳ, කාන්තා අභිවෘද්ධිය පිළිබඳ ඒ වෙනුවෙන් හඬක් නගන්න. නමුත් එයා වෘත්තියෙන් රංගන ශිල්පිණියක් වීම නිසා කාලය අඩුයි. මමත් ඔය කාලෙදි ආවා නම් මටත් මේ තරම් කැප වෙන්න නොහැකි වෙන්න තිබුණා.
නදීෂා හේමමාලි පටන් ගන්න කොටම මොකක්ද කිව්වේ? ගීතා මට අභියෝගයක් නෙවෙයි කියලා. ඒ කිව්ව දේ මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ. මේ වන විට ඒ සෑම දේටම පිළිතුරු ලැබිලා තියෙනවා. මේ රටේ සම්මානවලට හිමිකම් කියූ මිනිසුන්ගේ හිත්වල තාමත් සිටින කෙනෙක් විදියට ඇය එසේ ප‍්‍රකාශ කිරිම මා එතරම් තකන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ පරාජය වෙනුවෙන් කණගාටු වෙනවා’ යයිද ඇය සඳහන් කරයි.

සිපෙට්කෝ මැලේසියා සමාගමක් හා එක්ව මුතුරාජවෙල ලිහිසි තෙල් කම්මලක් අරී
සිපෙට්කෝ මැලේසියා සමාගමක් හා එක්ව මුතුරාජවෙල ලිහිසි තෙල් කම්මලක් අරී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියානු Hyrax Oil SND BHD සමාගම එක්ව ලිහිසි තෙල් මුහු කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීමට සූදානම් වෙයි.
මෙම කර්මාන්ත ශාලාව ඉදි කිරීමට අනුමතය ලබා ගැනීම සදහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විසින් කැබිනට් පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.
මුතුරාජවෙල ප‍්‍රදේශයේ අක්කර පහක බිම්කඩ ඇමෙරිකා ඩොලර් මිලියන 9ක වියදමින් ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට අයත් ආයතනයක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජනා වී ඇත.

පැරදුනාට අතාරින්නේ නෑ – ඩයනා
පැරදුනාට අතාරින්නේ නෑ – ඩයනා තමන් මැතිවරණයෙන් පරාජයට පත් වුවද දිගටම දේශපාලනයේ නිරත වන බව එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වැදුනු අපේක්ෂිකා ඩයනා ගමගේ මහත්මිය පවසන්නීය.
‘ප‍්‍රථම වරට දේශපාලන තරග බිමට පා තැබූ මා හට මනාප ඡන්ද 11,000 දහසකට වැඩි ප‍්‍රමාණයක් ලබාදුන් ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.එමෙන්ම බල පෙරළියට කොළ එළියක් දල්වන්නට සමත්කම් දැක්වූ සියලූ එක්සත් ජාතික පාක්ෂිකයන්ටද මාගේ ස්තූතිය පුද කර සිටිමි.
මෙවර ඔබ මා වෙත ලබා දුන් සහයෝගය මත විශ්වාසය තබමින් ඉදිරියටත් ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරතවන බවද සතුටින් දන්වා සිටිමි’ යයිද ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා  සිටී.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය