Powered by Blogger.

ratsමී උණ රෝගය ගැන කතා කිරීමේ දී අපගේ මතකයට නැගෙන්නේ කුඹුරු ගොවිතැන් කරන ප්‍රදේශයන්ය. මන්ද මතෛක් මී උණ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ කුඹුරු ගොවිතැන් කරන පුද්ගලයන් වූ බැවිනි. මීයන්ගේ මල මුත්‍රවල පවතින රෝග කාරක බැක්ටීරියාවක් ජලය සමග මිශ්‍රවී මිනිසුන්ගේ සිදුරු වූ සම හරහා (තුවාලයකින්) ශරීර ගතවීමෙන් මෙම රෝගය වැළඳෙයි. මෙසේ මී උණ රෝගයට බහුල ලෙස ගොදුරු වූ පුද්ගලයන් ගැන ඒ ගොවිතැන් කරන ප්‍රදේශවලින් අපට අසන්නට ලැබුණේ එබැවිනි. එහෙත්, මෑතක සිට කොළඹ අග නගරයේ මී උණ රෝගය පැතිර යන බව ඔබට කවුරුන් හෝ කීවොත් එය එකවරම විශ්වාස කිරීමට මැලිවනු ඇත. මන්ද කොළඹ නගරය ආශ්‍රිතව ගොවිතැන් සරු සාරෙට නොකරන බැවිනි.
එහෙත්, එය විශ්වාස කළ නොහැකි දෙයක් වුවද එය විශ්වාස කිරීමට අපට සිදුවී ඇත්තේ මී උණ වැළඳුන රෝගීන් කීප දෙනෙකුම කොළඹ නගරයෙන් හමුවීමත් සමගය. මෙසේ සිදු වී ඇත්තේ ඇයි ? කොළඹ නගරයේ පවතින වගුරු බිම් ආශ්‍රිතව මෙම රෝග කාරක බැක්ටීරියාව පවතින බැවින් එම ප්‍රදේශවල සිටින පුද්ගලයන් රෝගයට ගොදුරු වී ඇති බව එහිදී අනාවරණය වී තිබේ. වේගයෙන් සංවර්ධනය කරා ගමන් ආරම්භ කරන කොළඹ නගරය තුළ මේ වන විට මී  ගහණය ද ඉතාමත් ඉහළ අගයක් ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කරයි.
විශේෂයෙන්ම කොළඹ වරාය තුළ හා ඒ ආශ්‍රිතව පවතින ආහාර ගබඩා තුළ මී ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සොයා බැලීම්වලදී හෙළිව තිබේ. පිටකොටුව හා බොරැල්ල ප්‍රදේශවල මේ වන විට ආහාර ගබඩා විශාල සංඛ්‍යාවක් පිහිටා තිබිම මෙසේ එම ප්‍රදේශවල මී ගහණය ඉහළ යාමට හේතුවක් වී තිබේ. මෙම ගබඩාවල ලැගුම් ගෙන සිටින මීයන් වගුරු බිම් සහිත ස්ථානවලට යෑමෙන් එහිදී මීයන්ගේ මලමූත්‍ර වගුරු බිම්වලට මුසුවේ. එම වගුරු බිම ආශ්‍රිතව ගොවිතැන් කරන හෝ වෙනත් කාර්යන්හි නිරත වී සිටින පුද්ගලයන්ගේ සමේ ඇති තුවාල හරහා ශරීරය අභ්‍යන්තරයට රෝග කාරක බැක්ටීරියා ඇතුළු වී රෝගය ආසාදනය කරයි.
ඉදිරි කාලයේදී නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමග කොළඹ නගරය බොහෝ දුරට වැසි ජලයෙන් යට වීමේ අවදානමක් අපි පසුගිය කාලයේදී අත් වින්දෙමු. එවන් වාතාවරණයක් තුළ මෙම ගබඩා ආශ්‍රිත ප්‍රදේශවල ඇති වුවහොත් අනිවාර්යයෙන්ම මීයන්ගේ මලමුත්‍ර වැසි ජලයට මිශ්‍ර වී සාමාන්‍ය මිනිස් ජන ජීවිතවලට විශාල වශයෙන් හානි පැමිණ විය හැකි බවට සැක මතුව තිබේ.
මෙම රෝගය කොළඹ නගරය තුළ මර්දනය කිරීමට නම් කොළඹ නගරයේ මී ගහණය අවම කර ගත යුතුමය. ඒ අනුව මේ වන විට කොළඹ මහ නගර සභාව නිවාසවල පවතින මී ගුලවල් සොයා බලා මීයන් විනාශ කිරීම් සහ බෝවීම වැළැක්වීම පිළිබඳව නිවෙස් හිමියන් දැනුවත් කිරීමත් ආරම්භ කර තිබේ.
ඒ සමගම ආහාර ගබඩා හා කඩ හිමියන්ට තම වෙළෙඳසල හා ගබඩාව මී ගහණයෙන් තොර ස්ථානයක් බවට පත් කර ගත යුතු බවට දැනුම් දී තිබේ. කෙසේ නමුත් මී උණ වැළඳෙන රෝග කාරක බැක්ටීරියාව ශරීර ගත වී දින 5-14 හෝ දින 2-30 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පහළ වේ. මෙම රෝගය එක් පුද්ගලයෙකුට එක් වරක් පමණක් සෑදෙන රෝගයක් ද නොවේ.
මෙම රෝගය සාදන රෝග කාරක ප්‍රභේද රාශියක් ඇත. ඒ අනුව එක් එක් ප්‍රභේදයකින්, රෝගය වැළඳී ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇති වුවද ඊළඟ අවස්ථාවේ තවත් ප්‍රභේදයකින් රෝගය වැළඳිය හැකිය. මෙම රෝගය එන්නත් මගින් හෝ ඖෂධ මගින් පාලනය කළ නොහැකි වන්නේ ඒ නිසාය.
අතැමුන්ට රෝගය වැළඳුණද රෝග ලක්ෂණ දක්නට නොමැත, සමහරුන්ට රෝග ලක්ෂණ මතුවේ.
රෝග ලක්ෂණ ද අදියර දෙකක් යටතේ මතුවේ. උණ, වෙව්ලීම, ඇඟපත වේදනාව, හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ මතුවේ. දෙවන අදියරේ දී මොළයේ පටක ආසාදනය, අක්මා ආසාදනය හේතුවෙන් ශරීරය කහ පැහැවීම, වකුගඩු ආසාදනය වීම, මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා තද පැහැති වීම, ශරීරයේ පළු මතුවීම, බඩේ වේදනාව, පාචනය ආදී රෝග දැකිය හැකිය.
මෙම රෝගයට ප්‍රතිකාර තිබෙන බැවින් ගොවිතැන් ආශ්‍රිත රැකියා කරන පුද්ගලයන් වෙතොත් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනීම අනිවාර්ය වේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් අවධාරණය කරයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය