Powered by Blogger.

http://www.mawbima.lk/ct-admin/images/news/55595_1.jpg
මුලින්ම ඉදිරිපත් කිරීමක් කළේ,
පුංචිම කාලේ ඉඳලම ඉදිරිපත්වීම නම් ඉහළින්ම තිබුණා.

ලැබුණ වටිනාම තෑග්ග,
මගේ ජීවිතේ ලැබුණ වටිනාම තෑග්ග තමයි මගේ පුතාලා දෙන්නා.

ගොඩක්ම දුක හිතුණේ,
එක exam එකකින් මට ලකුණු මදි වුණා. එදානම් මට ගොඩාක් දුක හිතුණා.

ගොඩක්ම සතුටුවුණේ,
පුතාලා ලැබුණ දවසෙදි වගේම තරූ අයියා ලැබුණ දවසෙත් ගොඩක්ම සතුටුවුණා.

හුඟක්ම බය හිතුණේ,
එක රූගත කිරීමක රිහසල් කළේ රේල්පාරේ. අපි කලින් දැනුම් දීලත් නෙවෙයි මේ රූගත කිරීම් කළේ. ඉස්සෙල්ලම ඉතධඹ ට්‍රේන් එකක් එන එකකට තමයි රියසල් කළේ. ආයෙත් හරියටම රූගත කිරීම් පටන්ගනිද්දි ආවේ ඥයනපඥඵඵ ට්‍රේන් එකක්. මට තිබුණේ ට්‍රේන් එකට පනින දර්ශනයක්. මගේ පිටිපස්සේ හිටියේ ප්‍රදීප් ධර්මදාස. ප්‍රදීප් මාව ඇදලා ගත්තා. එදා නම් පුදුම බයක් දැනුණා.

හුඟක්ම කම්පනයට පත්වුණේ,
සුනාමි ඛේදවාචකය නිසා.

වේදිකාවේ රංගන ශිල්පිනියක් වුණේ,
පාසල් යන කාලෙත් වේදිකාවට සම්බන්ධව කටයුතු කළා. යෞවන සම්මාන උළෙලේ 'තිත්ත කුසලාන' කියන නාට්‍යයෙන් තමයි මම දිගු නාට්‍යයකට සම්බන්ධ වුණේ.

අමතක නොවන රසික ප්‍රතිචාර,
නොනවත්වා ප්‍රතිචාර නම් ලැබෙනවා. ඒ අතර අයුතු ප්‍රතිචාර වගේම බැනලා ලැබෙන ප්‍රතිචාරත් තියෙනවා.

රංගනයට ලැබුණ වටිනාම ඇගයීම,
රාජ්‍ය නාට්‍ය උළෙලේදී මෙවර දිගු නාට්‍ය අංශයෙන් හොඳම නිළියට සම්මාන ලැබුණා. ඒක මට වටිනවා. ඒත් එක්කම මුල්ම සම්මානය මට ලැබුණේ 1993දී. ඒ යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය විදියට. ඒ සම්මානයත් මට වටිනවා. 2007 අවුරුද්දේදි අම්මාවරුණේ චිත්‍රපටයට සරසවි සම්මාන සහ ජනාධිපති සම්මාන ලැබුණා. මේ සියල්ලම මට එක වගේ වටිනවා.

බිරියක් වීමේ හැඟීම,
මම විවාහ වෙන්නේ 2002 අවුරුද්දේදි. ඒ තරුපති මුණසිංහ එක්ක. ඉතින් අපේ සම්බන්ධය ආදර සම්බන්ධයක් නිසා ඉතාම සතුටුදායක හරිම සුන්දර හැඟීමක්.

මවක් වීමේ පළමු හැඟීම,
ඒක නම් කියා නිම කරන්න බෑ. ලොකු පුතා ලැබුණාට පස්සේ මට දැනුණ දේ නම් වචනයෙන් විස්තර කරන්න බෑ.

වේදිකාවෙදි අපහසුතාවට පත්වුණේ
අපි එක නාට්‍යයක් කළා පාසලක. ඒ නාට්‍යය පටන්ගත්ත වෙලේ ඉඳලා නාට්‍යය ඉවර වෙනකල් මුළු හෝල් එකේම ළමයි කෑගැහුවා. එක දිගටම කෑගැහුවා. අපි ඊට පස්සේ කරන්නම දෙයක් නැති තැන නාට්‍යයේ මුල් ටිකයි අවසාන ටිකයි කරලා වැඩේ නැවැත්තුවා.

මතක හිටින්න ලැබුණ දඬුවමක්
වේදිකාවේ රඟපාන්න කලින් මම ඉස්සෙල්ලම කළේ වේදිකාවේ දණ ගහගෙන ඉඳපු එක. තාරකා මණ්ඩල ඇඳගෙන ආවේ නෑ කියලා විද්‍යාව උගන්නපු ගුරුවරියක් මාව ස්ටේජ් එකේ දණගැස්සුවා.

කැමරාවකට මුහුණ දුන්නේ,
චමින්ද පත්බේරියගේ අම්මාවරුනේ කියන ටෙලිනාට්‍යයෙන් තමයි මුලින්ම ආවේ. ඊට පස්සේ ප්‍රසන්න ජයකොඩිගේ 'ඉමදියමංකඩ' කියන නිර්මාණය සමඟ සම්බන්ධ වුණා.

මුල්ම විදෙස් සංචාරය,
තරූගේ අධ්‍යාපන කටයුතු සඳහා 2007 අවුරුද්දේ ඕස්ටේලියාවට ගියා. පසුගිය කාලෙම හිටියේ විදෙස්ගතව තමයි.

කියවපු මුල්ම නවකතාව,
මං හිතන්නේ ගම්පෙරළිය.

බලපු මුල්ම චිත්‍රපටය,
'දෙවැනි ගමන' චිත්‍රපටය බැලුවා කියලා හොඳට මතකයි.

ජීවිතේ තනිකමක් දැනුණේ,
ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මේ ක්‍ෂේත්‍රයේ වැඩ කළේ නැති නිසා හරිම පාළුවක් දැනුණා.

පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්වුණේ,
දවසක් 'ට්‍රෝජන් කාන්තාවෝ' කරද්දි මම පුදුම විදියට චකිතයට පත්වුණා. මට කියන්න ඕන ඩයලොග් පවා අමතක වුණා. එදා සෙනඟ ගොඩායි. ස්ටේජ් එක ළඟත් සෙනඟ හිටියා.

දැකපු සුන්දරම සිහිනය,
හීන දකින්නේ කොහොමද අනේ පුතාලා දෙන්න නිසා නිදියන්න ලැබෙන්නේත් හරිම අඩුවෙන්.

වාසනා සුරංගිකා විතානගේ
ඡායා - අසන්ත ගමආරච්චි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය