Powered by Blogger.

බාල වයස්කාර ළමයින් පොලඹවා ගැනීමට හැකිවන පරිදි වෙබ් අඩවිවල දැන්වීම් දමා එම ළමයින් සමඟ කතා කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයකට කැඳවා අපයෝජනයට ලක්කර වෙනත් පුද්ගලයන්ටද ඔවුන් විකිණීමේ ජාවාරමක් පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය පරීක්ෂණ පවත්වයි. එම ජාවාරමට සම්බන්ධ වතු අධිකාරිවරයකු සහ පරිගණක කාර්මික ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විවිධ ව්‍යපෘති සඳහා ආධාර ලබා දිය හැකි බව පවසා මෙසේ දැන්වීම් පළ කරන මේ ජාවාරම්කරුවන් ඒ සඳහා විමසීමට තරුණ පිරිස මේ පුද්ගලයන්ට කතා කළවිට ඔවුන් නොමඟ යවා සම්මුඛ පරීක්ෂණවලට කැඳවන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් ඒකකයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක එස්. බෝපිටියගොඩ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය