Powered by Blogger.

නාවික හමුදාව මළ සිරුර සොයා ගනියි
සිය දරු දෙදෙනා නිල්වලා ගඟට විසිකළ පියාගේ මළ සිරුර මාතර මහානාම පාලමට කිලෝ මීටර් එක හමාරක් දුරින් පිහිටි කොටුව අසල පාවෙමින් තිබියදි නාවික හමුදාව විසින් ඊයේ (26) සොයාගෙන තිබේ.
මාතර කොටුව අසල තිබූ පාවහන් දෙකක් පිළිබද ලැබුණු තොරතුරකට අනුව පොලීසිය සහ නාවික හමුදාව ඟගේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව මාතර ගැමුණුහේවා බලඇණියේ හා මාතර ආපාදා කළමනාකරණ ඒකකයේ නිලධාරීහු එක්ව ඔහුගේ මෘත දේහය යුද හමුදා කඳවුරට ආසන්න මහානාම පාලම අසලට රැගෙන එනු ලැබූහ.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් මළ සිරුර හදුනාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අංක 39 සිරි සීවලී ගම, ‍නෙළුම් වැව, රත්මලේ පදිංචි චන්දන සමන්ද සිල්වා නැමැති 40 වියැති පුද්ගලයක් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු හතරක (04) ගැහැණු ළමයෙක් හා වයස අවුරුදු දෙකක (02) ගැහැණු ළමයෙක් පෙරේදා (24) මාතර මහනාම පාලමෙන් නිල්වලා ගඟට විසිකර ඔහු එම ස්ථානයෙන් අතුරුදන් වු බවට තොරතුරු අනාරවරණය වී තිබිණි.. මෙම පුද්ගලයාද ගඟට පැන සියදිවි හානිකර ගත් බවටද ප්‍රදේශය පුරා තොරතුරු පැතිර ගොස් තිබිණි..
මෙම දරුවන් දෙදෙනා යුද හමුදා සෙබළුන් හතරදෙනෙක් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර තිබිණි.. මියගිය පුද්ගලයාගේ බිරියගේ පියා විසින් මළ සිරුර හඳුනාගැනීමෙන් පසු පොලිසියට පවසා ඇත්තේ තමන් දුවට හා බෑනාට රත්මලේ නිවස හා ඉඩම බාරදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචියට ගිය බවත් පෙරේදා (24) මෙම සිද්ධිය ආරංචි වීමෙන් පසු තමන් රත්මලේ නිවසට පැමිණි බවයි.
දුව සහ බෑනා අතර යම් විරසකයක් තිබුණු බවට තමන්ටද වරින් වර දැනගන්නට ලැබුනු බවද ඔහු පවසා ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක හේමාල් ප්‍රසන්ත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත මහත්ම මහත්මීන් ඇතුලු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ සිදුකරති.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය