Powered by Blogger.


Anurapura1සුවිසල් නිවසක නිධන් සෙවු බවට සැක කෙරෙන කෝණපතිරාව ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු උතුරු මැද පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ ඝෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන උතුරු මැද පළාත් විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් විසින් සැකපිට
අඟහරුවාදා(29) සවස අත්අඩංගුවට ගනු ලැබීය.ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුනු තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. මාස එකහමාරකට පමණ ආසන්න කාලයක් මෙම කැණීම සිදුකර ඇති අතර රුපියල් කෝටි ගණනක් වටිනා රන් මුතු මැණික් තිබෙන පෙට්ටගමක් තිබෙන බවට කට්ටඩියෙකු කළ ප්‍රකාශයකට අනුව මෙම කැණීම සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන විශේෂ වැටලීම් ඒකකය පවසයි.සුවිසල් දෙමහල් නිවසේ දකුණු පසට වන්නට පිහිටි කොරිඩෝව හා නිවසේ තාප්පයට ආසන්නයේ මෙම විශාල වල හාරා තිබුනි. එම වළ අඩි 03 ක් පළලින් හා අඩි 05 ක් දිගින් යුතු අතර අඩි 08 ක් පමණ ගැඹුරට හාරා තිබුනු අතර එම වළෙහි දකුණු පසට වන්නට අඩි 05 ක පමණ දෝණාවක් ද තිබුනි. එම දෝණාව ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමට ගමන් කර තිබුනි.මෙම සිද්ධියේ සැකකරුවන් වන කට්ටඩියා සහ ගෝලයන් පිරිස පොලීසිය අදාළ ස්ථානයට පැමිනෙන විට පළා ගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් ඒකකය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Anurapura2නිවස හිමි ව්‍යාපාරිකයාගෙන් මේ සම්බන්ධයෙන් වැටලීම් ඒකකය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ අතර ඔහු වැටලීම් ඒකකයට පවසා ඇත්තේ නිවසේ බිත්ති පුපුරා යාම නිසා කොන්ක්‍රීට් තට්ටුවක් දැමීම සදහා මෙම හැරීම සිදුකල බවයි. අදාළ ස්ථානය හෑරීම් සිදුකල පුද්ගලයන් නොහදුනන බවත් ඔවුන් සිටින ස්ථානයක් නොදන්නා බවත් ඔහු පොලීසියට දිගින් දිගටම පවසා ඇති අතර ව්‍යාපාරිකයා පවසන්නේ සත්‍යයක් නොවන බව පොලීසිය අනාවරණය කරගෙන තිබුනි. ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කට්ටඩියා සහ ගෝලයන් පළාගල සහ ඇදගල ප්‍රදේශයේ සිටින බව විමර්ශන ඒකකය අනාවරණය කරගනු ලැබීය.
Anurapura3කැණීම් සිදුකල ආම්පන්න සැගවීමට ව්‍යාපාරිකයා උත්සහ ගත්තත් උදලු දෙකක්, යකඩ ඉනි දෙකක්, කුලු ගෙඩියක්, බාල්දියක් , ඉනිමගක් හා දෝණාවේ ආධාරක ලෙස සකසා ගෙනවිත් තිබු යකඩ මුක්කු 06 ක් පමණද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ස්ථානයේ නිධන් සෙවීම සදහා කැණීම් වලට පමණක් රුපියල් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාරිකයා වියදම් කර ඇතිබව පොලීසිය පවසයි.සැකකාර ව්‍යාපාරිකයාට කෝණපතිරාව ප්‍රදේශයේ වෙළදසැල් විශාල ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා කුලී පදනම මත ලබා දී මසකට විශාල මුදලක් ලබා ගන්නා බවද වැටලීම් ඒකකය අනාවරණය කරගෙන ඇත. මෙම පුද්ගලයාගේ බිරිද කොළඹ ප්‍රදේශයේ උසස් පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර දරුවන් දෙදෙනෙකුද කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන බව වැටලීම් ඒකකය සදහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා වැඩිදුර පරීක්ෂණ සදහා කැකිරාව මුලස්ථාන පොලීසියට භාරදෙනු ලැබීය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය