Powered by Blogger.


ත්‍රිකුණාමලය චීන වරායේ ප්‍රීමා කම්හල් පරිශ්‍රයේ  ඇතිවු ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගිනි නිවන අභ්‍යාස පීඨයේ  භටයෝ  සමත් වුහ.
අද සවස  චීන වරාය ගුවන් ගමන් පාලන මැදිරියට දිස් වු දුමක් පිළිබඳව එහි කාර්‍ය මණ්ඩලය විසින්  සොයා බැලීමේදී  එය  ප්‍රීමා කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයෙන්  නැගෙන බව මුලින්ම හඳුනාගෙන ඇත.
පසුව වහාම ක්‍රියාත්මක වු ගුවන් හමුදා ගිනි නිවන භටයෝ  චීන වරාය ප්‍රීමා කර්මාන්ත ශාලාව අවට සෝදිසි කිරීමේදී එම පරිශ්‍රයේ   නවලෝක ඉදිකිරීම් අංශයේ  ගබඩාවක් තුළ ගින්න හටගෙන ඇති බවත් යම් රසායන ද්‍රව්‍යක් ගින්නට හේතුව විය හැකි බවත් සොයාගෙන ඇත.
ප්‍රීමා කර්මාන්ත ශාලා පරිශ්‍රයට සහ ඉදිකීරීම් අංශයට  වලට දැඩි හානි සිදුකරමින්   සීග්‍රයෙන් පැතිර යමින් තිබු ගින්න මහත් පරිශ්‍රමයක් දරා නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන භටයෝ සමත් වුහ.



ගුවන් අවුරුදු කුමරියෝ
වැඩවසම් ක්‍රමයේ දායාදයක් වන ආරච්චි කේන්ද්‍රකැර ගත් පැරණි ගමක ස්වරූපයෙන් ජන ක්‍රීඩා ද සහිත අවුරුදු උත්සවයක් රත්මලාග ගුවන් හමුදා කඳවුරේ දී අද පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති රොෂානි ගුණතිලක මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වූ අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතා සහභාගී විය.

තනිව විසූ කත මරලා
හෝමාගම පිටිපන නිවසක තනිව සිටි කාන්තාවක නාන කාමරයේ මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ගේ  කොල්ල කන්නට ආ පිරිසක් ඇය මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි

කඩේ කඩන්නත් හයිබ්‍රිඩ් කාර්
සුපිරි පන්නයේ හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ කඩයක්   මංකොල්ලකමින් සිටි   පිරිසක් කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩදී අද අළුයම අල්ලා ගත් බව වැලිවේරිය පොලීසිය කියයි.
සැකකරුවෝ  කඩය බිඳ හයිබ්‍රිඩ්කාරයට බඩු පටවමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් පොර බදා අල්ලා ගෙන ඇත.
මේ පිළිබ‍්ඳ විමර්ශන කටයුතු ගම්පහ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් මත  සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩි තුවක්කු මහතාගේ අධීක්ෂනය යටතේ වැලිවේරිය  පොලිස් ස්ථානාධිපති  එස්.කේ උපාලි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිදු කරති.
 





0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය