Powered by Blogger.

රංගන ශිල්පී ලාල් කුලරත්න
මම පසුගිය දවස්වල ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ජයලත් මනෝරත්නගේ ‘ ගුරු තරුව’, ‘තල මල පිපිලා’ කියන වේදිකා නාට්‍යවලත් රඟපානවා.
රංගනයට ඇවිත් වසර ගණනාවක් ගතවෙන නිසා මම පසුගිය දිනවල ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය අධ්‍යක්ෂණය කළේ චන්දන හේවාපතිරණයි. ‘ජීවිත තරණය’ කියන නමින් නම් කරලා තිබෙන මේ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියට දීලයි තිබෙන්නේ. ඒත් ඒ විකාශනය සඳහා තවම මට පිළිතුරක් ලැබුණේ නැහැ.










රාම් ලීලා, රන්ජනා පරදවා ඉන්දියාවේ පාල්කේ සම්මානය තණ්හා රතී රඟා දිනාගනී

නිලේන්ද්‍ර දේශපි‍්‍රය ගේ කුලුඳුල් සිනමා නිර්මාණය තන්හා රතී රඟා නවදිල්ලියේ දාදා සහාබ් පාල්කේ සම්මාන උළෙලේදී හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගනියි. එය සම්මානයට පාත්‍ර වුයේ ඉන්දියාව, ඉතාලිය, වියට්නාමය, පෝලන්තය, ආදී රටවල් ගණනාවක සිනමාපට අබිබවා යමිනි. එම උළෙලේ සෙසු සම්මානයන් මෙසේය.
හොඳම අධ්‍යක්‍ෂ – ආනන්ද් එල්. රායි (ඉන්දියාව) චිත්‍රපටය රන්ජනා.
හොඳම අධ්‍යක්‍ෂ ජූරියේ විශේෂ සම්මාන - සිද්ධාර්ථ සිවා (මැලේසියාව) චිත්‍රපටය සහීර්.
හොඳම කැමරාකරණය – ඒ වසන්ත් (කාෆ්රෝ කීනමාස් ඉන්දියාව)
හොඳම සංස්කරණය – ඉන්නොමින් සැටාන් (ඉතාලි)
හොඳම තිර රචනය - සුභාෂ් කපූර් (ජොලි එල්. එල්.බී. ඉන්දියාව)
හොඳම දෘෂ්‍ය ප්‍රයෝග – රාජ්නිදි මෞරු ක්‍රිෂ්ණා(ගෝ ගෝවා ගෝල් - ඉන්දියාව)
හොඳම සංගීතය - සංජය ලීලාබන්සාලි (රාම්ලීලා, ඉන්දියාව)
හොඳම නළුවා - ආලෝක් චතුර්වෙදී (කාෆිරොන් කී නමාස්,ඉන්දියාව)
හොඳම නිළිය –බර්තා මදන් (සර්කාබ් , ඉන්දියාව)
හොඳම සහාය නළුවා - මොහාමිඩ් සිෂාන්(රාන්ජ්නා, ඉන්දියාව)
හොඳම සහාය නිළිය -සුප්‍රියා පතාකි (රාම්ලීලා, ඉන්දියාව)
උළෙලේ ඇගයීම් සම්මාන : ග්‍රේබියෙල් (පෝලන්තය) අධ්‍යක්ෂණය මිකොලාජ් හරිරව්ස්කිකියෝන්
ඔන් ස්ප්‍රිංග් (වියට්නාමය) අධ්‍යක්ෂණය, ලෝ මා ගෝ  

ඇමැති රංජිත් සියඹලාපිටිය ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ රජු වෙයි

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට දේශපාලනය නම් අමුතු විෂයක් නොවේ. අමාත්‍යවරයකු දක්වා ඔහු පැමිණි ගමන් මග ඊට සාක්ෂි සපයනවා. පසුගිය දිනෙක අමාත්‍යවරයාට මෙතෙක් නොකළ කාර්යයකට කතා කළා. ඒ ටෙලි නාට්‍යයක රංගනයට. දෙවතාවක් නොසිතා ඔහු මේ අභියෝගය භාර ගත්තේ නිරූපණයට ලද චරිතය ද එසේ මෙසේ එකක් නොවන නිසා.
සියඹලාපිටිය අමාත්‍යවරයාට ලැබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතය. ඒ වත්රිකා ඕදිනි අධ්‍යක්ෂණය කරන ‘මුල්’ නම් වූ අර්ධ වෘතාන්තමය නාට්‍ය මාලවේ. දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව අමාත්‍යවරයා මේ චරිතයට පණ පොවල තියෙන්නේ කිසිදු චකිතයකින් තොරවයි.
සෑම ඉරු දිනකම ජාතික නාලිකාවෙන් විකාශය වන ‘මුල්’ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සංකල්පයට නිර්මාණය වූවකි.








නන්දා, සුනිල්, රෝහණ ප්‍රධානත්වයෙන් ආදරණීය කතාවක් ඇරඹේ

ධර්මසිරි ගමගේ පුත් චමින්ද නිෂ්පාදනයට
පී. එල්. ඒ. - චිත්‍රා පුත් චිත්‍රාල් ගායනයට
මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ සහ නන්දා මාලනියගේ ප්‍රධානත්වයෙන් මෙම මස 06 වැනිදා රාජගිරිය සවරින් හෝටල් පරිශ්‍රයේ දී සිනමා කෘතියක මුහුරත් උළෙලක් පැවැත්වීමට නියමිතය. ඒ පි‍්‍රයන්ත කොළඹගේ ගේ අරුමෝසම් වැහි සිනමාපටයෙන් අනතුරුව වසර දහහතරකට පසු අධ්‍යක්‍ෂණය කරන ‘ආදරණීය කතාවක්’ නම් වූ චිත්‍රපටයේය. සංගීතමය ආදර කතා පුවතක් වන මෙය චරිත හතරක් වටා දිවයන්නකි. හේමාල් රණසිංහ සහ බිමල් ජයකොඩි ‘ආදරණීය කතාවක්’ සඳහා මේවන විට තෝරාගෙන තිබේ.
නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ පුතු චමින්ද ගමගේ මෙමඟින් නිෂ්පාදකවරයකු වශයෙන් කලඑළියට පැමිණෙයි. ජනපි‍්‍රය ගීත රැසක් නිර්මාණය කළ උදාර සමරවීර සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ ‘ආදරණීය කතාවක්’ සමඟිනි.
පී. එල්. ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාල පුතු චිත්‍රාල් සෝමපාල (චිටි) පළමු වරට සිනමා ගායනයට එක්වන මෙහි ඔහු සමඟ කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි හඬ මුසු කරයි. පි‍්‍රයන්ත කොළඹගේ ගේ කතා සංකල්පයට ඔහු සහ රුවනි චාමිකා තිර රචනයට දායක වෙයි.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්‍ෂවරයාය, නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්‍ෂවරයාය. පුෂ්ප කුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, පි‍්‍රයන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ මෙහි ගීත රචකයෝය.
ආදරණීය කතාවක් චමින්ද සමඟ පි‍්‍රයන්ත කොළඹගේ ද නිෂ්පාදනයෙන් එක්වෙයි.

කොස්තාපල් පුඤ්ඤසෝම හෙට

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක නමුත් ආදර්ශවත් කතා පුවතක් රැගත් එය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. එම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.
ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි. - ප්‍රසාද්


තොප්පිය ගන්න නයගරා වැට උඩට

සුමනා අමරසිංහ
විස්තර කියන ලොව දුටු සුන්දරම පුදුම හත
පුදුම හත සමඟින් මෙවර එක් වෙන්නේ සිනමාවේ ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිනියකමෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වන සුමනා අමරසිංහ. ඇය සිනමාවේ මෙන්ම ලෝකයේ නොයෙක් තැන්හි සංචාරය කරන්නට වාසනාව ලද කාන්තාවක්. ඒ නිසාවෙන් ඇය අද අප සමඟ කතා කරන්නේ ලෝක සංචාරයේදී දුටු සුන්දරම ස්ථාන හත පිළිබඳවයි.
නයගරා දිය ඇල්ල
මමයි රෝයි ලෝකයේ නොයෙකුත් ස්ථාන නරඹන්න ගියත් ඒ සියල්ල අතරේ පෙරමුණට එන්නේ නයගරා දිය ඇල්ලයි. අමෙරිකා එක්සත් ජනපද සහ කැනඩා දේශ සීමාවේ පිහිටි මේ සුන්දර දිය ඇල්ලට කෙතරම් ආදරය කරනවාදැයි කියනවා නම් කොච්චර ගියත් එපා නොවන තැනක්.
නයගරා ඇල්ලේ සුන්දරත්වය මා පළමුවෙන්ම මා දුටුවේ හැත්තෑව දශකයේදී යි. එහි සුන්දරත්වය ඉහළින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ දහවල් කාලයටත් වඩා රාත්‍රී කාලයේදීයි. රෝයිගේ සහෝදරයා සහ සහෝදරියත් පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ.
ඒ නිසා අපට දස වතාවකටත් වඩා එහි යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක වතාවකදී නම් අමතක නොවන සිදුවීමකුත් සිදු වුණා.
එදා නයගරා දිය ඇල්ලේ සුන්දරත්වය විඳීමින් සිටින විට එක්වරම පැමිණි සුළඟකින් මගේ හිස පැළඳී තොප්පිය ගැලවී ගොස් ඒ අසල ගහක අත්තක පැටළුණා. ඒක රෝයි මට තෑගි දුන් මම ආසම තොප්පියක්. ඒක අත හැරලා දාන්න මට හිතුනේ නැහැ.
මමත් දුවලා ගිහින් ඒ අසල තිබූ යකඩ වැටට නැගලා බොහොම අමාරුවෙන් තොප්පිය ගත්තෙ රෝයි එපා කියලා කෑ ගහද්දීමයි. කොහොම හරි තොප්පිය අරගෙන වැටෙන් බැස්සේ නයගරාව බලන්න පැමිණ සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ අත්පොළසන් හඬ මධ්‍යයේදී යි. ඒක මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවෙන සිදුවීමක්.
ප්‍රංශයේ අයිෆල් කුළුණ
ප්‍රංශයේ අයිෆල් කුළුණත් මා දුටු සුන්දර ස්ථාන අතරට එක් වෙනවා. ප්‍රංශයේ පැරිස් නගරයේ සංචාරක යෙදෙන ඕනෑම අයෙක් දැකබලා ගන්නට අමතක නොකරන තැනක්නෙ අයිෆල් කුළුණ.
චෑම්ප් ඩි මාස් නගර මධ්‍යයේ නැගී සිටින මේ දැවැන්ත කුළුණ තරණය කළ අවස්ථාවත් මගේ ජීවිතයේ අමතක නොවන එකක්. අපි මුල්වරට ප්‍රංශයට යනවිටදී ආචාර්ය සුමිත්‍රා පීරිස් ප්‍රංශයේ තාතාපතිව සිටියා.
එතුමිය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රෝයි මම සහ අපේ සංචාරයට එක්ව සිටි මිතුරු මිතුරියන් ඉතා සුහදව පිළිගනිමින් සංග්‍රහ කටයුතු කළා. එදා එහි ජාතික දිනය සැමරූ දිනයක්.
ආචාර්ය පීරිස් යුවළ සමඟින් අපි එහි පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනයේ ඇවිදින්නත් ගියා. ඒ මතකයත් රෝයිගේත් මගේත් සංචාරයන් අතරේ හරිම සුන්දර එකක්.
ජපානයේ පූජියාමා ගිනි කන්ද
ජපානයේ පූජියාමා ගිනි කන්දත් හිතා ගන්නට බැරි තරමේ සුන්දර ස්ථානයක්. එදා අපි එහි යන විටදී හිම වැටිලා අපූරු දර්ශනයක් දකින්නට හැකි වුණා. එහිදීත් හරිම අපූරු සිදුවීමකට මුහුණ දෙන්න වුණා.
 ගිනි කන්ද දක්වා පාරේ වාහනය යන විටදී එක් වරම ගීතයක් ඇසන්න වුණා. ඒ සංගීතය හරිම මිහිරියි. මම හිතුවේ අපි ගිය වාහනයේ රේඩියෝ එක දාලා කියලා. ඒත් ඇත්තටම රේඩියෝ එක නෙවෙයි.
වාහන ගමන් ගන්නා අවස්ථවේදී පාර හා වාහනයේ රෝද ගැටෙන විට ජපන් ජාතික ගීය ඇසෙන ආකාරයෙන් තමයි ඒ පාර හදලා තියෙන්නේ කියලා අපට රියදුරා පහදලා දුන්නා. ඇත්තටම ඒ අත්දැකීමත් හරිම පුදුමයි.
ලන්ඩන් නගරය
මා සංචාරය කළ තැන් අතරේ තවත් සිත්ගත් ස්ථානයත් වෙන්නේ ලන්ඩන් නගරය යි. ලෝකයේ විශාලතම කරකැවෙන රෝදය වන ලන්ඩන් ඇසෙහි ගමන් ගන්නා විටදි ලන්ඩන් නගරය ඉතාමත් දර්ශනීය ආකාරයෙන් දැකබලා ගැනීමේ අවස්ථාව මටත් රෝයිටත් ලැබුණා.
සුන්දර තේම්ස් නදිය, එහි වූ බෝට්ටු සවාරි වගේම ලන්ඩන් පාලම, ට්‍රැෆල්ගා චතුරශ්‍රය එහි සුන්දරත්වය තවත් වැඩි කරනවා. ඒ වගේමයි බකින්හැම් මාළිගයත් මගේ එංගලන්ත සංචාරයේ සුවිශේෂ වෙනවා.
ලන්ඩන් ගියාම අපි ගොඩක් වෙලාවට නවතින්නේ දිල්හානි ජයවර්ධන කියන අපේ මිතුරියකගේ ගෙදර තමයි. ඉතින් එක සැරයක් අපි එහෙ ගියාම පාර්ටි එකකට ආරාධනාවක් ලැබුණා. රෝයි, මම සහ දිල්හානි පාර්ටි එකට ගියාට ඇයගේ සැමියාට වෙනත් වැඩකට යන්න සිදු වුණා.
දිල්හානිගේ මහත්තයා දොර වහලා යතුර අරගෙන ගියත් දිල්හානිට අනෙක් යතුර ගන්න අමතක වෙලා. අපි කලින් ආවත් දොර ඇර ගන්න බැහැ. දිල්හානි එහා ගෙදරට ගිහින් ඉණිමඟ අරගෙන ආවට මොකද නඟින්න ටිකක් බය වුණා.
මම තමයි චණ්ඩියා වගේ ඉදිරිපත් වුණේ. මට මතකයි එදා මම ඇඳගෙන හිටියේ සල්වාර් ඇඳුමක්. ඒකේ ෂෝල් එකත් ඉණේ ගැටගහ ගෙන මම ඉණිමඟ දිගේ නැග්ගා. කොහොම හරි උඩ තට්ටුවේ බාගෙට ඇරලා තිබුණු ජනේලයකින් මම ඇතුළටත් පැන ගත්තා. ලංකාවේ ගෙවල්වල වගේ නෙවෙයි එහේ ජනේලත් පොඩියි. මටත් හරිම පුදුමයි කෙහොමද මම ඇතුළට ගියේ කියලා.
ටජ් මහල් මන්දිරය
ප්‍රේමය වෙනුවෙන් ඉදි වූ ඉන්දියාවේ අග්‍රා හි යමුනා නදි ඉවුරේ ඉදිකර ඇති ටජ් මහල් මන්දියත් මා දුටු සුන්දරතම ස්ථාන අතරට එක් වෙනවා.
එහි වූ ගෘහනිර්මාණ, චිත්‍ර, කැටයම් සමගින් වූ පෞරාණික බවට මම දැඩි ලෙස ඇළුම් කරනවා.
මේ වගේ ලෝක පුදුමයක් බලන්නත් මම වාසනාවන්ත වුණ එක ගැන තියෙන්නෙත් ලොකු සතුටක්. ටජ් මහල් වගේම ඉන්දියාවේ කාශ්මීරයත් මම යන්නට ආශා කරන ප්‍රදේශයක්.
සිංගප්පූරුව
සිංගප්පූරුවත් ලොව මා සිත් ගත් තැන් අතරට එක් වෙන්නේ එහි වූ සුන්දරත්වය නිසාවෙන්. සෙන්තෝසා, ජූරෝන්හි ලොව විශාලතම කුරුළු උද්‍යානය, මරීනා බේ වගේම සන්ටෙක් සිටි හි පිහිටි ලොව විශාලතම වතුර මලත් එහි සුන්දරත්වයෙන් ජනතාවගේ ආකර්ශනය නිරතුරුව දිනා ගන්නවා.
නිරතුරුවම සිංගප්පූරුවේ සංචාරය කරන්න අවස්ථා ලැබුණත් ඒ කිසිම අවස්ථාවක මේ ස්ථාන එකක්වත් මඟ නොහැර සිටින්නට තරම් ඒ සුන්දරත්වය මගේ හිතට ඇතුල්වෙලා තියෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය
අමෙරිකා එක්සත් ජනපදය නම් මේ දවස්වල මගේත් රෝයිගේත් ජීවිත වලට ගොඩක්ම සමීප වෙන්න සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒ අපේ අලුත්ම චිත්‍රපටය වන “සිහින ලොවක්” සොයා නිසාවෙන්.
පහුගිය කාලය පුරාවට අපට නිතරම එහි යන්න සිදු වුණේ සිහින ලොවක් හි රූගත කිරීම් කටයුතු වලට. මේ මාසයේත් එහි ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් එහි යන්නත් අපි සූදානමින් සිටින්නේ.
ශාන්ත මරියා, ශාන්ත බාබ්රා, නිව්යෝර්ක්, ලාස්වේගාස් මම එහිදි දුටු සුන්දර ස්ථාන අතරට එක්වෙනවා.




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය