Powered by Blogger.

කිවු‍ලේමංකඩ මර්තේනිස් කිව්වොත් ඔහු ගැන නොදන්නා කිසිවෙකු මුළු ගමේම නැත. තරුණ වියේ දී චීවරය දරා පසුව හත් වසරකට පසු තරුණ උපාසිකාවක සරණ පාවාගෙන උපැවැදි වූ මර්තේනිස් සිවුරේ සිටියදීත් තුන්වැනි සිල්පදය බිඳීමේ වැරදි කීපයක්ම කර නායක හාමුදුරුවන්ගේ උදහසට ලක් වූවෙකි.
කාලයක් ගමෙන් පැන හිඟුරාන පැත්තේ උක් වත්තක වැඩ කළ ඔහු දෙවැනි වරටත් අනියම් සබඳතාවක් මල්පල ගන්වාගෙන අලුත් බිරින්දෑ කෙනෙක් සමග ගමට පැමිණ දීග කන්නට පටන්ගත්තේ ‘මොකුත් නොදන්නා ‍පොඩි එකෙක්’ වගේය.
කැ‍ලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැතැයි පැවසෙන කතාව සැබෑවක් කරමින් මර්තේනිස් කිවු‍ලේමංකඩ පැත්තේ නානතොටවල්වල, දර කඩන්නට යන ලඳු කැලෑවලත්, දෙවටවලත් නිතර නිතර දකින්නට ලැබුණි.
ගම පුරා කතා පැතිර ගියේ මර්තේනිස් අනංග රංගනය පටන්ගෙන තනිපංගලමේ සිටින කාන්තාවන්ට බැල්ම හෙළන බවය.
මාකොළ පැත්තේ පෙදරේරු රස්සාව කරන අබේරත්නලාගේ ගෙදර පැත්තට බැල්ම හෙළමින් සිටි මර්තේනිස් පසළොස්වක ‍පෝය දවසේ ඒ පැත්තට රිංගා අඩවන් දොර අසල හොල්මන් කරද්දී සිය සැමියාගේ උපදෙස් අනුව ක්‍රියා කළ අබේරත්නගේ බිරිඳගේ දක්ෂතාව මත මර්තේනිස්ගේ සරම තමන් අතට ගන්නට හැකියාවක් ලැබිණ.
මඳ සඳ එළිය ඇතත් අඳුර වනපෙත මැදින් දිවගිය මර්තේනිස් අවසානයේ නතර වුණේ ‍පොදු ළිඳ තුළය. වතුර අඩි තුන හතරක් නිසා ජීවිතය ගැලවුණත් පසු දා ගහක් ගලක් ගානේ අලවා තිබූ කැලෑපත්තරයෙන් ගැලවෙන්නට නම් මර්තේනිස්ට නොහැකි විය. එහි තිබූ අවසන් කවිය රසවිඳ බලමු.
නාන තොටේ දෙවැට දිගේ රෑ දහවල සහඋදේ
ගැවසෙන හැටි ගෑනුන් හට අනේ මේක හරිවදේ
ආරංචියි පැනපු පිම්ම එළියෙන් ‍පෝදාහඳේ
මරතේනිස් උපන් ඇඳුම පිටින් මොකද ‍පොදුළිඳේ”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය