Powered by Blogger.

Bodu Bala Sena Company (PVT LTD) – බොදු බල සේනාව පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරේ බොදු බල සේනා සංවිධානය, පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට සමාගම්  මැදුර වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් එම සංවිධානය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම ගැටලුසහගත බැවින් සමාගම් මැදුර ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ එවැනි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බව සත්‍යයක් බවත් බැංකු කටයුතු සිදු කිරීමේ පහසුව සදහා එවැනි තීණයක් ගත් බවත්ය.
ඒ අනුව ඉදිරියේදී ගොඩනැගෙන බොදු බල සේනා පුද්ගලික සමාගම වෙනුවෙන් සභාපති වරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කෙරෙනු ඇත.
 
 
මහින්ද පරදන පොදු මනමාලයාට ජවිපෙ කැමති වෙයි.. තාම මූණවත් දැක නෑ
මහින්ද පරදන පොදු මනමාලයාට ජවිපෙ කැමති වෙයි.. තාම මූණවත් දැක නෑ එළැඹෙන ජනාධිපතිවරණයකදී සියල්ලන්ට පිළිගත හැකි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සලකා බලන්න සූදානම් යයි ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සූදානම්, විකල්ප ජනතාවාදී පාලනයක් බිහි කිරීමට සූදානම් සහ සියලූ බලවේගයන්ට පිළිගත හැකි නිර්පාක්ෂික පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම් ඒ ගැන සලකා බැලීමට තම පක්‍ෂය සූදානම් බවයි.
ජනතාවාදී පාලනයක් ගොඩ නැගීම සඳහා එකතු කළ හැකි බලවේගවල එකතුවක් හදමින් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නටත් සිය පක්ෂය සූදානම් බවද කී ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය වහාම අහෝසි කළ යුතුයි යන්න ජ.වි.පෙ. දැඩිව විශ්වාස කරන බවත් වත්මන් ආණ්ඩුව පරාජයට පත් කළ යුතු බව ඒ හා සමානව විශ්වාස කරන බවත් කියයි.
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ යුතුව තිබෙන බවත්, ඒ සඳහා සියල්ලන්ට පිළිගත හැකි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කර ගත යුතුව තිබෙන බවත් ප‍්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කීය.
 
අවුරුදු කුමාරි සමුහ දුෂණය කරලා
අවුරුදු කුමාරි සමුහ දුෂණය කරලා අවුරුදු 14ක පමණ දැරියක්  බටදුව ප‍්‍රදේහයේ අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණ සිටියදී කණ්ඩායමක් විසින්  සමූහ දුෂණයකට ලක් කර ඇත. අක්මීමන ප‍්‍රදේශයේදී සිදුව ඇති මෙම සිද්ධිය පිළිබඳව පොලිස් පරික්ෂණ පැවැත්වෙයි.
අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණ සිටි තරුණයන් කිහිපදෙනෙකු සමග මිතුරු වී ඇති දැරියට ඔවුන් පවසා ඇත්තේ ඇය ඉතාම සුන්දර බැවින් අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වන ලෙසටය. ඊට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට යයි පවසමින් තරුණයන් ඇය රවටාගෙන ති‍්‍රරෝද රථයකින් නවාතැන්පළකට ගෙන ගොස් සමූහ දුෂණය කර මහමග දමා ගොස් තිබුණ.
පසුව පොලීසිය පැමිණ ඇයගෙන් පැමිණිල්ලක් සටන් කරගෙන ප‍්‍රතිකාර සඳහා ඇය රෝහල්ගත කර තිබේ.
 
සිරගෙවල්වලට අලූතින් ගිනි අවි
සිරගෙවල්වලට අලූතින් ගිනි අවි රට පුරා පිහිටි බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අලූතින් ගිනි අවි ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දැනට ලබා දී ඇති රිපීටර් වර්ගයේ ගිනි අවි ප‍්‍රමාණවත් නොවන බවට කරන ලද ඉල්ලීමක් මත මෙසේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.
 
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය