Powered by Blogger.

F-35 යානාවේ වියදමත් වැඩියි.. හැකියාවන් ගැනත් සැකයි පෙන්ටගන ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කළ අවි ව්‍යාපෘතිය ලෙස සැලකෙන F-35 ප‍්‍රහාරක යානා ව්‍යාපෘතියට වැයවන මුදල පිළිබඳ මැසිවිලි නැගෙන අතරතුර එහි හැකියාවන් පිළිබඳවද විවේචන එල්ලවීමට පටන්ගෙන තිබේ.
යානාවේ නිෂ්පාදන කටයුතු අවසන් වූ විට F-35 බලඇණියක් සැකසීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් ඩොලර් ටි‍්‍රලියනයක් වියදම් කිරීමට සූදානමින් සිටී.
කෙසේවෙතත් විවේචන එල්ල වීම සමගම වෙනත් වර්ගවල ස්ටෙල්ත් ගුවන් යානා මිලට ගැනීම සඳහාද ඇමරිකානු හමුදාවන්ගේ අවධානය යොමුවීමට ඉඩ ඇති බව පැවසේ.
එයට උදාහරණයක් ලෙස පසුගියදා ඇමරිකානු නාවික හමුදාව විසින් ඇණවුම් කර තිබූ ත්‍-35 යානා ප‍්‍රමාණය 69 සිට 36 දක්වා අඩු කර ඇති අතර  EA-18G ග්‍රොව්ලර් වර්ගයේ ප‍්‍රහාරක යානා 22ක් අළුතින් මිලට ගැනීමට තීරණය කර තිබේ.
මේ අතර පසුගිය වසරේ සිට ත්‍-35 ව්‍යාපෘතිය පිළිබඳ මැසිවිලි නැගෙත්ම තමන්ගේ F/A-18  සුපර් හෝර්නට් යානා සහ ග්‍රොව්ලර් යානා මිලදී ගන්නා ලෙස බෝයිං සමාගම විසින් පෙන්ටගනයට බලපෑම් කර ඇතැයිද හෙළිවී තිබේ.
සුපර් හෝර්නට් සහ ග්‍රොව්ලර් ව්‍යාපෘතීන් පිළිබඳ උප සභාපති මයික් ගිබන්ස් පවසා ඇත්තේ ලොක්හීඞ් මාටින්හි F-35 යානාව සතු යයි පැවසෙන තරම් රේඩාර් වලට හසුනොවන ස්ටෙල්ත් තාක්ෂණයක් එහි නොමැති බවයි.
එහි ස්ටෙල්ත් හැකියාවන් විනිවිද යා හැකි තාක්ෂණයන් මේ වන විටත් රුසියාව සහ චීනය විසින් නිපදවා ඇතැයිද ඔහු පවසා තිබේ.
 
 
ප‍්‍රවේශමෙන්.. මහ වැහි සමඟ මහ සුළං එනවා
ප‍්‍රවේශමෙන්.. මහ වැහි සමඟ මහ සුළං එනවා ඉදිරි පැය කිහිපය තුල රට පුරා බොහෝ ප‍්‍රදේශවලට තද වැසි සමඟ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් අවස්ථාවල සුළෙඟ් වේගය පැ.කි.මී. 70-80 පමණ ඉහළ යා හැකි බවද ඔවුන් අනතුරු අඟවයි.
දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
 
Ho Chi Minh වෙනුවෙන් සමරු මුද්දරයක්
Ho Chi Minh වෙනුවෙන් සමරු මුද්දරයක් වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) වෙනුවෙන් සමරු මුද්දරයක් ඊයේ (28) තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී නිකුත් කෙරිණි.
Ho Chi Minh ගේ 124 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කළ මෙම සමරු මුද්දරය තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන් මහතා වෙත පිරිනැමීය.
 

බුද්ධ බාර් ඇවිත් - එරෙහිවිය යුතුද? නැද්ද?

http://sinhala.adaderana.lk/news_images/1986597979main-M.jpg

ඉතාලියේ පරමා නගරයේ සාලබගන්සා ප්‍රදේශයේ පවත්වා ගෙන යන බුද්ධ බාර් නම්වූ මත්පැන් හලට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව එරට ශ්‍රී ලාංකිකයෝ පවසති. ඉතාලියේ වෙසෙන බහුතරයක් පිරිස් නිවාඩු දිනවලදී විවිධ අවන්හල් වලට ගොස් මත්පැන් පානය කිරීම සිරිතක් කරගෙන ඇත. ඒ අතරතුර මෑතකදී මෙම අවන්හලද විවෘත කර ඇති බව සඳහන්ය

ගෝපී දේශපාලන ලොක්කෙක් ඝාතනය කරන්න සැලසුම් කර තිබුණා

පදවිය කැලේදී හමුදාව සමග ගැටුමේදී මියගිය සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලන නායකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙන මහචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

ගෝපී ඇතුළු එල්.ටී.ටී.ඊ සැකකරුවන් තිදෙනෙකු පදවිය කැලේදී පසුගියදා හමුදාව සමග ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්විණ.

ගෝපී ඇතුළු එම එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් විනාශයට පත්වීම ඉතා අත්‍යවශ්‍ය මොහොතකදී සිදුවූවක් බවද රොහාන් ගුණරත්න මහතා කියයි‍.

විශේෂයෙන් එහිදී මියැදුණු තේවියන් ගුවන් යානා පිළිබඳ විශේෂ දැනුමක් සහිත අයෙකු බව ඒ මහතා‍ පෙන්වාදෙයි.

එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපදෙස් අනූව ඔහු ඉන්දියාවට ‍පලාගොස් තමිල්නාඩුවේ සිටින එම සංවිධානයට හිතවත් දේශපාලනඥයින් සමග සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කළ යුතුව තිබූ බවද හෙතෙම සඳහන් කරයි
 

මොහු හඳුනන්නේ නම් වහා කියන්න

http://sinhala.adaderana.lk/news_images/8694066232.jpg

අන්සතු විද්‍යූත් කාඩ්පතක් උපයෝගි කර ගනිමින් අනවසර ගනුදෙනු සිදු කරන ලද සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉහත ඡායා රූපයේ දැක්වෙන මෙම අනවසර ගනු දෙනු සිදු කරන ලද සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත.

එසේම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම දුරකථන අංක.

011-24 22 176

011-23 26 670

011-23 20 141 145

011-23 80 380

පහනින් පහන දැල්වුවද...!

http://sinhala.adaderana.lk/news_images/159282722522.jpg

අදට (29) යෙදී ඇති ලෝක නර්ථන දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් යාපනය වීරසිංහම් ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්විණ. එම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා මෙන්ම සංස්කෘතික කටයුතු ඇමති ටී.බී. ඒකනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සංස්කෘතිකාංග කිහිපයකින් උත්සවය වර්ණවත් වූ අතර පහන් දැල්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණ
 

හත් හැවිරිදි දරුවාට ගස් බැඳ දිමිගොටු දමලා-පියා අත්අඩංගුවේ

වයස අවුරුදු 07 ක් වන තම වැඩිමහල් දරුවා ගසක බැඳ හිසට දිමි ගොටු දමා වධ හිංසා කළ බව කියන අපූරු තාත්තා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ - පම්බල පදිංචි 29 හැවිරිදි තිදරු පියෙකි.

කුඩා දරුවෙකු ගස් බැඳ හිසට දිමි ගොටු දමා ඇති බවට මාදම්පේ පොලීසියට තොරතුරක් ලැබීම නිසා ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය වහාම ගොස් තේක්ක ගසක බැඳ සිටි දරුවා මුදා ගෙන ඇත.

පොලීසිය එම ස්ථානයට යන විටත් දරුවාගේ හිසේ දිමි ගොටු තිබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තමන් ගස් බැඳ හිසට දිමි ගොටු දැමුවේ තම පියා බව දරුවා පොලීසිය හමුවේ පවසා ඇති අතර ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තම දරුවා පාසල් යාමට අකමැත්තක් දක්වන නිසා තමන් විසින් මෙම දඬුවම ලබා දුන් බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයලත් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කර ගෙන යයි
 

බසය පෙරළී කතක් මරුට

ඇල්ල, හල්පේ පාසල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ සහයකවරයා ද බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඇල්ල පොලීසිය පැවසුවේය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් පදික කාන්තාවගේ ගැටීමෙන් සිදුවු අනතුරකින් පදික කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය