Powered by Blogger.

T20 ලෝක කුසලාන අවසන් තරගයේ යුව්රාජ් සිංගේ අසාර්ථකත්වයට හේතුව ඔහුගේ මව හෙළි කරයි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිංගේ ලොකු ම දුර්වලතාව පිළිබඳව ඔහුගේ මව වන ෂබ්නාම් සිං අනාවරණය කර තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල වෙබ් අඩවිය සමග කළ සාකච්ඡාවකදී ඇය මේ බව අනාවරණය කළා ය.
ඇය එහිදී පැවසුවේ, සිය පුත් යුව්රාජ් සිං දැඩි පීඩනයක් යටතේ පන්දුවට පහර දීමට දැඩි අකමැත්තක් දක්වන බව ය.
එය සිය පුතුගේ ඇති ලොකු ම දුර්වලතාව බව ඇය සඳහන් කර තිබේ.
ඇය ප්‍රකාශ කළේ, සැහැල්ලුවෙන් පීඩනයකින් තොරව ක්‍රීඩා කළ හැකි ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කිරීමට සිය පුතු මහත් කැමැත්තක් දක්වන බව ය.
මේ හේතුවෙන්, මෙවර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඔහු ක්‍රීඩා කිරීම පිළිබඳව යුව්රාජ් සිං දැඩි ලෙස සතුටු වන බව ඇය පැවසීය.
පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී යුව්රාජ් සිං පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීමට හේතුව දැඩි පීඩනයක් යටතේ පන්දුවට පහර දීමට සිදුවීම විය හැකි බව විචාරක මතය යි.
ඔහු එහිදී දැක්වූ අසාර්ථකත්වය හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඔහුගේ නිවසට ගල් ප්‍රහාරයක් ද එල්ල කළහ.
කෙසේ වෙතත්, අසාර්ථක වීම් හමුවේ නොසැලී සිටින ලෙස සිය පුතුට තමන් අවවාද කළ බව ඔහුගේ මව පවසයි.
අධ්‍යාපන කටයුතුවලදී යුව්රාජ් සිං දැඩි දුර්වලතාවක් දැක්වූ බව ත්, ඔහුගේ ගුරුවරුන්ගෙන් සිය පුතු වෙනුවෙන් තමන් දොස් ඇසූ බව ත් ඇය හෙළි කළා ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය