Powered by Blogger.



සුන්දර මව්බිමෙන් එපිට... හැතැප්ම ගණනාවක්‌ ඈත රටක විසුවද එක්‌සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හදවතින් ඉන්නේ උපන්බිම සමඟය. මව් රටේ සංස්‌කෘතිය, හැදියාව අත් හරින්නට ඉඩ නොදෙන ඔවුන්ගේ සිත් තුළ සිංහල ගීතයට තවමත් තිබෙන්නේ විශාල ඉඩකි. එක්‌සත් රාජධානියේ අපේ එවන් හිතවතුන්ට අමතක නොවන සොඳුරු හෝරා කිහිපයක්‌ අත් විඳීමේ අවස්‌ථාව මෙම 10 වැනිදා උදාවේ. "සුසිත මියුසිකල් නයිට්‌" ප්‍රථම වරට එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකීය හිතවතුන් උදෙසා නොමිලේ ඉදිරිපත් කෙරේ¾ ශාන්ත සමග සී සෙවන් කණ්‌ඩායමේ පසුබිම් සංගීතයට සුසිත මනෝඡ් තරුණ ගායන ශිල්පියා ගී ගයයි. ජනප්‍රිය නිළි දමිතා අබේරත්න, ජනප්‍රිය ගායිකා චම්පා කල්හාරී, ජනප්‍රිය ගායක සනත් උඩුගමද සුසිත සමග සුසිත මියුසිකල් නයිට්‌ හි ආරාධිත ශිල්පීන් ලෙස ගී ගයති. එක්‌සත් රාජධානියේ වෙසෙන හේමන්ත කුමාර, සුනිල් බී. මිල්රෝයි බුද්ධිකද ගීත ගයති. සුසිත රැකියාව කරන්නේ ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපළේය. මින් පෙරද ඔහු යුරෝපයේ සිටින ශ්‍රී ලාංකීය ජනතාවට අමතක නොවන අත්දැකීමක්‌ ලබා දුන්නේය. ඒ යුරෝපයේ "ස්‌කයි චන්ද්‍රිකා රූපවාහිනියේ 801" චැනලය ඔස්‌සේය.

එදා අපේ රටේ තරුණයෙක්‌ මේ චැනලය ඔස්‌සේ ගී ගයද්දී යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රීතියෙන් උද්දාම වූහ. උපන් රට ගැන අභිමානයක්‌ ඇතිකර ගත්හ. එදා මුළු යුරෝපයම ආකර්ෂණයට ලක්‌ කරගත් සුසිත අද එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකීය හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වන්නට පටන්ගෙන ඇත.

සුසිත මනෝඡ් මීගමුවේ උපන් තරුණයෙකි. මව හසින්තා ශ්‍රියානි ප්‍රනාන්දුයි. බිරිය මැඩෝනා පේෂලාය. සුසිතට බාල සහෝදරියන් තිදෙනෙකි. ස්‌ටෙµdන් නෙත්මිණ සුසිතගේ පුංචි පුතාය. මම හීන දැක්‌කේ ගායකයෙක්‌ වෙන්න නොවේ. ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වෙන්න. මම කාලයක්‌ එන්.සී.සී. කණ්‌ඩායමටත් ක්‍රීඩා කළා. එංගලන්තයේ මහ රැජින ප්‍රධානත්වය දරන රෝයල් හවුස්‌ හෝල්ඩ් ක්‍රිකට්‌ ක්‌ලබ් එකේ ආරම්භක පිතිකරුවෙක්‌ වගේම මඳවේග පන්දු යවන්නෙක්‌. ලෙසත් ක්‍රීඩා කරනවා. ඒත් දැන් ක්‍රිකට්‌ ක්‍රීඩාව දෙවැනි තැනට ඇවිත්. පළමුතැන ගායනය. සංගීතය හදාරමින් තවදුරටත් මේ ක්‌ෂේත්‍රයේ ඉන්න තමයි කැමැත්ත. මම මේ වන විට මගේම ගීත කිහිපයක්‌ නිර්මාණය කර තිබෙනවා. සුසිත මියුසිකල් නයිට්‌ කොන්සට්‌ එක 10 වැනිදා හවස හයට නරඹන්න කියලා එක්‌සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකීය හිතවතුන්ට මම ආරාධනා කරනවා. මෙය නොමිලේ පවත්වන්නේ. ක්‍රැන්ෙµdaර්ඩ් කොලේඡ්, හයි ස්‌ට්‍රීට්‌, ක්‍රැන්ෙµdaර්ඩ් හන්ස්‌ලෝ මිඩ්ල් සෙක්‌ස්‌, ටී. ඩබ්ලිව්. 5, 9 පීඩී දරන ස්‌ථානයේ තමයි මේ කොන්සට්‌ එක කරන්නේ. හන්ස්‌ලෝ (බටහිර) ටියුබ් ස්‌ටේෂන් එක අසල. 105, 111 අංක දරන බස්‌රථවල එන්න පුළුවන්. ඒවා හීත්රෝ සෙන්ට්‍රල් බස්‌ නැවතුමේ සිට ක්‍රැන්µර්ඩ්වලට එන බස්‌රථ. මම යළිත් ආරාධනා කරනවා මේ අවස්‌ථාව මඟහරින්න එපා කියලා. සුසිත මනෝඡ්, එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකික හිතවතුන්ගේ ඉල්ලා සිටියේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය