Powered by Blogger.



කඩුවෙල, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ කඩුවෙල සමුපකාර සංගමය සතු භූමියෙහි පිහිටා තිබූ තේක්‌ක ගසක්‌ එහි ගොඩනැඟිල්ලක්‌ මතට කඩා වැටීමෙන් ගොඩනැඟිල්ලට බරපතළ හානි සිදුවිය. සමුපකාර පෙර පාසලක්‌ පවත්වාගෙන යන මෙම ගොඩනැඟිල්ලට ගස කඩා වැටෙන මොහොතේ දරු දැරියන් 16 දෙනකු සිටියත් කිසිවකුටත් තුවාල සිදුවී නැත.

මෙම අනතුරුදායක ගස පිළිබඳව කඩුවෙල සමුපකාර සංගමයට කොතෙක්‌ දැනුම් දුන්නද ගස ඉවත් කිරීමට ඔවුන් ක්‍රියා නොකළ බව ප්‍රදේශවාසීහු "දිවයින" ට පැවසූහ. එම ගස කඩා වැටීමෙන් ගොඩනැඟිල්ල විනාශවී ඇති අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය