Powered by Blogger.

සාම්පූර් ප්‍රදේශයේ සිසුවියන් තිදෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව සාම්පූර් පොලිසිය කියයි. සාම්පූර් සේනවුර් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ සිසුවියන් පෙරේදා (29දා) පාසල් ගොස් නැවත නිවෙසට නොපැමිණි බවට දැරියන්ගේ මවුපියන් විසින් ඊයේ (30දා) පෙරවරුවේ සාම්පූර් පොලිසියට පැමිණිලි කොට තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ සාම්පූර් සීදනවේලි හා සංතෝෂපුරම් යන ගම්මානවල පදිංචි සෙල්වරත්නම් සෂින්දා (16), තංගරාජා සංගීතා (13) සහ අලගරාසා සිරිදා (12) යන තිදෙනාය. මේ අතුරුදන්වීම පැහැර ගැනීමක්ද, එසේත් නැත්නම් ප්‍රේම සබඳතා මත සිදුවූවක්ද යන්න පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මේ අතර එදිනම සාම්පූර් ප්‍රදේශයේ අතුරුදන්ව සිට නැවත නිවෙසට පැමිණ ඇති 24 හැවිරිදි තරුණියකගෙන්ද මේ පිළිබඳ පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි. සාම්පූර් කලක් කොටින්ගේ ග්‍රහණයේ තිබී ආරක්‍ෂක අංශ විසින් මුදාගෙන නැවත පදිංචි කිරීම් සිදුකළ ප්‍රදේශයකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය