Powered by Blogger.

2013 වර්ෂයේ මිස්ටර් ශ්‍රී ලංකා ලෙස තේරීපත් වුණ ඔහු මේ වන විට නිරූපණ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින දක්ෂ නිරූපණ ශිල්පියෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.
වෘත්තීය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ඔහු නමින් බ්‍රයන් ලිවේරායි. ඔහුට සිනමාවට ආරාධනා කිහිපයක් ලැබි තියෙනවා කියලා දැනගන්න ලැබුණ නිසාම අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්න අපි ඔහුට කතා කළා.
රිදී තිරයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා කියලා දැනගන්න ලැබුණා..?
ඔව්. ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත් මගේ රැකියාවේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක රංගනයට වෙලාවක් වෙන්කරගන්න අමාරුයි. ඒ නිසා කනගාටුවෙන් ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න වුණා.

ඒ කියන්නේ බ්‍රයන් රංගනයට කැමැත්තක් නෑ කියලද?
රංගනයට කැමැත්තක් තියෙනවා. අපි දෙයක් කරනවා නම් ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන. නැත්නම් මොන ක්‍ෂේත්‍රයට යොමු වුණත් වැඩක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවෙන්න තරම් කාලයක් නැති නිසා රංගනයට යොමුවෙන්නෑ කියලා මම තීරණය කළා.

රැකියාවත් එක්ක කොහොමද එහෙනම් නිරූපණ ශිල්පියෙක් ලෙස කාලය වෙන්කරගන්නෙ?
මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කරන්නේ. මම නිරූපණයට කාලය වෙන්කරලා තියෙන්නේ. මොකද රංගනයට වගේ ලොකු වෙලාවක් වෙන්කරන්න ඕන නෑ. නිරූපණයට ඒ නිසා රැකියාවයි නිරූපණයයි සමබරව මම කරගෙන යනවා.

මුදල් පරමාර්ථයෙන් ද බ්‍රයන් නිරූපණ ක්‍ෂේත්‍රයට එකතු වෙන්නෙ?
මගේ රැකියාවට කොටුවුණ නිසා මට නිකමට හිතුණා වෙනස් දෙයක් කරන්න ඕන කියලා. රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක මනසට විවේකයක් දෙන්න ඕන නිසා නිරූපණ ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ. ඒ නිසා කැම්පස් එකේ ෆැෂන් ඩිසයින්වලට සහභාගි වුණා. එරංග පෙරේරාගේ මාර්ගයෙන් මට බ්‍රයන් කර්කමන් මුණගැසුණා. එයා තමයි මට කීවේ නිරූපණ ශිල්පියෙක් විදියට එකතුවෙන්න කියලා. එහෙම තමයි මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ. නැත්නම් මුදල් කියන දේ මූලික වුණ නිසා නමෛයි.

නිරූපණ ක්‍ෂේත්‍රයේ ඔබ ඔබටම වෙන් වූ අනන්‍යතාවක් ගොඩනගාගෙන ද ඉන්නේ?
මම හිතනවා මම මටම වෙන්වූ අනන්‍යතාවක් ගොඩනගාගෙන ඉන්නෙ කියලා. මොකද මම මේ ක්‍ෂේත්‍රයට ආවේ වෙනසකට. ඒත් අද මට වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් ලෙස මේ ක්‍ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් තියෙනවා.

නිරූපණ ක්‍ෂේත්‍රයට එකතුවෙන පිරිස දවසින් දවස වැඩි වෙනවා. ඒත් ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නේ බොහොම සුළු පිරිසක් නේද?
ඔව්. ඒකට හේතුව මේ ක්‍ෂේත්‍රයට එන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒත් තමන්ට වෙනම අනන්‍යතාවක් ගොඩනගා ගගන්න අමාරුයි. අපි දෙයක් කරනවා නම් කැපවීමකින් උත්සාහයෙන් කරන්න ඕන. ඒ වගේම මේ ක්‍ෂේත්‍රයට එකතුවෙන සමහර අය තමන්ගේ ජීවිත පවා විනාශ කරගෙන තියෙනවා. තමන් දැනගන්න ඕන තමන් හරි මාර්ගයේ යන්න.

නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවෙලා ඉන්න අය ගැන සමාජය වපර ඇසින් බලන්න හේතුව මොකක් කියලද බ්‍රයන් හිතන්නේ?
ඒක නිරූපණ ක්‍ෂේත්‍රයේ වැරැද්දක් නෙමේ. ඒක මේ ක්‍ෂේත්‍රයට එකතුවෙන අයගෙයි වැරැද්ද. මොකද සමහර අය හැසිරෙන විදියවත් දන්නෑ. තමන් ආවේ වෘත්තිය පවා සමහර අයට අමතක වෙනවා. ඒක මේ ක්‍ෂේත්‍රයේ නෙමේ වැරැද්ද. පුද්ගලයන්ගෙයි. ඕන ක්‍ෂේත්‍රයක මේ වගේ ප්‍රශ්න තියෙනවා. තමන් හරි නම් තමන්ට කොහේ ගියත් ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ඒ වගේම එහෙම හැසිරෙන අයට මේ ක්‍ෂේත්‍රයේ දිගුකාලීන පැවැත්මක් නෑ.

මේ හැමදේටම අමතරව ඔබ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක්. ඒ ගැනත් මතක් කළොත්..
මීට අවුරුදු තුනකට කලින් මම රග්බි ක්‍රීඩා කළා. ඒ මොරටු විශ්ව විද්‍යාලයේ ඉන්න කා‍ලේ. මම ‍පොතට ඇලිලා හිටපු කෙනෙක්. මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි විනෝදයට එක්ක රග්බි ක්‍රීඩා කළේ. ඒත් කැම්පස් එකෙන් පිට වුණ ගමන්ම රග්බි ක්‍රීඩාවෙනුත් සමුගන්න වුණා. මොකද මම ඊටපස්සේ රැකියාවට කොටුවුණ නිසා.

වෘත්තීය කාර්යබහුලත්වයත් එක්ක බ්‍රයන්ට අහිමි වුණ දේවල් වැඩියි කීවොත්..
හිමිවුණ දේවලුත් තියෙනවා අහිමි වුණ දේවලුත් තියෙනවා. ඒත් ගොඩක්ම දුක මගේ අධ්‍යාපන කටයුතු අතර මග නතරවුණ එක ගැන.  ඒ ගැන හිතනකොටත් දුකයි. ‍පොඩි කා‍ලේ ඉඳන්ම මගේ එකම ඉලක්කය වුණේ සල්ලි ඕන නම් ඉගෙනීම අනිවාර්යයි කියන එක.

මේ හැමදේටම අමතරව ඔබ ගැන හොයලා බලන්න විශේෂ කෙනෙක් ඉන්නව නේද?
ඔව්. මට පෙම්වතියක් ඉන්නවා. අවුරුදු හයක ප්‍රේමයක්. ඇයව මට මුණගැහෙන්නේ කැම්පස් ඉන්න කා‍ලේ ඇයට ටියුෂන් දෙන්න ගියාම. හරියටම කීවොත් ගුරු ගෝල සම්බන්ධයකින් තමයි අපේ ප්‍රේමය ගොඩනැගෙන්නේ.

කොහොමද ඇගෙන් ලැබෙන සහයෝගය?
හොඳ සහයෝගයක් ලැබෙනවා. රණ්ඩු වෙන අවස්ථාවලුත් නැතිවම නෙමේ වැඩ වැඩිවුණාම.
තිළිණි මධුවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/05/11/brayan%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය