Powered by Blogger.



‍කෝටි 26 මැණික් කොල්ලයේ සැකකරුවන් 5ක් කොටුවෙයි පහල කඩුගන්නාව, කෝටි 26 යේ මැණික් මංකොල්ලයේ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කල විමර්ශන වලින් අනතුරුව අදාළ සැකකරුවන් ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව ය.
සැකකරුවන් සන්තකයේ තිබී පැහැරගනු ලැබූ රුපියල් 26 කෝටි 40 ලක්ෂ හතලිස්තුන්දාස් හත්සිය පනහක් වටිනා මැණික් 9 ම සොයාගත් බව ද පොලීසිය සඳහන් කළේය‍.
පොලීසිය පැවසුවේ සැකකරුවන් අතර ප්‍රධාන සැකකරුවන් 03 දෙනෙකු වන බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලීසිය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය