Powered by Blogger.

බළන්ගොඩ, මැද්දෙකන්ද ප්‍රදේශයේ නිවෙසක ඊයේ (2දා) අලුයම 6.15ට පමණ බෝම්බයක් පුපුරා යෑමෙන් එකම පවුලේ තාත්තා, පුතා හා දුව බරපතළ තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. පෙරේදා (1දා) රාත්‍රියේ කිසිවකු බෝම්බය ගෙනැවිත් මෙහි තබන්නට ඇතැයි බළන්ගොඩ පොලිසිය සැක කරයි. ගෙමිදුලේ ප්ලාස්ටික් විදුලි පන්දමක් තිබෙනු දැක දාහතර හැවිරිදි පිරිමි ළමයා සිය පියාට විදුලි පන්දම ගෙනගොස් දී ඇත. කුස්සියේ සිට පියා එය පරීක්‍ෂා කිරීමේදී විදුලි පන්දම් බෝම්බය පුපුරා ගෙස් තිබේ.

පියා, පුතා සහ විවාහක දියණිය මෙම අනතුරින් තුවාල ලැබ බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට යවා තිබේ. අනතුරින් රෝහල් ගතකර ඇත්තේ මැද්දෙකන්දේ පදිංචි නිමල් ජයතිලක (51), සඳමාලි සුරංගිකා ජයතිලක (25) සහ ප්‍රසංග සඳකැළුම් (14) අය වෙති.
බළන්ගොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ෂෙල්ටන් උඩුවක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක එම්.එල්. සමරවීර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවති.

විස්සයි විස්ස එක ඉන්දියාවට- ලංකාව 2 
අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කළ නවතම විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියානු කණ්ඩායම ප්‍රථමස්ථානය හිමි කර ගෙන තිබේ, ශ්‍රී ලංකා කණ්ඩායම එහි දෙවන තැන හිමිව ඇත

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය