Powered by Blogger.


සිගරට් පැකට්ටුවක සියයට 50ත් 60ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කරන්නැයි අභියාචනාධිකරණය අද සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර දුන්නේය.
 දුම්බීමේ ආදීනව එම අවවාදවලින් දැක්වෙනු ඇත.
සියයට 80ක් දක්වා සිගරට් පෙට්ටියේ රූපමය අවවාද ඇතුළත් කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබිණි.
අනිල් ගුණරත්න සහ මාලිනී ගුණරත්න අභියාචානාධිකරණ විනිසුරුවරුන් දෙපළ හමුවේ විභාග කැරුණු පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කැරිණි.


දහම් දරුවෝ දන් පුදති
බොගවන්තලාව විවේකාරාමයේ   ශ්‍රී ධර්ම කීර්ති දහම් පාසලේ සිසුහු වෙසක් සතිය නිමිත්තෙන් සාංඝික දානයක් දුන්හ.
හේවිසි ශබ්ද පූජා පවත්වා මහා සංඝරත්නය පවාඩ මතින්  වැඩමකරවූ ඔවුන්.සියළු සිරිත් සිදුකොට දානය පිළිගැන්වුහ.
දහම් පාසලේ ප්‍රධාන අනුශාසක  විවේකාරාමාධිපති ගල්කිස්සේ ධම්ම වංශ නාහිමියන්ගේ උපදෙස් පරිදි මේ පිංකම  සිදුවිය.
 


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/2(114).jpg
හෝටල් හිමිකරුගේ පුතා පීසීට ගහලා
පානදුර පිංවත්තේ හෝටලයටක ඉරිදා රාත්‍රී (11) 9.30ට පමණ ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු  හෝටල් හිමිකරුගේ පුතා විසින් එල්ල කැරුණු බෝතල් පහරකින් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.



නයිජීරියා දැරිය සෙවීමට ඇමෙරිකා උදව්
නයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමික අන්තවාදී කණ්ඩායම එරට ද්විතියීක පාසලකින් පැහැරගෙන ඇති සිසුවියන් 276 දෙනා සොයා සිදුකෙරෙන මෙහෙයුම් වලට සහය දීමට දැන් ලෝක බලවත්හු එකතු වෙමින් සිටිති.
පසුගියදා ඇමරිකා ජනපති බරක් ඔබාමා සතිපතා ඇමරිකා ජනතාව අමතා කරන ප‍්‍රකාශය ප‍්‍රථම වතාවට සිදුකළ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා පැහැරගත් දැරියන් සොයා සිදුකෙරෙන කටයුතු වලට ඇමරිකාව උපරිමයෙන් සහයවන බවත් ඒ සදහා අවැසි පියවර දැනටමත් තම ස්වාමියා ගනිමින් සිටිනා බවත් පැවසුවාය.
තමන් දියණියන් දෙදෙනෙකුගේ මවක හෙයින් මෙම අතුරුදන්වූ දැරියනගේ මව්වරුන් විදිනා වේදනාව තමන් හොදින්ම අදුනන බව ඇය කීවාය.
බි‍්‍රතාන්‍යය දැනටමත් අපරාධ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රවිණයන් කණ්ඩායමක් නයිජීරියාව වෙත යවා ඇත.
පසුගිය මස 14 වැනිදා පාසලේ ඉගෙනගනිමින් සිටි දැරියන් 276 දෙනෙකු පැහැරගෙන ගොස් මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබේ.මේ දක්වාම ඔවුන් සිටින ප‍්‍රදේශයක් ගැන නිශ්චිත තොරතුරු සොයාගැනීමට කිසිවෙකුටත් හැකිවී නොමැත.තමන්ගේ ඉල්ලීම් වලට බළධාරීන් කන් නොදෙන්නේනම් මෙම දැරියන් සියලූදෙනා වහල් සේවයට විකුණා දමන බවට අන්තවාදීහු තර්ජනය කරමින් සිටිති.
පසුගිය සතියේ තවත් දැරියන් 8 දෙනෙකු වෙනත් ගම්මානයකින් පැහැර ගෙන ගොස් තිබේ.
බොකෝ හරාම් අන්තවාදීන්ගේ තර්ජනය සුලූ කොට තකන්නට නයිජීරියාව මෙන්ම ලොව බලවත් රටවල් කටයුතු කිරීම නිසා මෙවැනි වාතාවරණයක් උද්ගතව ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පසුගියදා නිවේදනය කළේය.විශේෂයෙන් නයිජීරියා ආරක්ෂක අංශ වලට අවි ගත් පුද්ගලයින් නයිජීරියාවේ විවිධ ප‍්‍රදේශ වල ස්ථාන ගතවෙමින් සිටින බවට නොයෙක් අවස්ථාවන්හි දැනුම් දුන්නද ඔවුන් කිසිත් නොකර බලා සිටීම නිසා දැන් තත්ත්වය බරපතල වී ඇතැයිද මදක් සැළකිලිමත්වී නම් මේ සියල්ල වළක්වාගත හැකිව තිබුණේ යැයිද ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නිවේදනයේ සදහන්ය.
දැනට සිදුකෙරෙමින් ඇති පරීක්ෂණ කටයුතු වලට අනුව පැහැරගනු ලැබූ දැරියන් නයිජීරියාව හා කැමරූන් දේශය වෙන්කරන සම්බිසා වනයේ රදවා ඇතැයි සැක කෙරේ.ඔවුන් කණ්ඩායම් වලට බෙදා වනයේ තැන් තැන්වල රදවන්නට බොහෝ හරාම් අන්තවාදීන් කටයුතු කර ඇතැයි ආරක්ෂක විශේෂඥයින්ගේ මතයයි.
 


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය