Powered by Blogger.

අඟුණකොලපැලැස්‌ස අලුත්වැවදී පෙරේදා (11 දා) රාත්‍රි 9.30 ට පමණ නිවසකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක්‌ එම නිවැසියන්ට පහරදී නිවස හිමිකරුගේ පුත්‍රයකු අත තිබූ රු. ලක්‍ෂ 7 1/2 ක මුදලක්‌ කොල්ලකා පලාගොස්‌ ඇත.

මෙසේ කොල්ලකෑමට ලක්‌ව ඇත්තේ අඟුණකොලපැලැස්‌ස නගරයේ ඉන්ධන පිරවුම්හලක්‌ පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ නිවසකි. ඉන්ධන පිරවුම් හලේ සිට දවසේ ආදායම වූ රු. ලක්‍ෂ 7 1/2 ක මුදල රැගෙන එහි අයිතිකරුගේ පුත්‍රයා නිවසට පැමිණි අවස්‌ථාවේ මෙම කොල්ලකෑම සිදුකොට ඇත.

කොල්ලකරුවන් සෙල්ලම් පිස්‌තෝලයක්‌ පෙන්නා මෙම සොරකම සිදුකොට ඇත. මෙහිදී කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්‌වූ ඉන්ධන පිරවුම්හල් හිමිකරුගේ පුත්‍රයා වන රජිත් වර්ණක දහනායක යන අය බරපතළ තුවාල සිදුවී ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත. මෙම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මේ වන විටත් අඟුණකොළපැලැස්‌ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව අඟුණකොළපැලැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය