Powered by Blogger.

කෝටිපති ව්‍යාපාරිකයකු වන ගාමිණී වෙත්තසිංහ රුපියල් අසූපන් ලක්‍ෂයක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පසුගියදා (13දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 2012 වසරේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළෙඳසලකින් රන් ආභරණ රැගෙන ගොස් ඇති බවත් ඒවාට අදාළ මුදල් නොගෙවා වංචා කිරීමක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 'මව්බිම'ට පැවැසීය.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇති බවත් ඔහු සඳහන් කෙළේය.

ඊළඟ නඩු දිනයේදී මොහු රුපියල් ලක්‍ෂ 20ක් අදාළ පාර්ශ්වයට ලබාදීමේ පොරොන්දුවක් දී ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය