Powered by Blogger.












නව පරපුරේ ගායිකාවක වන විශාරද සධානා රණතුංග කලාශූරී වසන්තා සන්දනායකගේ මිණිබිරියයි. ඇය තම මිත්තණියගේ ගී නිර්මාණ ප්‍රති ගැයුමකට ලක්කරමින් ‘බුදුහිමි දැක්මට’ නම් වූ බොදු ගී සංයුක්ත තැටියක් මෙවර වෙසක් උත්සවය හා පොසොන් උත්සවය නිමිත්තෙන් එළිදැක්වීමට සූදානම්ය. නොකියාම එදා, බුදු හිමි දැක්මට, ධර්මරාජා නමාමි, පටාචාරා වැනි ගීත මෙයට ඇතුළත්ය. නව සංගීත අධ්‍යක්ෂණය ජගත් වික්‍රමසිංහගෙනි.

* මෙවැනි ගී තැටියක් එළිදැක්වීමේ අරමුණ කුමක්ද?
අද සමාජයේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ආදර ගීත, එසේත් නැත්නම් විරහ ගීත. බොදු ගීත ඇහෙන්නේ බොහෝම අඩුවෙන්. ඒ නිසා මෙවැනි බොදු ගී සංයුක්ත තැටියක් එළිදැක්වීම හොඳ යැයි මා සිතුවා.

* ආච්චි අම්මාගෙන්, ගෙදරින් ලැබුණු සහයෝගය?
ආච්චි අම්මා හිටියේ අපේ ගෙදර. එතකොට අපි එකතු වෙලා ගීත ගායනා කරනවා. මා ගායිකාවක් වන සිහිනයක ආච්චි අම්මා හිටියා. අපේ අම්මත් ගායිකාවක්. ඇය දයා හේමන්තා අබේසේකර. තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර. අම්මා කරපු කියපු දේවල් ආභාසයට ගෙන අපිත් හැඩගැසුණා.

* ආච්චි අම්මාගේ ගීත නැවත ගායනා කරමින් මෙම සංයුක්ත තැටිය නිර්මාණය කර තිබෙනවා. ඇයි ඔබගේම ස්වයං නිර්මාණයක් එළි නොදක්වන්නේ?
අවුරුදු 19, 20 කාලයේ සිටම මට සංයුක්ත තැටියක් එළිදැක්වීමට ආශාව තිබුණා. නමුත් මට ඒ සඳහා විවේකයක් තිබුණේ නැහැ. අනෙක් කරුණ තමයි ආච්චි අම්මාගේ ගීත ගොඩාක් රසික රසිකාවන් අතර ජනප්‍රිය නිසා ඇය‍ෙග්ම ගීත ගැයුමකට ලක් කිරීමට සිතුවා.

* ඔබ වෘත්තියෙන් ගායිකාවක්?
ඔව්. මම වෘත්තියක් වශයෙන් ගීත ගායනා කරන අතර කොළඹ රාජකීය විදුහලේ ප්‍රාථමික අංශයේ බාහිර සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. මේ දෙකම සමබරව කරගෙන යනවා. එයට අමතරව පෞද්ගලික පන්ති පවත්වාගෙන යනවා.

* මේ ගී බොහෝමයක්ම හින්දි තනු නේද?
මේ තනු ඉතා අලංකාරයි. ‍ෙමාහිදින් බෙග් ගේ ඇතැම් බෞද්ධ ගී පවා හින්දි තනු. ඒවා බෞද්ධ රසිකයන්ට ප්‍රශ්නයක් නෙමෙයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය