Powered by Blogger.

නව නළු රසයම විවිධාකාරයෙන් විවිධ අය වෙතින් විවිධතන්හිදී රස විඳින්නට ඉඩලැබෙන සමයකි මැතිවරණ සමය. මේ සමයේදී රස කවි අසන්නට ලැබෙන්නේ වේදිකාවලදී පමණක් නොවේ. සාද මෙන්ම නිවෙස් මට්ටමින් පැවැත්වෙන කුඩා රැස්වීම්වලදීද අතිශය රසබර කවි අසන්නට ලැබෙයි.
ගෙවී ගිය දකුණු පළාත් සභා සමයේදී අපට මෙවන් කවි විඳින්නට අවකාශය සැලසිණ. මේ සමයේ ඡන්ද අපේක්ෂකයින් කූඩැල්ලන් කඩමින්, තමෛමින්, වේළෙමින් අව්ව වැස්ස රැය දාවල නොබලා ගංකරේ හැමතැනම කරක් ගැසුවේ කල්ලි ගැසෙමිනි.
හත්, අටදෙනාගේ කල්ලි ගම් ආවරණය කරමින් සිටියහ. එක් දිනක හැන්දෑවේ ගමේ එක්තරා ප්‍රභූ නිවසකට ගොඩවැදුණු මෙම අපේක්ෂකයා ප්‍රමුඛ පිරිස සතුටු සාමිචියක යෙදෙමින් විනෝදයක ගිලී සිටියහ. මෙහිදී ඡන්ද අපේක්ෂකයින්ගේ ගුණ යහපත්කම් සේම සේවාවන් සාකච්ඡාවට ලක්විය. මෙම නිවසේ කෙළවර අසුනක හිඳගෙන සිටි කලහේ කුමාරදාස ලියනගේ කවියා අපූරු රස මතුකරන උපන් හපන්කම් ඇති බැව් දන්නා අයෙක් ලියනගේ කවියාට කවියක් කියන ලෙස ආරාධනයක් කළේය.  කවියෙන් ඕනෑම අභියෝගයක් ජයගන්නා කලහේ කවියානන් කී කවියක් සමගම රැස්ව සිටි අපේක්ෂකයා ප්‍රමුඛ පිරිස පිළිසඳර නවත්වා එළියට බැස්සේ කට උත්තරත් නැතිවූ විලාසයෙනි.
මෙන්න ඒ කවිය
ගම් හත අටක නෑදෑ පරපුරක් දැරූ
ඡන්දය හිඟා කති වැදගත් මහත්තුරු
තම වාසියට ජයගත් පසු පසක් කෙරූ
කලිසම් පිටින් හිටියත් මුං හරක් හොරූ
- ජිනදාස ගුරුසිංහ - බුත්තල

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය