Powered by Blogger.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර මොරගොඩ තේකක කැලෑවේ වාසය කළ ‘අලි හිඟන්නා’ විශේෂ මෙහෙයුමකින් පසුව අල්ලාගෙන කුමන වන උද්‍යානයට මුදා හැරීම සදහා බදාදා(30) රැගෙන ගියේය.දින 05 ක ට ආසන්න කාලයක් මොරගොඩ තේකක කැලෑවේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව වන ජීවි නිළධාරීන් විසින්නිර්වින්දනය කර මෙම අලිහිගන්නා අනුරාධපුර උලුක්කුලම පිහිටි රජයේ තේකක කැලෑවේදී අල්ලා ගනු ලැබීය. මිට වසර කිහිපයකට ඉහතදී දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම අලියාගේ එක් ඇසක් සම්පුර්ණයෙන්ම පෙනීම නැතිවී ගොස් තිබු අතර පෙනීම එක් ඇසකට පමණක් සීමා විය. එම ඇසෙහි පෙනීමද අඩක් පමණ වන බව පණ්ඩුලගම පිහිට වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අලි හිගන්නාගෙන් ප්‍රදේශයේ කිසිවෙකුටත් කරදරයක් නොවුනු අතර එහෙත් පසුගිය සති කිහපය තුල මෙම වන අලියා ශ්‍රාවස්තිපුර මොරගොඩ උලුක්කුලම ප්‍රදේශ වල සැරිසැරීම හේතුවෙන් ඌ අල්ලාගෙන වන උද්‍යානයකට දැමිය යුතු බව වන ජීවි නිළධාරීන් තීරණය කළහ. මෙම වන අලියා ප්‍රදේශයේ ජනතාව සමගින් දැඩි හිතවත්කමක් පාමින් කල් ගෙවු අතර ඌ මොරගොඩ පිහිටි තේක්ක කැලෑවේ විදුලි වැට ආසන්නයට පැමිණ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් කෑම ඉල්ලා ගැනීමට පුරුදු වී ඇති නිසා ඌට අලි හිගන්නා යනුවෙන් නම් තැබිමටද ප්‍රදේශවාසීන් කටයුතු කළහ.

Aliya2Aliya3

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය