Powered by Blogger.


කොවුල්වැව හිරුවල්පොල ලිපිනයෙහි පදිංචි පස්‌ හැවිරිදි විහඟ විදුසර දරුවා ඉපදී මාස දෙකක කාලයක සිට දරුණු ස්‌නායු ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරු පවසති.

අපස්‌මාර රෝගයට සමාන රෝග ලක්‍ෂණ පෙන්වන බැවින් මෙම දරුවා පාසල වෙත යොමු කිරීම ද ගැටලුවක්‌ බවට පත්ව ඇත.

මෙම දරුවාගේ පියා වන විද්යුත් මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා, රෝගය වැළඳුනාට පස්‌සේ මුලින්ම දරුවා හලාවත මූලික රෝහලට ඇතුළත් කළා. පසුව කොළඹ රෝහල් ළමා අංශයට රැගෙන ගොස්‌ ප්‍රතිකාර කළා. සුවයක්‌ නොලැබුණ නිසා ජාතික රෝහලට මාරු කළා. මේ විදිහට අවුරුදු හතරක්‌ (04) එම්. ආර්. ඒ. පරීක්‍ෂණ කළා. පසුව රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ මහතාගේ උපදෙස්‌ මත වසර කිහිපයක්‌ ප්‍රතිකාර කළා. දිගින් දිගට එන්නත් ලබා දුන්නා. දිනපතා µdමසි වලින් ලබා ගැනීමට නියම කරන බෙහෙත්වලට විශාල මුදලක්‌ වැය වෙනවා. දිගින් දිගට කරන ලද ප්‍රතිකාරවලින් සුවයක්‌ නැහැ.

මෙම රෝගී දරුවා සුවකර ගැනීමට හැකි කාරුණික වෛද්‍යවරයකු හා ප්‍රතිකාර සඳහා වැය වන මුදල් සපයා ගැනීමට උපකාරයක්‌ සිදුÊකරන ලෙස දිනෙත් කුමාර මහතා මානව දයාවෙන් පිරුණ සැමගෙන් ඉල්ලීමක්‌ කෙරේ¾ පී. එල්. දිනෙත් කුමාර, කොවුල්වැව, තිරුවල්පොල. දුරකථන අංකය 077500359.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය