Powered by Blogger.



 
ජනාධිපතිවරණයක උණුසුම දැන් සිටම රළ නගමින් තිබේ. එහි දී කුමක් වෙයිද? 2010 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණ උණුසුම සම්බන්ධයෙන් දරන්නේ කවර මතයක් ද? මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.


  ප‍්‍රශ්නය: ඔබ හිතන විදියට මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද?
  පිළිතුර:
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉස්සර නම් මම යුද හමුදාපති කාලේ නිතරම කියන දෙයක් තමයි මම මහ මැතිවරණයට ඉස්සෙල්ලා හැම වෙලාවෙම ජනාධිපතිවරණය පවත්වනවා. මොකද ඉස්සෙල්ලා මහ මැතිවරණය තිබ්බොත් උන් මගේ ඡුන්දෙදි මට වැඩ කරන්නේ නෑ. ඒ නිසා මම ඉස්සෙල්ලා තියන්නේ ජනාධිපතිවරණයයි කියලා. ඒ අනුව, ඒ නායකත්වය අනුව මම හිතනවා මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය එනවා කියලා.
 

  ප‍්‍රශ්නය: එහෙම ජනාධිපතිවරණයක් ආවොත් කොහොමද ඔබේ සූදානම?
  පිළිතුර:
ජනාධිපතිවරණයක් ආවොත් අපි දන්නවා විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් දාන්න වෙනවා. එතැන දී අදාළ පාර්ශ්ව සමග ගිය පාර වගේ සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපේ අරමුණ තමයි මේ ¥ෂිත පාලනය පෙරළා දමා රට බේරා ගැනීම. ඒ නිසා පොදු අපේක්ෂකයෙක් වටා විරුද්ධ පක්ෂයට ඒකරාශි වෙන්න වෙනවා. පොදු අපේක්ෂකයා තෝරා ගැනීම හැමෝම එක එක මත දැරුවට ඒක කියන තරම් ලේසි වැඩක් නොවෙයි. පොදු අපේක්ෂකයෙක් වුණොත් පළමුවෙන්ම ඔහුට පුළුවන් වෙන්න  ඕනෑ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයාට තරගයක් දෙන්න. ඒ වගේම ඒ පුද්ගලයා මවාගෙන තියෙන ජනතාව රවට්ටන්න පාවිච්චි කරන යුද ජයග‍්‍රහණයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් වෙන්න  ඕන. විරුද්ධ පක්ෂ, සියලූ ඡන්දදායකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න  ඕනෑ. අතීතයේ ඒ පුද්ගලයා කරපු කියපු දේවල් බලලා ඒ පුද්ගලයාගේ චරිතය, රටට වැඩක් කරලා තියෙනවා ද? ඒ පුද්ගලයා ගැන විශ්වාසය තියන්න පුළුවන් ද කියලා බලන්න  ඕනෑ.
අන්න ඒ වගේ සුදුසුකම් පොදු අපේක්ෂකයකුට තියෙන්න  ඕනෑ.


  ප‍්‍රශ්නය: හැබැයි මේ පාර හොයන්නේ පොදු අපේක්ෂකයෙක් නොවෙයි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක්?
  පිළිතුර:
ඒක නම් ලේසි වෙන එකක් නෑ. ගිය පාර යුද ජයග‍්‍රහණය සඳහා මම කරපු කැප කිරීම් මත මම දේශපාලන පක්ෂයක නොහිටපු නිසා මම නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදියට ආවා. නිර්පාක්ෂික වෙන්න  ඕනෑම කියන එකේ එච්චර වැදගත්කමක් තියෙනවා කියලා මට පේන්නෙ නෑ. ඒකෙ එච්චර අවශ්‍යතාවයක් නෑ. දේශපාලන පක්ෂයක නායකයකුට පොදු අපේක්ෂකයා වෙන්න බැරිකමක් නෑ. මම ඉස්සෙල්ලා කියපු සුදුසුකම් තියෙනවා නම් ඒ මත පිහිටලා කතාබහ කරලා කට්ටිය එකතු වෙලා ඒක කරන්න වෙනවා. කවුරු කළත් ඒ පුද්ගලයා පැමිණිය යුත්තේ රට තියෙන අරාජික තත්ත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණෙන්. අපි හිතමු කවුරු හරි අපේක්ෂකයෙක් දානවා. ලේසියෙන්ම දෙන්න පුළුවන් පොරොන්දුව තමයි ”මම විධායකය අහෝසි කරනවා” කියන එක. මෙච්චර කාලයක් ආපු අය ඔය පොරොන්දුව දුන්නා. හැබැයි විධායක ජනාධිපති ධුරය අහෝසි කළා කියලා ජනතාවගේ බඩගින්න නිවෙන්නේ නෑ. රට ගොඩ නගන්න  ඕනෑ. රට ගොඩ නගන්න පුළුවන් මිනිහෙක් ද කියලයි බලන්න  ඕනෑ. මගේ මතය නම් ඒකයි.
 

 

  ප‍්‍රශ්නය: ඒ පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතුයි කියලද ඔබ හිතන්නේ?
 පිළිතුර:
ඒක ගැන හිතන්න තීරණය කරන්න වේලාසන වැඩියි. මොකද, ගිය පාර පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගත්තේ නාමයෝජනා දෙන්න මාසයක් විතර තියෙද්දි. ඉතාම සුළු කාලයක් තුළ පැය දෙක තුනක සාකච්ඡුා කිහිපයකින් පස්සෙයි ඒ තීරණය ගත්තේ. ඒ නිසා මුහුද හත්ගව්වක් තිබිය දී අමුඩගහන්න යන්න  ඕන නෑ. මම හිතන්නේ ඔය ගැන කතා කරන්න තවම වේලාසන වැඩියි. ඒ වගේම පොදු අපේක්ෂකයා කවුරු විය යුතු ද කියලා පුද්ගලයෙක් දැනට මගේ හිතේ නෑ.
 

  ප‍්‍රශ්නය: පොදු අපේක්ෂකයා වෙන්න ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
  පිළිතුර:
ඒ අවස්ථාව ආවට පස්සේ පොදු අපේක්ෂකයා මමයි කියලා තීන්දු තීරණ වුණොත් මට ඉදිරිපත් නොවෙන්න හේතුවක් නෑ.
 

  ප‍්‍රශ්නය: ඔබේ සහාය රනිල්ට ගන්න සාකච්ඡුාවක් තිබුණා කියලා පුවත් පළවුණා?
  පිළිතුර:
එහෙම සාකච්ඡුාවක් පැවැත්විලා නෑ. එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ මගේ සහාය බලාපොරොත්තුවෙන් එහෙම සාකච්ඡාවක් මේ වෙන තෙක් වෙලා නෑ.
 

  ප‍්‍රශ්නය: එ.ජා.ප.යේ සහාය ඔබට ගන්න සාකච්ඡාවක් වුණා ද?
  පිළිතුර:
නෑ, එහෙම සාකච්ඡුාවක් වුණෙත් නෑ.
 

  ප‍්‍රශ්නය: යම් හෙයකින් රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වුණොත් ඔබේ සහාය ඔහුට හිමි වෙනව ද?
  පිළිතුර:
ඒක තමයි මම කිව්වේ. හුඟාක් දේවල් සාකච්ඡුා කරන්න  ඕනෑ. විරුද්ධ පක්ෂයේ ඉන්න ප‍්‍රධාන පක්ෂවලට මේ ගැන කතා කරන්න වෙනවා. එහෙම සාකච්ඡාවක් කරන්නේ නැතිව මට ඒ ප‍්‍රශ්නයට උත්තර දෙන්න බැහැ.


  ප‍්‍රශ්නය: ඔබ කිව්වා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළාට ජනතාවගේ බඩගින්න නිවෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඔබ ආවොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ?
  පිළිතුර:
විධායක ජනාධිපති ධුරය අහෝසි වුණා කියන එකෙන් රටේ ජනතාවට සාධාරණය ඉටුකරන නායකයෙක් ලැබෙයි කියලා මම හිතන්නේ නෑ. දැන් තියෙන ප‍්‍රශ්නය තමයි විධායක ජනාධිපති ධුරයේ තියෙනවා අනිසි බලතල. ඒ අනිසි බලතල වැරදි පුද්ගලයෙක් අතට ගිහින් තියෙනවා. ඒකයි මෙතැන තියෙන ප‍්‍රශ්නය. ඔය බලතල එක්ක වුණත් රටට ආදරේ අවංක දුෂණයෙන් තොර පුද්ගලයෙක් හිටියොත්. ලෝකයේ රටවල්වල එහෙම ඉඳලා තියෙනවානේ.

සිංගප්පූරුව ගන්න, මැලේසියාව ගන්න. අන්න ඒ වගේ අවංක මිනිහෙක් අතට මේ බලතල ආවොත් ඒකෙන් රට හදන්න පුළුවන්. නමුත් අද වෙලා තියෙන්නේ නායකයන් හැසිරිලා තියෙන ආකාරයට ඒ විශ්වාසය නෑ රටේ ජනතාවට. ඒ බලතල තිබුණොත් කොයි නායකයත් රට කනවා කියන චිත‍්‍රය තමයි ජනතාව අතරට ගිහින් තියෙන්නෙ. ජනතාවගේ සිතුම් පැතුම් අපට නොසලකා හැරලා ඉන්න බැරි නිසා රට විනාශ කරන්න, ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න දීල තියන  බලතල අහෝසි කළ යුතුයි. එතකොට ඒකාධිපතියෙක් වෙලා රට විනාශ කරන්න බැරි වෙනවා.
 

  ප‍්‍රශ්නය:  නමුත් සමාජයේ කතා බහ තියෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයකු පත් කිරීම පිළිබඳවයි?
  පිළිතුර: 
මේ රටේ අගමැතිවරුන් ඉඳලා තියෙනවා ඔය දැන් ඉන්න ජනාධිපතිවරයා වගේම හැසිරිච්ච. ඒ අයත් ඒකාධිපතියන් වගේම රට පාලනය කරලා තියෙනවා. ඒ නිසා අගමැති කෙනෙක් ආවා කිව්වපලියට, පාර්ලිමේන්තුවට බලය දුන්නා කිව්ව පලියට ඒ නායකයාගෙන් රටට සාධාරණයක් ඉටුවෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා හරි පුද්ගලයෙක් එන්න  ඕනෑ. රට හදන්න ඔහුට බලතල තියෙන්නත්  ඕනෑ. මම කියන්නේ මේකයි. රටේ නායකයා විය යුත්තේ ජනතාවගේ ඡන්දයෙන් එන ජනාධිපතිවරයා ද එහෙම නැත්නම් රටේ නායකයා විය යුත්තේ ජනතාව ආණ්ඩුවක් තේරුවාට පස්සේ ඒ ආණ්ඩුව තෝරා ගන්නා නායකයා ද කියන එක ජනමත විචාරණයක් තියලා සාධාරණ තීන්දුවක් ගන්න  ඕනෑ.
 

  ප‍්‍රශ්නය: ඔබ නැවත නැවතත් කියන්නේ ඔබ ජනාධිපති වුණොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ කියලයි.
  පිළිතුර:
අනිවාර්යයෙන්ම ඒකාධිපතියෙක් වගේ වැඩ කරන්න පුළුවන් ඒකාධිපති බලතල අහෝසි කළ යුතුයි. ඒක සීයට දාහක් ස්ථීරයි. ඊට පස්සේ ජනතා මතය විමසනවා. රටේ ජනතාවට  ඕනෑ ජනතාවගේ ඡුන්දයෙන් පත් වෙච්ච ජනාධිපතිවරයෙක් ද නැත්නම් ජනතාව මහ මැතිවරණයකදී ආණ්ඩුවක් තෝරනවා. ඒ ආණ්ඩුව පත් කරන නායකයා ජනාධිපති වශයෙන් පිළිගන්නවා ද කියලා ජනමත විචාරණයක් තියලා විමසන්න  ඕනෑ කියන තැනයි මම ඉන්නේ.
 

  ප‍්‍රශ්නය:  ඔබ ඉදිරිපත් වුණොත් එ.ජා.පයේ, ජ.වි.පෙ. හා දෙමළ ජාතික සන්ධානයේ සහාය ඔබට හිමි වෙයි කියලා ඔබ හිතනවාද?
  පිළිතුර:
එක පාරක් මට සහයෝගය දුන්නා නම් මෙවර දෙන්න බැරිවෙන්න හේතුවක් නෑ.
 

  ප‍්‍රශ්නය: නමුත් එදා එකට හිටියට පස්සේ ගහබැණගෙන වෙන් වෙලා ගියානේ?
  පිළිතුර:
එහෙම වුණේ දේශපාලන පක්ෂ විදියට වෙනත් වෙනත් මත දරන හින්දයි. බේද භින්න වෙලා ගියේ මාත් එක්ක ජනාධිපතිවරණයේදී හිටපු අය නොවෙයි. හුඟාක් අය එවෙලෙයි ඊට පස්සෙයි ඇවිත් මගේ ඇෙඟ් එල්ලිච්ච කට්ටිය. මම උඩින් හිටපු නිසා මගේ ඇෙඟ් ඒ අය එල්ලූණා. මේ රටේ දේශපාලන සංස්කෘතිය ඔබතුමා දන්නවා. මිනිස්සු වාසි ප‍්‍රායෝජන තියෙන තැන් හොය හොය යනවා. ඒවා අඩුවෙන කොට බාධක එනකොට අත හැරලා යන අයත් ඉන්නවා. ඒක තමයි අද තියෙන සංස්කෘතිය. එහෙම දේවල් බලාපොරොත්තුවෙන් තමයි අපි මේවා කරන්න  ඕන.
 

  ප‍්‍රශ්නය: ජ.වි.පෙ. ගැන ඔබේ මතය මොකද්ද? මේ වෙලාවේ ඔබට ඔවුන්ගෙන් සහයෝගයක් ලැබෙයිද?
  පිළිතුර:
ජ.වි.පෙ. සමග කිසිම සාකච්ඡාවක් නම් කේරුවේ නෑ. ජ.වි.පෙත් මේ නායකයාට විරුද්ධව දේශපාලනය කරනවා. අපිත් මේ නායකයාට විරුද්ධව දේශපාලනය කරනවා. අපි වෙන දේශපාලන සංකල්පවල ඉන්නේ. අපි යන්නේ වෙනත් දේශපාලන ගමනක්.
 

  ප‍්‍රශ්නය: පසුගිය කාලයේදී ඔබත් සමග හිටි සංවිධායකයන් කිහිප දෙනෙක්ම ඔබට බරපතල චෝදනා එල්ල කරලා යන්න ගියා. ඇයි ඔබව පිරිස මෙහෙම අතහැර යන්නේ?
  පිළිතුර:
සංවිධායකවරු හතර දෙනෙක් ගියා. ඒ හතර දෙනාටම ආණ්ඩුවෙන් ලක්ෂ තුන තුන දුන්නා කියලා තමයි ආරංචි. ඊට අමතරව මේ කාර්යාලයේ හිටපු එක්කෙනෙක් මුදල් ප‍්‍රශ්නයකට අපි එයාව පක්ෂයෙන් නෙරපා හැරියා. ඒ පුද්ගලයාට ආණ්ඩුවෙන් ලක්ෂ 10ක් දීලා තියෙනවා. ඔහු අලූතෙන් ගත්ත කෙනෙක්. පක්ෂයත් එක්ක දිගටම හිටපු කෙනෙක් නොවෙයි. මාස දෙක තුනකට කලින් අපිට එකතු වෙච්ච කෙනෙක්. එහෙම ආපු අයගේ පැටිකිරිය, වංහුං අපි ඔක්කොම දන්නේ නෑ. තවත් එවැනි අය ඉන්න පුළුවන්. දෙසීයක් විතර අලූතෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන වෙලාවක තුන් හතර දෙනෙක් මුදලට කෑදර වෙලා ගියාම කියන්න ලැජ්ජයිනේ මුදලටයි ගියේ කියලා. ඒ නිසා කියන්න වෙනවා අපි ගියේ මේ පක්ෂයේ වැරදි නිසයි. පක්ෂ නායකයාගේ වැරදි නිසයි කියලා. ආණ්ඩුවත් නිකම්ම සල්ලි දෙන්නෙත් නැහැනේ. අපිට මඩ ගහන්නේ නැත්නම්. අපට මඩ ගැහීම වෙනුවෙන්නේ සල්ලි දෙන්නේ. එහෙම සල්ලි ගත්තාම ඒ යුතුකම ඉටුකරන්න වෙනවනේ. ඒ වගේ දෙයක් එතැන සිද්ධ වුණා. ඉදිරියේදීත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.
 

  ප‍්‍රශ්නය : නමුත් නගන චෝදන වලට ඔබ උත්තර දෙන්නේ නෑ
  පිළිතුර :
ඒ අය පක්ෂයට ඇවිත් මාස දෙකයි. කවදාවත් දේශපාලනය කරලා නැහැ. මනාපත් හම්බ වෙලා තිබුණේ පන්සීයයි, හය සීයයි. ඉතින් මම මොකටද එහෙම අයට උත්තර දෙන්නේ. හැබැයි ඒ අය ගියාම ජනාධිපති ඒ අයත් එක්ක එකට වාඩි වෙනවා. වාඩි වෙලා මාධ්‍ය සාකච්ඡුා දෙනවා. මේ කාර්යාලයේ පිඟන් කෝප්ප හෝදන කාන්තාව මුදල් ප‍්‍රශ්නයකට එළියට දැම්මම ජනාධිපතිත් එක්ක ගිහින් වාඩි වෙනවා. එවැනි ගාම්භීරත්වයක් අද අපේ කාර්යාලයට හම්බවෙලා තියෙනවා. මේ කාර්යාලයේ අතුපතු ගාන එක්කෙනෙක් එළියට දානකම් ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා එකට වාඩිවෙලා ප‍්‍රවෘත්ති සාකච්ඡා තියන්න. නමුත් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ සියයට 50ක් කඩාගෙන ගියා. අවුරුදු විසිපහක් තිහක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රබලයෝ. හැබැයි ආණ්ඩුව ඒ අයට ප‍්‍රවෘත්ති සාකච්ඡුා දුන්නේ නෑ. යූ.එන්.පීයේ කී දෙනෙක් ගියාද? නියෝජ්‍ය නායකයාත් ගියා. හැබැයි එතකොටත් ආණ්ඩුවෙන් ලොකු ඝෝෂාවක් ආවේ නැහැ. හැබැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට අලූතෙන් බැඳිලා මාස තුනක් ඇතුළත පගාවක් අරන් එළියට ගියාම වුණත් ඒක විශාල බරපතල ප‍්‍රශ්නයක් හැටියට මම දකින්නේ නෑ.
 

  ප‍්‍රශ්නය : මුළු සත්තුවත්තෙම ඉන්න සතුන්ගේ නම් කියමින් ඔබ බනින බවත් ඔවුන් කියනවා.
  පිළිතුර:
ඉතින් ඒ පුද්ගලයන්ට සල්ලි දුන්නේ ඒ විදියට මඩ ගහන්න තමයි.  ඕක පටන් ගත්තේ ජනාධිපතිවරණ කාලෙදි. හමුදාවෙන් මම දඬුවම් කරලා එළියට දාපු අය ගෙන්වලා ඔය කතා කියව ගත්තා. ඉතින් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මම දැක්කා එක්කෙනෙක් කියනවා මම එයාට චිම්පන්සිය කියලා කිව්වා කියලා. ඒ කතාව ටෙලිවිෂන් එකේ යන කොට තමයි මට හිතුනේ ”මේ මිනිහා මොකටද එයාටම චිම්පන්සියා කියලා කියව ගන්නේ කියලා. සමහර විට එයාට හිතුණ ද දන් නෑ කණ්ණාඩියකින් මුහුණ බලපු වෙලාවක. මම නම් ඔය වගේ වචන කවදාවත් කිසිම අපේක්ෂකයකුට කියලා නෑ,
 


  ප‍්‍රශ්නය: කිසියම් තුන්වැනි පාර්ශවයක් ඔබ හා රනිල් අතර සංහිඳියාවක් ඇති කරන්න සාකච්ඡුාවක් කළා කියන එක ඔබ ප‍්‍රතික්ෂේප කරනවාද?
  පිළිතුර: 
එහෙම දෙයක් නම් වුණේ නෑ. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයත් එක්ක මට යමක් සාකච්ඡුා කරන්න  ඕන්නම් හෝ එතුමාට මගෙත් එක්ක කතා කරන්න  ඕන්නම් අපට අතරමැදි පාර්ශ්වයක් අවශ්‍ය නෑ. අපි අතීීයේ එකට වාඩිවෙලා ඉඳලා තියෙනවා. එක වේදිකාවේ කතා කරලා තියෙනවා. එක අරමුණක් ඔස්සේ දේශපාලනය කළා. තවමත් අපේ අරමුණු සමාන්තරයි. ඒ නිසා අපිට සාකච්ඡුා කරන්න  ඕන්නම්  ඕනෑම වෙලාවක පුළුවන්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය