Powered by Blogger.

තියුණු ආයුධයකින් පහර දී වීරකැටිය, යග්ගස්මුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි යග්ගස්මුල්ල , මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය