Powered by Blogger.

රංගන කාර්යයේදී සටන් නළුවන්ට වගේම දුෂ්ට චරිත රඟපාන නළුවන්ටත්, ප්‍රේක්ෂක අවධානය යොමු වෙයි. ලාල් කුමාර කියන්නෙත් ඒ වගේ සටන් නළුවෙක් වගේම දුෂ්ටයෙක්. කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වී සිටි ඔහු නැවතත් ක්ෂේත්‍රයට පිවිසිලා. මේ ඔහු සමඟ සරසවිය කල කතාබහක්.
සටන් නළුවෙක් විදියට ඔබ රංගන ගමන ආරම්භ කරන්නේ කොහොමද?
‘මම සටන් නළුවෙක් විදියට මගේ ගමන අරඹන්නේ ‘නොම්මර 01’ චිත්‍රපටයෙන්. මේ වෙන කොට මම සටන් නළුවෙක්, සටන් අධ්‍යක්ෂවරයෙක්, දුෂ්ට චරිතාංග නළුවෙක් කියන භූමිකා කිහිපයෙන්ම ප්‍රේක්ෂකයන් ඉදිරියට ආව කෙනෙක්. චිත්‍රපට 150 කට පමණ මේ වනවිට මා රංගනයෙන් දායක වී තිබෙනවා. ලීඩර්, රෑ දනියෙල් දවල් මිගෙල් 1, 2, ආසයි බයයි, වීදියේ වීරයා, තෑන්ක් යූ බර්ටි, සර් ලාස්ට් චාන්ස් කියන්නේ ඉන් කිහිපයක් විතරයි. ඒ වගේම අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟත් ‘සත්‍යා’ චිත්‍රපටයේ සටන් නළුවෙක් විදියට සටන් කරන්නට මට අවස්ථාව උදා වුණා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්.’
නිළි රැජනත් සමඟ කළ රඟපෑම ඔබට දැනුණේ කොහොමද?
මීට කලින් මම නිළි රැජනත් එක්ක ‘පාරාදීසයේ’ වගේම ‘වරදට දඬුවම’ චිත්‍රපටයේ රඟපෑවා. හැබැයි ඒ හැම චිත්‍රපටයකම රඟපෑවේ ‘සත්‍යා’ චිත්‍රපටයේ වගේ සටන් චරිතයක් නොවෙයි. ඒ නිසා මේ චිත්‍රපටය මට බොහොම සුවිශේෂයි. එහිදි ඇයත් මමත් සටන් කළේ විරුද්ධ පිල්වල ඉදිමින්. ඈ නිතරම තම රංගනයේ යෙදෙද්දී ඒ චරිතයට බොහොම හොඳින් කැපවුණා. ඒ වගේමයි ඒ වනවිටත් ඈ ජනප්‍රිය නිළියක්. එහෙම කියලා සෙට් එකේදී ඈ ආඩම්බර චරිතයක් විදියට හැසිරුණේ නැහැ. හැමෝමත් එක්ක බොහොම සුහදව කතා කළා. මෙහි රූගත කිරීම් තිබුණේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෙන්ම උඩවලවේ ප්‍රදේශයේ නිසා අපි හැමෝම හිටියේ නැවතිලා. ඒ කාලය ඇතුළත ඇගේ ළඟ තිබුණු සුවිශේෂී ගති ලක්ෂණ මා සියැසින්ම දුටුවා. මේ නිසා එවැනි කෙනෙකු සමඟ රඟපාන්නට ලැබීමත් මට බොහොම සුවිශේෂයි.
ඔබ බොහෝ ප්‍රවීණ නළු –නිළියන් සමඟ සටන් කර තිබෙනවා. කා සමඟ ද පහසුම සටන් කරන්න ?
ප්‍රවීණ නළු - නිළියන් වුණු විජේ, ගාමිණි, සනත්, ලකී, රන්ජන් ඒ අතර ඉන්නවා. මේ පිරිසගෙන් සටන් කරන්න පහසුම විජේ එක්කයි. ඔහු නියම විදියට අනෙක් කෙනාට පහර වැදෙන්නෙ නැති වෙන්න සටන් කරන්න හපනෙක්. ඒත් අනික් අයට ඒක කරන්න අමාරුයි. එක අවස්ථාවක කළ ඒ වගේ සටනකින් මගේ හකු ඇටය පැන්නා පමණක් නෙවෙයි, තොල් පවා පිපිරුවා.
සටන් නළුවෙක් විදියට ඔබට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
ඒ ගැන නම් දැන් මතක් වනවිටත් හිනා යනවා. මොකද ඒ දවස්වල මට ලැබුණේ යහපත් ප්‍රතිචාර නොවෙන නිසයි. මම දුෂ්ටයා විදියට රඟපෑව චරිත දෙස සිනමා රසිකයන් බැලුවේ ඇත්තටම මම දුෂ්ටයෙක් කියන්න වගේ. ඒ රසිකයන් අතර වැඩිහරියක් හිටියේ ගැහැනු ළමයි. ඒ අය මා මුණ ගැසුණොත් කියන්නේම ‘ඔයා අරයට කරපු දුෂ්ටකම නම් ඒතරම්ම හොඳ දෙයක් නොවෙයි කියලා’ මේ ළඟදි රඟපෑව ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යයේ කළ චරිතය වෙනුවෙනුත් ලැබුණ ප්‍රතිචාරය වුණේ ඒකම තමයි. ඒ ගැන මට එක්තරා සතුටක් වගේම දුකක් දැනෙනවා.
ඇයි ඔබට සතුට වගේම දුකක් ඇති වෙන්නේ ?
කරුණු කිහිපයක්ම ඒකට යටත්. මොකද මට නිතරම දුෂ්ටයෙක්ගේ චරිතය රඟපාන්න උවමනා වුණේ නැහැ. ඒත් ඒ චරිතයම තමයි මට හැම නිර්මාණයකම ලැබුණේ. ඒකයි මට දුකක් ඇති වෙන්නේ. ඒ වගේම සතුටක් දැනෙන්නේ මම කළ චරිතයට ලැබුණු ප්‍රතිචාර ගැන හිතද්දියි.
ඒ කියන්නේ ඔබ දුෂ්ටයාගේ චරිතයට අමතරව චරිතාංග න¼ථවෙක් විදියටත් රසිකයන් අතරට එන්නද අදහසෙන් හිටියේ ?
ඇත්තෙන්ම ඔව්. ඒකට කිසිම ඉඩක් මට ලැබුණේ නෑ. ඒත් එකම එක අවස්ථාවක් තිබුණා අහම්බයෙන් මම ඒ චරිතයෙන් ඈත් වුණු. ඒ රංජිත් සිරිවර්ධනගේ ‘යුධ ගිනි මැද’ කියන චිත්‍රපටයේ මම රඟපෑ මහේන්ද්‍ර කියන එල්.ටී.ටී.ඊ. කරුවගේ චරිතයයි.
ඒවගේම ‘අපි බය නෑ’ චිත්‍රපටයේ මම ප්‍රධාන නළුවාගේ යළුවා විදියටත් රඟපෑවා.
ඇයි ඔබට මේ වගේම චරිතම ලැබෙන්න හේතුව ලෙස ඔබ දකින්නේ ?
මම හිතන්නේ මගේ උස ඒකට විශේෂයෙන්ම බලපාන බවයි. සටන් න¼ථවෙකුට යම් උසක් අවශ්‍ය නිසා එහෙම වෙනවා ඇති. අනික් කරුණ වෙන්නේ ටික කාලයක් එකම විදියේ චරිත රඟපාන විට ඕනම කෙනෙක් විශේෂීකරණයට ලක් වෙනවා.
මේ නිසාම ද ඔබ කාලයක් රංගනයෙන් ඈත් වී සිටියේ ?
ඔව්. කාලයක් ඒ නිසා මා රංගනයෙන් ඈත් වී සිටියා.
ඒ ක්‍රමවේදය හරි ගියාද?
කොහෙත්ම නැහැ. ඒක මගේ උපකල්පනයක් විතරයි.
කාලයකට පසුව ඔබ දකින්නට ලැබෙන්නේ පුංචි තිරයෙන් ?
‘නැවතත් මම රංගනනයට පිවිසෙන්නේ පුංචි තිරයෙන්. මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී සිටින මම ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යයේ කළේ දුෂ්ට චරිතයක්. චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සත්ගුණවත්ලා’ ටෙලි නාට්‍යයේත් විශේෂ චරිතයක් මා රඟපානවා. ඒ ප්‍රවීණ නළුවකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟයි. මේ දවස්වල මා රඟපෑව ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘තිමිර ගිර’ ටෙලි නාට්‍යය දෙරණ රූපවාහිනියේ විකාශය වෙනවා. ඉදිරියේදී චරිතාංග නළුවෙක් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්න සිතාගෙන ඉන්නේ මම බොහොම කැමැත්තෙන්.
සටන් කරන අතරතුර සිදුවුණු අමතක නොවන සිදුවීම් තවමත් ඔබගේ මතකයේ තියෙනවද?
රෝයි සිල්වාගේ චිත්‍රපටයකදි සෙල්ල කතරගමදි එක ෂූට් එකක් කරා. ඒ මැණික් ගඟේ ටිකක් කැලයට වෙන්නයි. ඒ හරියේ හරියට කිඹුල්ලු ඉන්නවා. අපි ඒ සටන කළ යුතු වුණේ කිඹුල්ලුන්ගෙන් පරිස්සම් වෙමින්. ඒ උන් ගොඩ වගේම දියෙත් නිතරම කට ඇරැගෙන සිටිය නිසයි. ඒ සිදුවීම මට කවදත් අමතක වෙන්නේ නැහැ. අනෙක් එක සිද්ධ වුණේ ‘ලීඩර්’ චිත්‍රපටයේදියි. එකේ තිබුණු එක සීන් එකක් වුණේ මට මෝචරියේ මිනී දමන ලාච්චුවක ඉන්න දර්ශනයයි. දැන් සියල්ල සූදානම්. මාව ලාච්චුවේ දමලා වැහුවා. ටික වෙලාවක් ගියා. ලාච්චුව අරින පාටක් නැහැ. ඒ විතරක් නම් තව මදෑ මාත් එක්ක ඉන්න අනෙක් මිනී පෙනෙන එක තමයි මට උහුලන්න බැරිවුණේ. මේ ලාච්චුව ඉක්මනට අරින්නේ නැද්ද කියලා මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවේ ඊට පස්සෙයි. මේ ඒ වගේ සිදුවීම්වලින් කිහිපයක් විතරයි.
මේ සටන් නථවාගේ පැතුම අනාගතයේදී ඉටුවේවා යැයි කියන අතරම ඔබට කතා කරන්න කැමැති රසිකයන්ට ඔබ මොකක්ද කියන්නේ ?
මට ආදරය කරන රසිකයටන්ට කතා කරන්නට උවමනා නම් 0712811659 කියන දුරකතන අංකයට කතා කිරීමෙන් ඔවුන්ට මාහා කතා කළ හැකියි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය