Powered by Blogger.

තම කුසින් වැදූදරුවන් මහමග දමා යති. දරුවන් ගඟට, මුහුදට වීසි කරති. එවැනි යුගයක දෙමව්පියන්ගේ රැකවරණය අහිමි අසරණ ආබාධිත දරුවන් 38දෙනකුට මව්පියන් වෙමින් ඔවුන්ට රැකවරණය, ආදරය, කරුණාව, දයාව හා පෝෂණය ලබා දෙන තරුණ යුවලක් මුණ ගැසීමට පසුගියදා අප වැල්ලවාය ප‍්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් හඳපානාගලට ගියෙමු. ඒ යන විටත් ඒ තරුණ යුවළ ආබාධිත මන්ද මානසික දරුවන්ට දහවල් ආහාරය කවමින් සිටින අයුරු දුටුවෙමු.
හඳපානාගල ‘මෙත් සේවා පදනම’ නමින් පවත්වා ගෙන යනු ලබන මෙම ළමා නිවාසය පාලනය කරනු ලබන්නේ 32හැවිරිදි වසන්ත නිරෝෂන් නම් තරුණයෙකි. ඔහු බිරිඳ හා දරුවන් තිදෙනකු සමග මෙම ළමා නිවාසයේ ජීවත් වන ළමුන් රැකබලා ගැනීමට දැඩි වෙහෙස මහන්සියක් ගන්නා  ආකාරය අප දුටුවෙමු.
දිනපතා මෙම දරුවන්ගේ දිවා හා රාත‍්‍රී ආහාර වේල් සම්පූර්ණ වන්නේ ප‍්‍රදේශයේ විවිධ ආයතන හා පුද්ගලයින් විසින් ලබා දෙන ආහාර පානවලින් ය. දරුවන්ට  දිනපතා වෛද්‍ය ප‍්‍රථිකාර ලබා දිය යුතුව තිබේ. නිවාසයේ විදුලිය හා ජලය සඳහා මාසිකව විශාල මුදලක් වැයවන අතර බිල් ගෙවා ගැනීමට නොහැකිව විසන්ධි කිරීමට පැමිණි අවස්ථාද තිබූ බව වසන්ත නිරෝෂන් මහතා අප හා කියා සිටියේය.
“මෙතෙන ඉන්න දරුවන් ගොඩක් දෙනකුට තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් තනිව කර ගන්න බැහැ. කවන්න, පොවන්න, වැසිකිළි ගියාම හෝදන්න, නාවන්න, ඇඳුම් අන්දවන්න මේ හැම දෙයක්ම කරන්න ඕනේ. කාට හරි පුලූවන් නම් දාන වේලක් ලබා දෙන්න, දරුවකුට කැපකරු මවක් හෝ පියකු වන්න, ඒක මේ දරුවන් වෙනුවෙන් කරන ලොකු පිනක්.” යැයි ඔහු අප හා වැඩිදුරටත් කියා සිටියේය.
ඔවුන්ට දිරියක් ශක්තියක් වන්නට ඔබට හැකි නම්, උදව්වක් උපකාරයක් කරන්නට හැකි නම්, කැපකරු මවක් හෝ පියකු වන්නට හැකිනම් දුරකතන ඇමතුමකින් හෝ ලිපියකින් අමතන්නැයි ඔවුන් ඉල්ලා සිටිති.
දුරකථන අංක 0552055005 / 0713385005
ලිපිනය - මෙත් සේවා පදනම, හඳපානාගල, වෙහෙරයාය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය