Powered by Blogger.

කුෂ්ඨ රෝග යනු පුද්ගලයකුට කායිකව සහ මානසිකව පීඩා ගෙන දෙන චර්ම රෝගයකි. මෙම රෝගය වැළඳුනවිට රෝගියා ඉන් මහත් කායික පීඩාවක්‌ විඳී. මෙවැනි රෝගීන්ව බොහෝ දෙනා පිළිකුල් කිරීම නිසා රෝගියා මානසිකවද මහත් පීඩාවකට පත්වේ.

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව කුෂ්ඨ රෝගය වර්ග කිහිපයකට බෙදේ. කුෂ්ඨ දද, හොරි සහ කඩුවේගම් ලෙසින් මෙය කොටස්‌ හතරකි.

මෙය මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන් සතුනටද වැළඳෙන රෝගයකි. විශේෂයෙන්ම, කපුටා, සුනඛයා සහ ගවයා යන මිනිසාට සමීප සතුනට ඉතා පහසුවෙන් කුෂ්ඨ රෝගය මතුවිය හැකිය.

කපුටාට කුෂ්ඨ රෝගය ඇතිවූ විට ක්‍ෂණිකව මිය යයි. සුනඛයා ඉන් මුළුÊජීවිතකාලයම විඳවයි. ගවයාට කුෂ්ඨ රෝගය වැළඳුන විට හදවත හැකිළීමට ලක්‌වී මරණයට පත්වේ. එනිසා කුෂ්ඨ රෝගය මිනිසා මෙන්ම මිනිසාට සමීප තිරිසන් සතුන්ද පීඩාවට පත්වන රෝගාබාධයකි.

කිදර් කිදර් හේ කුෂ්ඨ රෝගාබාධා සුනඛ, කාක, ගවභාගා සංසාර රෝග පීඩා මනුස්‌සා ස්‌ත්‍රී පුරුෂ භාගා ලෙසින් මහා සෘෂි වෛද්‍යවරු කුෂ්ඨ රෝග ඉතිහාසය හඳුන්වාදී ඇත.

කුෂ්ඨ රෝග මිනිසාට වැළඳෙන අවධි තුනක්‌ ඇත. දාරක කුෂ්ඨ රෝග බාධා, යෞවන කුෂ්ඨ රෝග බාධ, සහ වයෝවෘද්ධ කුෂ්ඨ රෝගාබාධා ලෙසින් එම අවධි තුන නාඩි වෛද්‍ය විද්‍යාවේ හඳුන්වාදී තිබේ. එබැවින් අපි පළමුව දාරක කුෂ්ඨ රෝගාබාධා හෙවත් ළමා වියේ ඇතිවන කුෂ්ඨ රෝග පිළිබඳව අවධානය යොමුකර බලමු.

දාරක කුෂ්ඨ රෝගාබාධා

මවුකුසින් බිහිවූ දා සිට වයස අවුරුදු 16 පමණ දක්‌වා ළමා අවධිය පවතී. මෙම වයසේදී ඉතා පහසුවෙන් කුෂ්ඨ රෝග මතුවිය හැකිය.

දාරක කුෂ්ඨ රෝගා

දරුවන්ගේ සිරුරේ තැනින් තැන සම මත කසන ඝන පැල්ලම් මතුවීම කුෂ්ඨ රෝග ලෙස හඳුන්වයි. මේවා මතුවන්නේ කිහිලි, ඉකිලි, වැලමිට, තට්‌ටම්යට, නිකටයට පියයුරු යට වැනි ප්‍රදේශවලය.

කුඩා දරුවන්ට කුෂ්ඨ රෝගය මතුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ මවගේ මවු කිරි මගිනි. ඇයගේ රුධිරය අපිරිසිදු වීමෙන් දරුවාටද මවුකිරි මගින් එම රුධිරයේ ඇති විෂබීජ ශරීරගත වේ. ඊට අමතරව සුළඟ මගින්ද, අපිරිසිදු ජලය පරිහරණය, අපිරිසිදු වස්‌ත්‍ර භාවිතය අපිරිසිදු පැවැත්ම නිසාද කුෂ්ඨ රෝග මතුවේ.

දාරක දද රෝගා

සිරුරේ සම මත යම් ප්‍රදේශයක වෙනසක්‌ ඇතිවී එය තැනින් තැන පැතිර යැම දද ලෙස හඳුන්වයි.

දරුවනට දද ඇතිවීමට බොහෝ විට හේතු වන්නේ අපිරිසිදුව ජීවත්වීම, අපිරිසිදු ආහාර පාන ලබාදීම සහ ගැනීම අපිරිසිදු වස්‌ත්‍රවල එතීම ආදියයි.

දාරක හොරි රෝගා

පොතු ගැලවෙන සැරව මිශ්‍ර තෙත් සහිත ශරීරය පුරා පැතිර යන මෙය ප්‍රතිකාර ලබද්දී නැවත නැවත මතුවේ. කුෂ්ඨ සහ දද නිසා ද හොරි ඇතිවේ.

දාරක කඩුවේගම් රෝගා

සම මතුපිට ඇනෙන සුළු බවක්‌ සහිත සහ ස්‌පර්ශ කළ විට බූවක්‌ වැනි අයුරු දැනෙන කැසීමක්‌, දියර සහිත බවකින් යුතුව දෑත් දෙපා ඇඟිලි කරු අතර මතුවන මෙම රෝගය නිසා නියපොතු කළු පැහැවී බොල්වී යයි.

මීයන් සර්පයන්ගේ මළ මුත්‍ර සහිත අති අපිරිසිදු ජලය දෑත් දෙපාවල තැවරීම නිසා මෙම රෝගය මතුවේ.

දාරක කුෂ්ඨ රෝගය හඳුනාගත් විගස නිසි ප්‍රතිකාර ලබාදිය යුතුය.

එසේ නොවුන හොත් ඉන් යෞවන වියට බාධා මතුකරයි.

දාරක කුෂ්ඨ රෝග සඳහා අත් බෙහෙත්

නාඩි වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර ලබන රෝගීනට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර වනගසල්, ඔලිද මුල් හෝ කොළ, වෙනිවැල්ගැට, සැවැන්දරාමුල්, ගොටු, දඬු මුල්, තිප්පිලි මුල් සම සමව ගෙන අව්වේ වියළා කොටා, උදේ සවස පානයක්‌ ලෙස ගත හැකිය. මෙම පානය ගැනීමේදී සීනි මිශ්‍ර්‍ර නොකළ යුතුය.

කුෂ්ඨ රෝග යෞවනයට පීඩාදෙන අයුරු ලබන සතියේ විමසා බලමු.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2, අඟුලාන දුම්රියපොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව.
දුරකථන (- 0112632225

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය