Powered by Blogger.



අප බොහෝ දෙනා හුරුවී ඇත්තේ සුදු බත් නම් එය දවස්‌ හතම දිනපතා වේල් සඳහා එක්‌කර ගැනීමය. රතු බත් නම් එයද එසේමය. මෙය වැරදිය. එක දිගට දින හතරක්‌ එකම බත් වර්ගයක්‌ ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්‌තිය 10% න් අඩු වේ.

ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත්ය. ඇතැම් දෙනා දිනපතා ප්‍රධාන ආහාර වේල් තුන සඳහාම බත් අනුභව කරති. තවත් අය දහවල් ආහාර වේල සඳහාත් තවත් සමහරු දහවල් සහ රාත්‍රි ආහාර වේල් සඳහාත් බත් අනුභව කරති.

බත් ආහාරයට ගැනීමෙන් අප බලාපොරොත්තු වන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රධාන ශක්‌තිය වන කාබෝහයිඩේ්‍රට්‌ ලබා ගැනීමය.

වර්තමානයේ අපි බත් ආහාරයට ගැනීමේදී සුදු බත් සහ රතු බත් ලෙසින් වර්ග කර ඇත්තෙමු. එසේ වර්ග කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒවායේ ඇති පෝෂණය ගැන සිතාය. අතීතයේ මෙන් නොව වර්තමානයේ අප ගතකරන ජීවිතය කාර්ය බහුලය. එසේම එම කාර්ය බහුල බව නිසා ඊට සරිලන පහසුකම් ද සකසාගෙන ඇත. එනිසා අද බොහෝ දෙනා අඩුවෙන් කය වෙහෙස වීමත් වැඩියෙන් මනස වෙහෙසවීමත් සිදු කරති. එනිසා අප ගන්නා ආහාරවල ඇති පිෂ්ඨය අඩුවෙන් වැය වේ. ඉතිරිය ශරීරය තුළ තැන්පත්a වේ. එහි ප්‍රතිඵලය වන්නේ ඉතා පහසුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමය.

බත් ආහාරයට ගැනීමේදී අප අනුගමනය කරන්නේ වැරදි පිළිවෙතකි. රතු බත් සහ සුදුබත් කියා වර්ග කර ආහාරයට ගැනීම පමණක්‌ ප්‍රමාණවත් නැත. එම බත් සමග ආහාරයට ගනු ලබන වෑංජන ගැනද සැලකිලිමත් විය යුතුය.

රතු සහ සුදු බත්වල අප සිතා සිටින තරම් පෝෂණයේ වෙනසක්‌ නැත. එය පහත වගුවෙහි දැක්‌aවේ.

වගුව අනුව රතු බත් සහ සුදු බත්වල පෝෂණ අගයෙහි විශාල වෙනසක්‌ නැත. (වගුව බලන්න)

බත්වල පෝෂණය රැකගැනීම

වර්තමානයේ බොහෝදෙනා බත් පිසින ආකාරය අනුව එහි ඇති පෝෂණය විනාශයට පත්වේ. බත් පිසීම සඳහා සහල් වැඩි වේලාවක්‌ ජලයේ පොඟවා නොතැබිය යුතුය. බත් රත්කර සකස්‌ කිරීමේදී (µ්‍රයිඩ් රයිස්‌) බත්වල ඇති ඛනිජ ද්‍රව්‍ය විනාශයට පත්වේ.

රතු බත් ආහාරයට ගැනීමේදී

රතු බත් ආහාරයට ගැනීමේදී එහි ඇති පෝෂණය වැඩිකර ගැනීමටත් එහි ඇති කෙඳි සහිත බව තව තවත් වැඩිකර ගැනීමටත් කොහිල, කොළ මැල්ලුමක්‌, මුං ඇට, කව්පි වැනි ධාන්‍ය වර්ගයක්‌ එක්‌කර ගත හැකිය.

සම්බෝලයක්‌, පරිප්පු, තැම්බුන් හොද්දක්‌, රතු බත් සමග එක්‌කර ගැනීමෙන් එහි ඇති පෝෂණ ගුණය තව තවත් වැඩිවේ.

සුදුබත් ආහාරයට ගැනීමේදී

වර්තමානයේ අප බොහෝදෙනා ආහාරයට ගන්නේ පිරිසිදු කළ සුදු බත්ය. එනිසා එහි කාබෝaහයිඩේ්‍රට්‌ ප්‍රමාණය වැඩිය. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට සුදු බත්a ආහාරයට ගැනීමේදී අප ගනු ලබන බත් ප්‍රමාණයට සමානව එළවළු එක්‌කරගත යුතුය. බත් හැන්දක්‌ ආහාරයට ගන්නේ නම් එළවළු හැන්දක්‌ ද එක්‌කර ගත යුතුය.

සුදු බත් සමග ගනු ලබන එළවළු පාට තුනකින් යුක්‌ත විය යුතුය.

එකම බත් වර්ගය දිනපතා

ආහාරයට ගන්න එපා?

අප බොහෝ දෙනා හුරුවී ඇත්තේ සුදු බත් නම් එය දවස්‌ හතම දිනපතා වේල් සඳහා එක්‌කර ගැනීමය. රතු බත් නම් එයද එසේමය. මෙය වැරදිය. එක දිගට දින හතරක්‌ එකම බත් වර්ගයක්‌ ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්‌තිය 10% න් අඩු වේ. එනිසා දින තුනකට වරක්‌වත් රතු හෝ සුදු බත් ලෙසින් වෙනස්‌ කළ යුතුය. දිනපතා ආහාරයේදී රතු සහ සුදු බත් මිශ්‍රකර ආහාරයට ගැනීමද සුදුසුය.

තුන්aවේලටම බත් හොඳද?

හොඳින් කය වෙහෙසා වැඩකරන අය තුන්වේලටම බත් ආහාරයට ගත්තාට වරදක්‌ නැත. නමුත් අඩුවෙන් කය වෙහෙසන අය දිනකට වේල් දෙකක්‌ බත් ආහාරයට ගැනීම සුදුසුය. රාත්‍රි ආහාර වේල සඳහා එළවළු මිශ්‍ර සුප්aa එකක්‌ ආහාරයට ගත හැකිය.

බත් කෑමෙන් පසු

බත් ආහාරයට ගැනීමෙන් පසු වැඩිපුර ජලය පානය නොකළ යුතුය. වැඩිපුර ජලය පානය කිරීමෙන් බත් දිරවීමේ අපහසුතා මතු වේ.

දහවල් ආහාරය ලෙස බත් අනුභව කර නිදාගැනීම හොඳ නැත. ඉන් සිරුර තුළ තැන්පත් වන පිෂ්ඨය ප්‍රමාණය ඉහළ යයි.

සුදු බත් ආහාරයට ගෙන පලතුරුද ආහාරයට ගතහොත් සිරුරේ තැන්පත් වන පිෂ්ඨය ප්‍රමාණය වැඩි වේ.

බත් ආහාරයට ගැනීමේදී පැණි බීම වර්ග පානය සුදුසු නැත. එමගින්ද සිරුරේ පිෂ්ඨය ප්‍රමාණය ඉහළ යයි.

එංගලන්තයේ රාජකීය
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ
විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය