Powered by Blogger.

නිරෝගී ජීවන රටාවක්‌ ගොඩ නගා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්‍රිම හා සකස්‌ කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්‌කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක්‌ කිරීම නීරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ.

ස්‌වාභාවික කිරි ආහාරයක්‌ ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාර ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්‌වාභාවිකව ලබා ගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්‍රාන්ස්‌ මේදයද අඩංගු බව අප දැන ගත යුතු කරුණකි.

බටර් හා මාගරින් /ෆැට්‌ ස්‌ප්‍රෙඩ් වල වෙනස සලකා බැලීමේදී බටර්, කිරි මේදය යොදා ගනිමින් නිපදවන අතර මාගරින් /ෆැට්‌ ස්‌ප්‍රෙඩ් ශාක තෙල් උපයෝගී කරගෙන නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීSකරණයට අනුව 80% කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80% කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවරුම් (Fat spreads) ලෙසද හඳුන්වයි.

අසංතෘප්ත ශාක තෙල් භාවිතා කර සාදාගන්නා ලද මේද තැවරුම් අසංතෘප්ත /මෘදු මේද තැවරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවරිය හැකි මෘදු මේද තැවරුම් (Soft
fat spread) ලෙස හැඳින්විය හැක. තවද මෙය නීරෝගී ආහාරයක්‌ ලෙස වෛද්‍ය සමීක්‍ෂණ වාර්තා වලින් පෙන්වාදී ඇත.

2000 වසරේදී ඇමරිකානු වෛද්‍ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්‍ෂණයක්‌ සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් (unsaturated fat spread) ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46 ක්‌ භාජනය කරමින් සිදුකළ මෙම සමීක්‍ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් (unsaturated fat spread) භාවිතා කළ අය වඩා නීරෝගීව සිටින බව එමගින් පෙන්වාදී ඇත. එමෙන්ම එම සමීක්‍ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් (unsaturated fat spread) ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලොස්‌ටරෝල් වන LDL 11% ප්‍රමාණයක්‌ අඩුවීමක්‌ද දරුවන්ගේ එය 9% කින් අඩුවීමක්‌ මෙන්ම සමස්‌ත කොලොස්‌ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්‌ද පෙන්නුම් කර ඇත. තවද HDL හෙවත් ශරීරයට හිතකර කොලෙස්‌ටරෝල් මට්‌ටමට කිසිදු අහිතකර බලපෑමක්‌ එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් (unsatuated fat spread) ශරීරයට අහිතකර නොවන බව ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයේ පෝෂණ හා වෛද්‍ය සමීක්‍ෂණ නිලධාරිනී මහාචාර්ය මාර්ගෝ ඩෙන්කී වෛද්‍යවරිය පවසන්නීය. නිවසේදී භාවිතා කරන මේද ප්‍රමාණයේ වෙනස්‌ කිරීම්, පවුලේ සෞඛ්‍යයට විශාල බලපෑමක්‌ ඇති කළ හැක. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්‍ය පවත්වාගෙන යැමේදී වැදගත් කාර්යයක්‌ ඉටුකරයි. කොලොටස්‌ටරෝල් මට්‌ටම අඩුවීමෙන් හෘද රෝග හට ගැනීමේ ප්‍රවණතාවය අඩු වී මනා සෞඛ්‍ය සම්පන්න රටාවක්‌ ගොඩනැගීමට හැකි වේ.

මීට අමතරව මේ පිළිබඳව සිදු කරන ලද වෙනත් සමීක්‌ෂණ රැසකින්ද පෙන්වාදී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් (unsatuated fat spread) භාවිතා කිරීම නීරෝගී ආහාර රටාවක්‌ ගොඩනගා ගැනීමට සුදුසු බවයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය