Powered by Blogger.



සුභාවිත මාධ්‍යයක අභිලාෂය මානව වර්ගයාගේ ජීවන රටාව, සමාජ ක්‍රියාවලිය වඩාත් අර්ථවත් කිරීම උදෙසා පාදක විය යුතුය යන්න පිළිගත් මතයකි. ඒ අනුව ජනසන්නිවේදනය සේවාවක්‌ම විය යුතුය. හුදු වාණිජ පරමාර්ථ පෙරට ගෙන ජනසන්නිවේදනයක්‌ සපල කර ගැනීම අවශ්‍යයෙන්ම සාර්ථක කටයුත්තක්‌ විය නොහැකිය. සමාජ සත්කාරක මාධ්‍ය මෙහෙවරක්‌ උදෙසා අදින් වසර 07 කට පෙර එනම් 2007- 04-30 වැනිදා -රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය, සිය ග්‍රාහක ප්‍රජාව වෙත පිවිසෙන්නේ -සිරිලක ප්‍රථම බෞද්ධ මාධ්‍ය කාරකයා වශයෙනි. රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියට පස්‌වසරක්‌ පිරෙන දා රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඇරඹේ. ඒ 2012- 05-04 දායි. රංගිරි ශ්‍රී ලංකා ප්‍රචාරණය සමාජ වගකීමක්‌ ලෙස උපකල්පනය කිරීමේදී යහපත් සමාජයක්‌ බිහි කිරීම උදෙසා මාධ්‍ය දිසානත කිරීම රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ පරමාභිලාෂය ලෙස පිහිටා පෙරටු ගාමීව සිටින බව ක්‍රියාවෙන් සාක්‌ෂාත් කර ඇතැයි සතුටු විය හැකිය. ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් මෙම මාධ්‍ය ජාලය ආරම්භ කළේ වාණිජත්වය පසෙකළා උතුම් පරමාර්ථයන්හි පිහිටා දැයට සේවය කිරීම පිණිසයි.

සැබෑ මාධ්‍ය සංස්‌කෘතියක පෙර ගමන් කරු වෙමින් බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය ලද රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සත්වෙනි වසර සමරනුයේ හදපිරි සතුටකිනි. ගත වු කාලය කෙටි වුවත්, එයින් ඔවුන් ලද අත්දැකීම් අති විශාලය. ඒ ඇසුරෙහි වඩා ගුණාත්මක මෙන්ම, සාධනීය ගුවන් විදුලියක කාර්යභාරය මනා ලෙස වටහා ගනිමින් යන ගමන තවත් අර්ථ සම්පන්න එකක්‌ බවට පත් කිරීමේ වගකීම ද රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය සතුය.

21 වන සියවසේ අභියෝග හමුවේ ඉන් උකහා ගන්නා නව්‍යතාවයන් ඔවුන් සාධනීය ලෙස භාවිත කළ යුතුය. වර්තමානයේ සියළු සන්නිවේදන ආයතන ගොදුරු කර ගනිමින් පැතිර යන්නා වු දේශපාලනීකරණය හා වාණිජකරණය හමුවේ ජන මාධ්‍යයක්‌ තුළින් අපේක්‌ෂිත අරමුණු කරා ගමන් කිරීම අභියෝගයකි. නමුත්, මේ සත් වසර තුළ ඔවුන් වැඩසටහන්වල හරවත් බව, දේශීය බව, නව්‍යත්වය මෙන්ම නිර්මාණාත්මක බව සාධනය කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයකි.

රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය සැම විටම කටයුතු කරන්නේ -සම්ප්‍රදාය ගරු කොට ගනිමින් නව්‍යත්වය ශික්‌ෂණයෙන් යුතුව භාවිතයට ගනිමිනි. ඒ බව ඔවුන්ගේ වැඩසටහන්වලින් තහවුරු කර තිබෙනවා. සෑම විටම ශ්‍රාවකයාට හරවත් දෙයක්‌ ලබා දීමට කටයුතු කළ අතර නාළිකා අතර සංඛ්‍යාත්මකව අංක එක බවට පත් වීමේ තරගයක්‌ ඔවුන්ට නැහැ. තරගයක්‌ තියෙන්නේ යහපත් ගුවන් විදුලි සහ රූපවාහිනී භාවිතාවක්‌ වෙනුවෙනි. එහිදී සාර්ථයන් පසක්‌ කර ගනිමින් සත්වෙනි වසරින්a රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය ඉදිරියට ගමන් කරනුයේ අධිෂ්ඨානශීලිවය.

ගුවන් විදුලි මාධ්‍යයක වඩා වැදගත් පුද්ගලයා වනුයේ ශ්‍රාවකයායි. ශ්‍රාවකයා හා මාධ්‍ය අතර ගනුදෙනුව වර්තමානය වන විට ප්‍රබල ව්‍යාණිජකරණයකට ලක්‌ව ඇත. අද වන විට ගුවන්a විදුලිය -අසන මාධ්‍යයක්‌ නොව -අස්‌සවන මාධ්‍යයක්‌ බවට පත්ව ඇත. ඒ හරහා ඕනෑම දෙයක්‌ ප්‍රචාරය කරන තරමට පත්ව ඇති යුගයක රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාව ඉන් මිදී ගුවන් විදුලියක පරමාරර්ථ හා අභිමතාර්ථ තුළ කටයුතු කරන්නට ලැබීම සතුටකි.

රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාව සැම විටම ශ්‍රාවකයාට තොරතුරු, අධ්‍යාපනය හා ශිෂ්ඨ සම්පන්න විනෝදාස්‌වාදය සපයන අතර, යහපත් සමාජයක්‌ ගොඩනැගීමේ සමාජ මෙහෙයුම ඉටු කරන අතරම, ශ්‍රී ලාංකික අනන්‍යතාවය, සංස්‌කෘතික වටිනාකම් හා ජාතික භාෂාවල නිවැරදි භාවිතයද එම ගුවන් විදුලියෙහි සුවිශේෂත්වයකි.

එසේම, මෙරට ප්‍රථම බෞද්ධ ගුවන් විදුලිය ලෙස බෞද්ධ පදනමක කටයුතු කරමින් ශ්‍රාවකයාට සමීප වු ඔවුන් ඔවුන්ගේ අභිමානය රැකදෙන අයුරිssන් ආමන්ත්‍රණය කරන -ආයුබෝවන් හා -තෙරුවන් සරණයි යන හෘදයාංගම ආමන්ත්‍රනය එම ගුවන් විදුලි නාලිකාවට අනන්‍යතාවයක්‌ බවට පත්ව ඇත.

රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ආරම්භයේ සිටම සෑම දිනකම රාත්‍රී 10.30 සිට පසු දා 5.00 වන තුරු -සර්ව රාත්‍රික පිරිත් දේශනය විකාශනය කෙරේ. සෑම දිනකම රාත්‍රි 8.00ට ධර්ම දේශනාවක්‌ විකාශනය වන අතර, පටිභා සදහම් දීපනී ධර්ම සාකච්ජාවන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වු වැඩසටහන්ය.

ශ්‍රව්‍ය මාධ්‍ය හෝ වේවා, දෘශ්‍ය මාධ්‍ය හෝ වේවා, මුද්‍රිත මාධ්‍ය හෝ වේවා, ප්‍රධාන වශයෙන් දැනුම ලබා දීමත්, තොරතුරු ලබා ගැනීමේ ආශාවෙන් පෙළෙන්නන්ට තොරතුරු වහනය කිරීමත්, රසාස්‌වාදයත් යන ත්‍රිවිධ අරමුණු මුල්තැන්හිලා සලකනු ලබනවා, එහෙයින්, රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය බාල, තරුණ, වැඩිහිටි සෑම කෙනෙකුටම එකට එක්‌ව අහන්න පුළුවන්, නරඹන්න පුළුවන්, කියවන්න පුළුවන් මාධ්‍ය සේවා තුනක්‌ පවත්වාගෙන යන සිරිලක එකම මාධ්‍ය ජාලය ලෙසින්ද ගෙවුණු වසර 7ක කාලය තුළ ශ්‍රාවක සිත් සතන් යොමු කරවා ගැනීමට හැකි වු බව ප්‍රේක්‌ෂක, ශ්‍රාවක ප්‍රතිචාර සාක්‌ෂි දරයි. ශ්‍රාවක සමාජ ජාලයක්‌ ඇති එකම මාධ්‍ය ජාලය වීමද ඔවුන්ට සවියක්‌ වී තිබේ.

දිවයින පුරා ව්‍යාප්තව ඇති ශ්‍රාවක සමාජ දක්‌වන ප්‍රතිචාර වැඩසටහන් උසස්‌ මට්‌ටමකින් පවත්වා ගැනීමට මහඟු අත්වැලක්‌ ලෙස සලකන්න පිළිවන. රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සිය පස්‌වන සංවත්සරය සමරන කල් හි සහෝදර මාධ්‍යය වන රූපවාහිනිය ආරම්භ කරන්නනේ -අධ්‍යාපනික සහ සංස්‌කෘතික රූපවාහිනි සේවාවන් ලෙසිනි. පෙ.ව.5.00 සිට රාත්‍රී 10.30 හොරාව දක්‌වා විවිධ වැඩසටහන් පෙළ ගස්‌වා ඇති අතර, ආගමික වැඩසටහන් වලට අමතරව, සංස්‌කෘතික, දේශපාලනික, කෘෂිකාර්මික, කාලීන, ළමා, නාට්‍ය හා වාර්තා වැඩසටහන් සඳහා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි සේවය අවකාශ සළසයි.

රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය ආරම්භ කර කෙටි කාලයකි. වඩාත් පැහැදිලි ශ්‍රව්‍ය-දෘශ්‍ය තත්ත්වයක්‌ ලබා දෙනුවස්‌ සහශ්‍රයේ නවීනතම ඩිජිටල් තාක්‌ෂණය භාවිත කරමින් විකාශනය කිරීමට එය සැළසුම් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ රූපවාහිනි ඩිජිටල් තාක්‌ෂණය ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගෙන නොමැත. දෙවනුව තරංග මාලා නොමැති හේතුව මත ඔවුන් වෙත ලබා දී ඇත්තේ එක්‌ තරංග මාලාවක්‌ පමණි. එබැවින් රංගිරි ශ්‍ර්‍රS ලංකා රූපවාහිනිය ශ්‍රි ලංකාවේ සියළු ප්‍රදේශ ආවරණය කළ නොහැකිව ප්‍රමාද වෙමින් පවති. රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය අප ප්‍රදේශවලටත් පෙනෙන්න විකාශනය කරන්න යයි දිනපතා ඔවුන් වෙත එවන ලිපිවලින් කරන ඉල්ලුම සැපයීමට නොහැකි වීම ගැන ඔවුන් කණගාටු වන අතර කඩිනමින් ඒ සදහා විකල්ප ලබා දෙන බවත් ඔවුන් දන්වා සිටී.

ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරාත්, රසවින්දනය සමග ආනන්දයෙන් ප්‍රඥාව කරාත්, ජන ජීවිනය ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ මාධ්‍ය ලෙසත්, කොළඹින් බැහැරව ජාතික මට්‌ටමෙන් ආරම්භ කළ ප්‍රථම විද්Hqත් මාධ්‍යය ලෙසත් රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ නව පිටුවක සටහන් වනු ඇත. සංවත්සරය සමරන මේ අවස්‌ථාවේ දී රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේ මෙකී කාර්යභාරය සඳහා කරනු ලබන කැපකිරීම අපමණය. රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් කළමනාකරු අනුරාධ කපුකොටුව, රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ අධ්‍යක්‍ෂ පියදාස රත්නසිංහ මහතාගේ සහ අධ්‍යක්‍ෂණයත්, සාලිය, දීපිකා, ධනුක, දිල්කිණී දිලංක, දිනේෂා, සම්පත්, බන්දුල, සංජීව, තුෂාර, ෂෙහාන් යන සන්නිවේදන පිරිසගේ කැපවීමත් මෙම මාධ්‍ය ජාලයේ කටයුතු වෙනුවෙන් විවිධ ආකාරයෙන් දායකවන සෑම සියලූ දෙනාගේම ඇපකැපවීමත් මෙම මාධ්‍ය ජාලයේ සාර්ථකත්වයට හේතු වී ඇත.

ඝෝෂාකාරී ගුවන් විදුලි නාලිකා තරගයෙන් හෙම්බත් වූ අයට දහමේ සිසිල විඳින්නටත් සුභාවිත සංගීතයේ මිහිර දකින්නටත් හරවත් වැඩසටහන්වලින් නැණස වඩවා ගන්නටත් රංගිරි මාධ්‍ය ජාලය ඔබටත් විවෘතයි. 104.4 හා 105.7 ඔස්‌සේ ඔබට රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමේ අවකාශ පවතී. -UHF 60 - 783ග25 සංඛ්‍යාත ඔස්‌සේ Peo TV - 22 ඔස්‌සේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි වැඩසටහන් නැරඹීමට අවකාශ සළසා තිබෙන අතර අන්තර්ජාලයට පිවිස www.rangiri.com හරහා ද තෝරා ගත් වැඩ සටහන් නැරඹීමට අවකාශ ඇත. මැදහත්, සමබර සංකථන ප්‍රතිපත්තියක පිහිවා වැඩසටහන් ඉදිරිපත් කිරීමද රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ වගකීමයි. මාධ්‍ය ජාලයට අනුබද්ධිත - රංගිරි ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය මාධ්‍ය අධ්‍යාපනය ලැබීමට කැමති තරුණ තරුණියන් සදහා විවෘතව ඇති බවද එම මාධ්‍ය ජාලය විසින් දන්වා සිටියි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය